Episode 05

31 7 4
                                    

තවත් අලුත් දවසක ආරම්භය ක්... වෙනදා විදියටම රිෂ් අදත් වෙලාවටම ලෑස්ති වුණේ තව ටික දවසකින් තියන්න යන ස්විමින්ග් කම්පිටිෂන් එකට ප්‍රැක්ටිස් කරන්න...

රිෂ් පුතා දැන් එතකොට ඔයා බිස්නස් වැඩ වලට එකතු වෙන්න අදහසක් නැද්ද... අයියාය වගේම ඔයාටත් ඒ දේවල් ගැන අයිතියක් තියනවනේ ද පුතා...

උදේ කෑම ගන්න ගමන් කෑම මෙසේ ඉන්න රිෂ්ට Alex කිව්වෙ බර කටහඬින්...

අනේ ඒත් ඩැඩී මම කැමති ස්විමින්ග් වලින් ඉස්සරහට යන්නනෙ...

මල්ලිගෙ ආසාවනෙ ඩැඩී... එයාට බල කරන්නෙ ඇයි ඉතින්... එයාටත් ඕනම වෙලාවක කම්පනි එකට එන්න අයිතිය තියනවා... එයා එනකං මම බලාගන්නම් ඉතිං...

රිෂ් ගැන අපිරිමිත සෙනෙහසින් රිෂ්ගෙ අයියා Nikil Villein කතා කළේ තමන්ගෙ සොහොයුරා ඇත්තටම පිහිණුමට ඕනවටත් වඩා දක්ෂ නිසාත් එයාට ඒ එක්ක හරි ලස්සන අනාගතයක් තියෙනවමයි කියන දැඩි විශ්වාසෙත් එක්ක...

එහෙම කියලා හරියනවද නිකිල්... මල්ලිත් මේ දේවල් ගැන බලන්න ඕන නේද... නැත්තං ජීවිත කාලෙම පීන පීන ඉන්නද දන්නෙ නෑ අදහස මෙයාගෙ...

Alex අවසාන වචන ටික නං කිව්වෙ ටිකක් තදින්...රිෂ් කළේ වචනයක්වත් නොකියා ප්ලේට් එකත් කන්න වගේ ඔළුව පහතට හරවගත්ත එක... තවමත් පොඩි එකකු වගේ හැසිරෙන රිෂ්ගෙ මේ ඉරියව් දැකලා නිකිල්ට හිනාවක් ආවෙ වයසින් කොච්චර ලොකු වුණත් තාත්තාගෙ සැර වචනෙකට අදටත් ඒ බය තියන නිසා...

ආ ඩැඩී අපේ කම්පනි එකෙන් කරන අලුත් ප්‍රොජෙක්ට් එකට ස්පොන්සර් කෙනෙක් හම්බුණා... මට ඩැඩීට කියන්න බැරි වුණානෙ...

විනාඩි පහකට විතර පස්සෙ තිබුණ නිහැඩියාව බින්දෙ නිකිල්...

ආහ් ඒකනං හොඳ ආරංචියක් නෙ පුතා...

අනේ ඔව් ඩැඩී අපේ රූල්ස් වලටත් එයා ඇග්‍රී...

මමා මං එහෙනම් ගිහින් එන්නම්...

කතාව වෙන පැත්තකට හරවන්නත් හිතාගෙන ම ඉක්මනින් කෑම අරන් රිෂ් ප්‍රැක්ටිස් යන්න එලියට ආවෙ කියාරා ගෙත් ආශිර්වාද අරගෙනමයි...

ROSE (on going)Where stories live. Discover now