Episode 11

17 2 4
                                    

*

"ඇති කිංග් නවත්තපං.... මුන් මැරෙයි මනුස්සයො..."

බ්‍රැන්ඩෝ කියන්නෙ අත් කකුල් ගැටගහලා කිංග් බිම දාන් ගහන කිංගෙ ප්‍රධාන ගෝලයො දෙන්නා දිහා බලාන...

"හහ් මරන්න... ඔව් මරන්න තමා ඕන මුන් දෙන්නව. දෙකේ පන්තියේ පොඩි එවුන් වගේ වැඩ කරනවට...ඇත්තටම උබල දෙන්නට වර්ණ අන්ධතාවය ද... නැත්තං පොට්ටයිද කියහන්කො...කතාකරනවලා ඉතිං..."

"සො... සො... සොරි බොස්... ඒ දෙන්නම එකට නෙ ඉන්නෙ. මෙ.. අනික එක වගේ නිසා පැටලෙන්නැති..."

"ආෂ්... පැටලෙන්නැති... ඇයි උබලා දෙන්නා වපරයිද... ශිට් හැමදේම කෑවා තමුසෙලා දෙන්නා... මුන්ව අද..."

එහෙම කියනවත් එක්කම කිංග් අතේ තිබුණ ගොල්ෆ් ස්ටික් එකෙන් වැරෙන් පහරක් දුන්නෙ බිම වැටිලා හිටපු දෙන්නටම සිහිය නැතිවෙද්දි...

"එමෝ අරන් පලයන් මුන් දෙන්නව මට පේන්නෙවත් නැති දිහාවකට..."

කිංග් ළඟ ඉන්න තවත් ගෝලයෙක්ට කිව්වෙ ළඟ තිබුණ පුටුවත් තුනට කඩලා යන්න පොළොවෙ ගහන ගමන් ...

"කිංග් සංසුන් වෙයන් මිනිහො. දැං කේන්ති අරන් වැඩක් නෑ. මුන් ඒ බය කරපු කෙල්ලගෙ ගෙවල් වලින් මේ වෙනකොට මේක හොයන්න අරන් ඇති... දැන් මේක විසදගන්න කල්පනා කරහන්..."

"අහුවෙන්න විදියක් නෑ බ්‍රැන්ඩෝ අපේ උන් ලියාගෙ රූම් එකට රිංගන්න ප්ලෑන් කරපු විදියට මයි ඔය කෙල්ලගෙ රූම් එකට ගිහින් තියෙන්නෙ. අනික ඔය කෙල්ලගෙ රූම් එක තියෙන්නේ ලියා ඉන්න රූම් එකට හරියටම තට්ටුවකට උඩින්... ඒ කියන්නෙ අයිනෙ. ලියාගෙ රූම් එකට ප්ලෑන් කරපු විදියට ම මුං ගිය නිසා වැඩේ අහුවෙන්න විදියක් නෑ. මොකද ලොකුම දේ ඒ තට්ටු දෙකේම ඔය අයිනෙ තියන සීසීටීවී වැඩ කරන්නෙ නෑ. ඒනිසා ආව එක හොයාගන්න විදිහක් නෑ.අනික මුං දෙන්නා ආවෙ හොස්පිටල් එක මැදදේන් මාස්ක් හැමදේම ගලවලා නෝර්මල්. ඒ නිසා කාටවත් සැකයක් නෑ. මුං දෙන්නා කියපු දේවල් වල හැටියට බ්‍රැන්ඩො අහුවෙන්න විදියක් නං නෑ..."

"ඒත් මට නං සැකයි මේක අහුවෙයි කියලා...මොකද මුං දෙන්නා මේ වැඩේ නාගෙන තියන විදියට මට නං එහෙම හිතෙනවා... "

ROSE (on going)Where stories live. Discover now