Episode 12

16 3 3
                                    

"ප්‍රින්සි වැඩකද ඉන්නෙ කෙල්ල..."

ලියා හිටියෙ එයාගෙ කාමරේ ඇඳ උඩට වෙලා හනාට වුණ දේ ගැන හිතනගමන්...කල්පනාව බිදුණෙ කෙලල්ට අම්මගෙන් ආව කෝල් එකෙන්...

"නෑ මමා කියන්න..."

ඔන්න ඔයාට සතුටු හිතෙන දෙයක් කියන්න තමයි ගත්තේ...

"අනේ ඒ මොකක්ද මමා..."

ලබන සතියෙ මම ඔයා ළඟට එනවා දිගටම ඉන්න...

"ඔය ඇත්තමද මමා..."

"ම්ම් ඔව් ප්‍රින්සි යුනි එකේ චීෆ්ගෙන් මං ඉල්ලලා තිබුණෙ පුළුවන්කමක් තිබුණොත් මට කලින්ම යන්න ඕන කියලා.කොහොමහරි දැං වැඩේ හරි ඉතිං..."

"අනේ මට හරිම සතුටුයි මමා... මට පාළුත් නෑනෙ එතකොට..."

හිනාවෙලා එහෙම කිව්වට කෙල්ලට හිතුණෙම කෙල්ලගෙ අම්මටත් මෙහෙ ඇවිත් කරදරයක් වේවිද කියලා...

"හහ්... ඔය වෙන්නෙ මට වුණ හැමදේම... දැං එන්නකො ලොකු මැඩම් මෙහාට... "

කිංග් කිව්වෙ දරුණු හිනාවකින් ෆෝන් එක ටේබල් එක උඩින් තියන ගමන්...

අද ලියා දැනගෙන හිටියනං කෙල්ලගෙ ෆෝන් එක ට්‍රැක් කරපු වගක් කෙල්ල කීයටවත් මේ කෝල් එක ආන්ස්වර් කරන එකක් නෑ...

**********

"යාහ් රියෝ මොනවද මේ කියවන්නෙ උඹ... ඇයි කියුටිට කරදරයක් කරන්නෙ... එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි රියෝ... "

හනාට වුණ සිද්ධිය වචනයක් නෑර රියෝ කොල්ලට කිව්වෙ රිෂ් මේ ගැන දැනගන්න ඕනම කෙනෙක් නිසයි.

"මම දන්නවා බං. මටත් හිතාගන්න බැරි ප්‍රශ්නෙ ඕක..."

"මොකා වුණත් මං ඕකුන්ව යහතින් තියන්නෙ නෑ...එදා ඇලන් අංකල්ව මරපු මිනිහමයි අද මේ දේ පිටිපස්සෙත් ඉන්නවා ඇත්තෙ.ඕකා හැදෙන්නෙ නෑ කවමදාවත්.මගෙ අතින්මයි මේ පාර ඌ අවසන් ගමන් යන්නෙ... "

රිෂ් කියවන් ගියෙ තරහටත් දුකටත් රතු වුණ ඇස් වල කඳුළු පිරෙද්දි...

"මොකක්... උඹ මේක පිටිපස්සේ ඉන්න මනුස්සයා ව දන්නවද "

"කිංග්"

ROSE (on going)Where stories live. Discover now