Episode 14

20 4 7
                                    

කිංග්ගෙ ගෝලයො ටික මේ වෙනකොට කිංගෙ වගේම බ්‍රැන්ඩොගෙත් වාහන ටික කිංග් ගෙදරින් එළියට යැව්වෙ ඒ අය කවුරුත් මේ වෙලාවෙ ඉන්න ඕන නැති නිසා.ඒත් කිංග්, බ්‍රැන්ඩො දෙන්නම හිටියෙ කිංගෙ ගෙදර හදලා තියන රහස් කාමරේ.ඒක හදලා තියෙන්නෙ කාටවත් ලේසියෙන් හොයාගන්න පුළුවන් තැනක නම් නෙවෙයි. කිංග්ගෙ ගෙදර වොෂ් රූම් එකේ බිත්තියෙන් අඩක්ම උඩ ඉඳන් යටට තියන කණ්ණාඩියෙන් පිටිපස්සෙ තියෙන්නෙ සවුන්ඩ් පෲෆ් වෝල්ස් තියන කිංග්ගෙ කිංග්ඩම් එක හදලා තියන වෙනම තැනක්.මේ වෙනකොටත් officer ඩීන් ගෙ ටීම් එක කිංග්ගෙ ගේ වටලළා ඉවරයි.ඩීන් කිංග්ගෙ රූම් එකේ ඩෝ ලොක් එකට ෂූට් කලේ ඒක සෙන්සර්ස් වලින් වැඩ කරපු එකක් නිසා...ඒත් කිංග් මේ හැමදේම බලන් හිටියෙ එයා ඉන්න රූම් එකේ තියන වයර්ලස් සීසීටීවි සෙට්අප් එකෙන්... එක කැමරා එකක් හයි කරලා තියෙන්නෙ කිංග්ගෙ රූම් එකේ ගහලා තියන ඇන්කර් ශේප් වෝල් ක්ලොක් එකේ.

" හහ්...බ්‍රැන්ඩෝ ඔන්න උන් ඇවිත්..."

කිංග් කියන්නෙ දරුණු හිනාවක් එක්ක වොඩ්කා බෝතලෙන් ග්ලාස් එකකට වත් කරන ගමන්...

"කිංග් ෆිල්ම් එක බලමු නේ එහෙනං.පොප්කෝන් එහෙමත් තියනවා..."

"හහ්... බලමු බලමු..."

*********
හවස 5 වෙද්දි ලියා හොස්පිටල් එකෙන් එනවා කිව්ව නිසා හනා ෆිල්ම් එක බලලා 4 වෙද්දි පොඩ්ඩක් නිදාගන්න ගියෙ ලියා එනකොට ඇහැරෙන්න ඕන නිසා...
රූම් එකට වෙලා නින්දක හිටිය හනාට ඇහුණෙ ලියා ඇවිත් ඩෝ බෙල් එක උඩ නැගගෙන ඉන්නවා.හොඳ නින්දක හිටිය කෙල්ල එකපාරටම උඩගිහින් ඇහැරුණා...

"ආෂ් මේක නං ගිය ආත්මෙක ඝණ්ටාරයක්ම තමා"

බැන බැනම ඉක්මනට පහළට ගිහින් දොර ඇරියා...

"මොනාද බං කොච්චර වෙලාද ඇවිත්. බීරිමන්දා..."

කටත් ඇදකරන් ලියා ඇවිත් සෝෆා එකෙන් වාඩි වුණේ හනාට බනින ගමන්...

ROSE (on going)Dove le storie prendono vita. Scoprilo ora