Episode 03

42 9 4
                                    

යාහ් රිෂ්...

ආ.. ඕ.. කියහන්...

කැෆේ එකේ අයිනෙම ටේබල් එකේ ග්ලාස් වින්ඩෝ එකෙන් එලියට බලාගෙන හිටපු රිෂ්ගෙ කල්පනාව බිඳුනෙ රියෝ ගෙ කෑගැහිල්ලට...

කියහන් තමා... කන් ඇහෙන්නැද්ද මිනිහො මං කොච්චර වෙලාවක ඉදන්ද කතා කරන්නෙ... මිනිස්සු හිතනවා ඇති මං බීරෙක් එක්ක ෆන් එකක් ගන්නවා කියලා තනියම කතා කරලා...

යෝ මේකගෙ රැස්... මං වෙන කල්පනාවක හිටියෙ බං. ඒකට ඉතිං ඔච්චර කේන්ති ගන්නෙපා.මගෙ රියෝ කොල්ලා වයසට යයි හරිද...

රියෝ කෑගහපු විදියට හිස් කිව්වෙ හිනා වෙවී...

වයස... අහගන්නෙපා මගෙන් උබ... ගෑනි මැරිලා වගේ ඔහොම ඉන්නෙපා ඕයි... අනේ මංදා හැදෙන මනුස්සයෙක් නෙවෙයි උබ නං...

රියෝ රිෂ් දෙන්නා ගියේ කැෆේ එකකට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න.මොකද චයිනා ගිහින් ආවට පස්සෙ දවසකට විතර පස්සෙයි දෙන්නා මේ හම්බවුණේ... ඉදිකට්ටයි නූල් බෝලෙයි වගේ කොයි වෙලෙත් එකටම ඉන්න රිෂ් රියෝ ඩබලට දවසක්  එකට හිටියෙ නෑ කියන්නෙ සාංකාව තමා... හොඳම යාළුවා වුණාම එහෙමනෙ ඉතිං... කොහොමහරි දෙන්නම කොෆී එකක් බොන ගමන් රියෝ ගෙ බිස්නස් වැඩ ගැන, රිෂ්ගෙ වැඩ ගැන කතා කරන අතරෙ රියෝ ට කෝල් එකක් ආව නිසා රිෂ් වෙනම ලෝකෙකට දිව්වා... වෙනකොහෙටවත් නෙවෙයි ඒ.. එයාට අමතක කරන්න බැරි හිත පාරන ඒ අඳුරු දවසට...

මං දන්නෑ රියෝ මට මං ගැනම කලකිරීමක් දැනෙනවා එයාව මතක් වෙනකොට... මං එදා එයාව දාලා නොගිය නම් අද මෙහෙම නොවෙන්න තිබුණා...

රිෂ් මේ අහන්න... අපිට වෙන්න තියන දේවල් වෙනස් කරන්න කීයටවත් බෑ.ඒක වෙන්නැති ඔය දෙන්නගෙම දෛවය... ගිය දේ ගැන මතක් කර කර පසුතැවෙනවා කියන්නෙම නිකන් කාලය මරන වැඩක්.උබට අනිවාර්යෙන්ම එයාව මුණ ගැහෙයි.ඉක්මනටම... බොරුවට හිතින් වැටිලා ඔහොම ඉන්න ගියොත් ලෙඩෙක් වෙලයි උබ නතර වෙන්නෙ රිෂ්...

රියෝ කිව්වෙ හරිම කරුණාවන්ත විදියට... කාටත් වඩා රිෂ්ගැන රියෝ දන්නවා.මොකද පිටට කොච්චර හයියයි වගේ හිටියත් ඒ අතීතය මතක් වෙන ගානෙ රිෂ් හිතින් හුඟක් වැටෙනවා කියලා රියෝ දන්නවා...ඒ නිසාමයි කොල්ලගෙ හිත අතීතෙට දුවන හැම වෙලාවෙම රියෝ ඔය විදියට හිත හදන්නෙ...

ROSE (on going)Where stories live. Discover now