හරියටම අදට දවස් තුනක් ගෙවුණෙ කිසිම සිහියක් නැතුව ලියා හොස්පිටල් ඇඳක් උඩට වැටෙද්දි රිෂ්ව තව තවත් ප්‍රශ්න මැද්දටඅවුල් කරමින්.එදා රිෂ්ගෙ උරහිසට කඩන් වැටුණු ලියා අද වෙනකන්වත් ඇස් ඇරියෙ නෑ. කෙල්ලට තවම සිහිය නෑ...
රිෂ් හිටියෙ ලියාගෙ හොස්පිටල් රූම් එකේ කෙල්ලගෙ අතක් තදින්ම අල්ලගෙන ඒ ළඟින්ම වාඩිවෙලා...
"කොහොමද ඔහොම ඉන්නෙ කියුටි. මාව මේ විදියට පටලවලා. ඉක්මනට නැගිටින්න..."
"ආහ් ඩොක්ටර්..."
දොරෙන් මතුවුණ ඩොක්ටර්ගෙ රුව දැක්කම කොල්ලට නැගිට්ටවුණා ඉබේටම...
"නෑ මිස්ටර්.රිෂ් ඔහොම ඉන්න. මෙයාව බලන්නයි මම ආවෙ..."
විනාඩි දහයක් විතර ලියාව චෙක් කරපු ඩොක්ටර් ආයෙම හැරුණෙ රිෂ් දිහාට...
"මෙයාගෙ ගාඩියන් විදියට නම දුන්නෙ මිස්ටර්. රිෂ් නේද..."
"ඔව්.ඩොක්ටර්"
"හ්ම් මිස්ටර් රිෂ් දන්නවද මෙයා කෝමා එකක ඉදලා තියන කෙනෙක්. අපිට එයාගෙ ඊඊජී ස්කෑන් එකෙන් රිපෝට් කරගන්න පුළුවන් වුණා. එහෙම වුණ කෙනෙක්ට එකපාරම පරණ දෙයක් තදින්ම මතක් කරන්න ඔළුවට බර දුන්නම මෙහෙම වෙනවා..."
ඒ වචන ටික ඇහෙද්දි රිෂ්ගෙ ඇඟට කරන්ට් එකක් වැදුණා වගේ වුනේ ඒ තරම් දුක් වින්ද කෙල්ලටම නෙ එදා අරවිදියට මතක් කරන්න කියලා වද දුන්නෙ කියලා මතක් වෙද්දි...
"ඒ කියන්නෙ ඩොක්ටර් ආයෙම..."
රිෂ් ඇහුවෙ බිදුණු කටහඬකින්...
"ඔව් සමහරවිට ආයෙම කෝමා තත්ත්වයකට වැටෙයි. සමහරවිට හැමදේම මතකෙට එන්නත් පුළුවන්.ඒත් කිසි දෙයක් අපිට තවම හිතන්න බැරි එයා තවම ඇස් ඇරියෙ නැති නිසා..."
එහෙම කියලා රිෂ්ට කාරුණික හිනාවකින් සංග්‍රහ කරපු ඩොක්ටර් යන්න වුණේ ඊළඟට බලන්න ඉන්න පේෂන්ගෙ තත්වෙ නර්ස්ගෙන් අහන ගමන්...
"දෙයියනේ... මගෙ කෙල්ල..."
මෙච්චර වෙලා රිෂ්ගෙ ඇස්වල හිරකරන් හිටපු කඳුළු කඩාගෙන වැටුණෙ රිෂ්ටවත් නොදැනිම යි...
![](https://img.wattpad.com/cover/276489535-288-k250565.jpg)