part 2

715 134 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 2

#ffbjyx

මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී❤️💚

දැන් මගේ කතාව ඔයාලට කියවන්න පුලුවන් සදුදා,බදාදා,සිකුරාදා,ඉරිදා කියන දවස් වල හවස 6ට
...............................................................

කවදාවත් මේ තරම් ලස්සන සමනලයෙක් දැකලා නැති නිසාම ශාන් කුමාරයා පුදුම වුණා.ඉතිං එකපාරටම් එයාගෙ ඇහේ කොනක රැදිලා තිබ්බ කදුලු බිංදුවක් ඇවිල්ලා සමනලයගෙ තටුවකට වැටුනෙ කුමාරයත් නොදැනුවත්වමයි.
ඒ කදුලු බිංදුව වැටෙනවත් එක්කම සමනලයා කුමාරයගෙන් ඉවත් වෙලා අසල තිබුණ මලක වැහුවා .

කුමාරයා මේ සමනලයා දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන් 🦋

මේ වෙද්දි වහින්නත් පටන් අරන් තිබ්බ නිසා සමනලයා මලේම රැදිලා හිටියා.ඉතිං කවුලුව වහපු කුමාරයා සමනලයා ළගට ගිහින් සමනලයා එක්ක කතා කරන්න ගත්තා

🐰දන්නවද පුංචි සමනලයෝ මං මෙහේ පාලකයා වුණාට මට කාත් කවුරුත් නෑ,මං දන්නවා ඔයාට කතා කරන්න බැරි උනාට මං කියන දේ තේරෙනවා කියලා,ඒ හින්දා හැමදාම මාත් එක්ක ඉන්නවද?
මං ඔයාව හොදින් බලාගන්නම්.ඔයා මගේ ළගට ආව වෙලාවෙ ඉදන් මට හරිම සැනසීමක් දැනෙනවා,මාව දාලා යන්නෙ නැතුව මගේ ළගම ඉන්නව නේද😊

........................................................................
ඉතිං සාමන්‍යයෙන් සමනලයෙක් මිනිස්සු දැක්කම කලබල වුණත් මේ සමනලයා ශාන් කුමාරයා දැකලා බය උනේ නැති නිසා කුමාරයට පුලුවන් උනා එයා එක්ක යාලුකමක් ඇතිකරගන්න🦋
සමනලයා එයාව අල්ලන්නත් කුමාරයට ඉඩ දුන්නා.
ඉතිං ගොඩාක් වෙලා කියව කියව ඉදලා කුමාරයා නින්දට වැටුණා.
......................................................................................................................................................

ඉතිං පහුවදා උදේම නැගිට්ට කුමාරයා හෙව්වෙ සමනලයව,ඒත් සමනලයා පේන්න හිටියෙ නෑ .කුමාරයාට ගොඩාක් දුක හිතුනා .

ඔයත් මාව දාලා ගියාද පුංචි සමනලයෝ,ඇයි අනේ හැමෝම හැමතිස්සෙම මාව දාලා යන්නෙ,මං එච්චරම අවාසනාවන්තද කියලා හිතලා කුමාරයාගෙ ඇස් වලට ආයෙ කදුලු පිරුණා.

Behind the Butterfly(completed)Where stories live. Discover now