part 8

433 108 5
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
#ffbiyx

Episode 8

.........................................................................
මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
..........................................................................

ශාන්ගෙ පුරුද්දක් තිබ්බා හිතට ලොකු බරක් දැනුනම මුහුද ලගට ගිහින් හිත නිදහස් කරගන්න.ඉතිං උදේ වෙච්ච දේවලුත් එක්ක වැඩ කරන්න අමාරු නිසා ශාන් මුහුදු වෙරලට ගියේ හිත සැහැල්ලු කරගන්න,ටිකක් වෙලා එහෙම ඉද්දි හිතට සැහැල්ලුවක් දැනුන නිසා ශාන් ආපහු star entertainment එක තියන තැනට එන්න පිටත් වුණා ,

විනාඩි 15කට විතර ශාන් ඒ තැනට ලගාවෙනවත් එක්ක්ම තවත් වාහන පෝලිමක් එතනට ආවා,ඉතිං ඒ වාහන ඔක්කොම ගිහින් එක වාහනයක් විතරක් ඉතුරු වුණා, car එක park කරලා ශාන් බලං හිටියෙ මෙච්චර වාහන තොගයක් ආරක්ශාවට එන්න තරම් මේ වාහනේ ඇතුලෙ ඉන්නෙ කවුද කියල.

ඉතිං එහෙම බලං හිටපු ශාන් දැක්කෙ car එකෙන් බහින mask එකකුත් දාගත්ත චූටි කොල්ලෙක්

මෙච්චර පොඩි කොල්ලෙක්ට මෙච්චර ලොකු ආරක්ශාවක් හහ් ජනාධිපතිගෙ පුතාද දන්නෑ,අපි බලමුකෝ,එහෙම හිතපු ශාන් වෙලාවත් බලලා ඔහුවත් පහුකරන් ඉක්මනට ගියේ තමන්ට කතාකරපු manager Raguweerව හම්බවෙන්න.

තමන්වත් පහුකරගෙන යන ඒ ආඩම්බරකාරයා ගැන යීබෝ නම් බලන් හිටියෙ පුදුම වෙලා,මොකද යීබෝ කියන්නෙ ප්‍රසිද්ධ කෙනෙක් නිසා ගොඩක් අය එයා එක්ක කතා කරන්න හදන්නෙ බලෙන්,එහෙම තියෙද්දිත් හැරිලවත් බලන්නෙ නැතුව ගියපු ඒ කෙනා නිසා යීබෝට නම් ටිකක් තරහා ගියා,ආයෙත් මතක් වුණා තමන් mask එකක් දාලා නේද කියලා,ඒක මතක් වෙලා හිනාවක් ගියපු යීබෝ ඔලුවටත් ගහගෙන ඇතුලට ගියේ guardවයි චෙන්වයි එලියෙන් තියලා.
..........................................................................

ඉතිං Raguweerව හම්බවෙලා ශාන් studio එකට ඇවිල්ලා හෙව්වෙ යීබෝව,මොකද ඒ වෙද්දි Raguweer ශාන්ට කියලා තිබ්බා එයාට කරන්න තියෙන්නෙ famous singer Wang Yiboගෙ shoot එකක් කියලා.
ප්‍රසිද්ධ ගායකයෙක් කිව්වට ශාන් නම් යීබෝව දැකලා තිබ්බෙ නෑ,මොකද එයා හැමතිස්සෙම කලේ එයාගෙ studio එකේ ඉදන් එක්කො චිත්‍ර අදින එක,නැත්නම් කාගෙහරි photoshoot එකක වැඩ.
...........................................................................

Behind the Butterfly(completed)Where stories live. Discover now