part 4

529 118 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

#ffbjyx

Episode 4

මගේ කතාවට Like ,Comment කරන හැමෝටම ස්තූතී💛

............................................................

කුමරු සූදානම් වී ආහාර අනුභව කොට රාජසභාවට පැමිණ පෙර දිනවල මෙන්ම සාමකාමී අයුරින් ගැටලු විසදීය.
ගැටලු විසදා අවසානයේ ඔහු නැවත පිටවූයේ රාජසභාව සතියකට කල් දමමින්

කාමරයට පැමිණි කුමරු බලා සිටියේ රාත්‍රිය උදාවන තුරුය,කෙතරම් කාලය යවා ගැනීමට උත්සාහ කලත් රාත්‍රිය පැමිණීම ඉතා ප්‍රමාද බවක් තමයි ඔහුට දැනුණේ.
කෙසේ හෝ කාලය ගෙවා දැමීමට ඔහු පොතකුත් රැගෙන සයනයට ගොඩවිය.පෙරදින වලත් හරිහැටි නින්දක් නොලත් නිසා නොදැනුවත්වම කුමරුව නිදි දෙව්දුව රැගෙන ගොස් තිබුණි.

කෙසේ හෝ පැය 2ක පමණ නින්දකින් පසු කුමරු එක්වරම ගැස්සී අවදි විය.අවදි වූ පසු ඔහු දුටුවේ අලංකාර සමනලයා නැවත  තම නාසය මත් වසා සිටිනා බවයි.එක්වරම සමනලයා නහයෙන් ඉවත් වී කුමරුගේ දෙතොල් මත වැසීය💋

එම ස්පර්ශයත් සමගම ඩෙස්මියන් නැවත මතුවිය.
👼උතුමාණෙනි
🐰ඩෙස්මියන් ඔබ පැමිණ ඇත
👼උතුමාණෙනි ඔබ සූදානම් වන්න ඔබ අයත් ස්තානයට යන්න
🐰මා අයත් ස්තානය?එය කුමක්ද?
👼ඔබතුමාට එහි ගිය පසු දැනගත හැකිවේවි.
🐰හොදයි,ඔබට කිව හැකිද මේ සමනලයා කවුරුන්ද යන බව වත්?
👼උතුමාණෙනි ඔය Angel Green උතුමාණන්ගේ ආත්මය, සමනලයාගෙන් නිරූපණය වන්නේ එතුමන්ගේ ආදරය හා ආරක්ශාව
ඔබතුමා ඔබතුමාගේ මෙහෙයුම සම්පූර්ණ කල යුතුයි.එතුමාව ආරක්ශා කර ගැනීමට නම්.
🐰මගේ මෙහෙයුම?Angel Green?
එතකොට ඔබ පවසන ආකාරයට මගේ නම කුමක්ද?
👼ඔබතුමා Angel Red උතුමාණන් ස්වර්ග ලෝකයේ දෙවන පාලකතුමා,ඔබතුමාගේ ආත්මීය සහකරු තමයි ස්වර්ග ලෝකයේ ප්‍රදාන පාලකතුමාගේ මලණුවන් වන Angel Green උතුමාණන්.
🐰ඔබට පුලුවන්ද මට සියල්ල පැහැදිලිව පවසන්න?
👼උතුමාණනි මට අද නම් ඔබතුමාට සියල්ල පැවසිය හැකියි,නමුත් ඔබ අදාල ස්තානයට ගිය පසු ඔබට සියල්ල අමතක වේවි,නමුත් මා දැන් පවසන සියල්ල යම් දිනක ඔබතුමා නැවත මතක් කරගත යුතුමයි,එවිටයි ඔබතුමන්ලාට නැවත ස්වර්ග ලෝකයට පැමිණිය හැකි වන්නේ.
🐰එවිට ඔබ පවසන්නේ ඔහුත් එහි සිටින බවද?අපි අයත් වන්නේ ස්වර්ග ලෝකයට බවද?එසේනම් කිමද මට කිසිවක් මතක නැති වූයේ?
👼එය ශාපයක් උතුමාණෙනි,මදක් ඉවසන්න මා එය පවසන්නම්
🐰හොදයි පවසන්න
...........................................................................
👼Angel Red සහ Angel Green තමයි ඔබතුමන්ලාගේ නම්,මුලු ස්වර්ග ලෝකයේම විශාල පාලන කොටසක් ඔබලාගේ පවුල් සතුවයි තිබුණේ,ඔබතුමන්ලා ආත්මීය සහකරුවන් බව ස්වර්ග ලෝකය දැන සිටියත් ඔබ දෙදෙනා ඒ බව දැන සිටියේ නැහැ,එය කවදා හෝ සිදුවිය යුතුම බව අප දැන සිටියා,ස්වර්ග ලෝකයේ මෙම අධිකාරිය බිද දැමීමට කිසිවෙකුට නොහැකී,කෙසේ හෝ බොහෝ කාලයක් ගත වුවත් ඔබතුමන්ලා දෙදෙනා එය හදුනා ගත්තේ නැහැ.නමුත් වෙනත් කෙනෙකු සමග ආදරයෙන් බැදුනේත් නැහැ,ඉතින් බොහෝ කාලයක් ගතවූ පසු Angel Green උතුමාණන් ඔහුගේ හැගීම් තේරුම් අරන් ඔබතුමා ළගට එන්න සැරසුණා,නමුත් එතුමා ඔබතුමාණන්ට සමීප වීමට පෙර Shadow Purple කියන දේවතාවිය ඔබතුමාට සමීප වුණා,එම දේවතාවිය ඉතාමත් කුරිරු අයෙක්,එතුමිය ඔබතුමාට සමීප වූයේ ඔබතුමන්ලා දෙදෙනාම විනාශ කිරීමට ,නමුත් ඔබතුමාගේ හිත හොද නිසා එය තේරුම් ගැනීමට ඔබතුමාට නොහැකි වුණා,එතුමිය දැන සිටියා Angel Green උතුමාණන් ඔබතුමා කෙරෙහි එතුමන්ගේ හැගීම් ගැන දැනුවත් වූ බව.නමුත් ඔබතුමා එතුමා කෙරෙහි ඔබතුමාගේ හැගීම් තේරුම් ගෙන නොසිටි බැවින් එය ඇයට විශාල පිටුවහලක් වුණා.
Angel Green උතුමාණන් බොහෝ උත්සාහ කලා ඔබතුමාට සමීප වීමට,නමුත් ඇයගෙන් එයට අවස්තාවක් හිමිවූයේ නැහැ ,ටික කාලයක් ගතවූ පසු ඇයට හැකිවුණා ඔබතුමාගේ හොදම මිතුරිය බවට පත්වෙන්න.ඔබතුමා ඇය පවසන ඕනෑම දෙයක් ඉහලින්ම පිලිගත්තා,එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඇය හැකි සෑම විටම Angel Green උතුමාණන්ට කරදර කිරීමට පටන් ගත්තා.ඔබතුමා Angel Green උතුමාණන්ට එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ,මක්නිසාද යත් ඇය ඔබතුමාට එතුමාණන් ගැන මුසා බස් විශාල ප්‍රමාණයක් පවසා තිබූ නිසා ඔබතුමාට Angel Green උතුමාණන් ගැන තිබුණේ අපහැදීමක්,නමුත් එතුමා ඉතා අහිංසක කිසිදු වැරැද්දක් නොකරන අයෙක්.
ඇයගේ මෙම ක්‍රියාකලාප නිසා ඔබතුමන් ගන්නා තීරන වලට මුලු දේව සභාවම බොහෝ කලකිරීමෙනුයි සිටියේ,විශේශයෙන්ම Angel Green උතුමාණන්ට ඔබතුමා සලකන ආකාරය නිසා.

දිනක් Shadow Purple දේවතාවිය ඔබතුමාට පැවසූ දෙයක් නිසා තමයි මේ සියල්ල උඩු යටිකුරු වූයේ.

🐰එය කුමක්ද?මා කෙතරම් නරක කෙනෙක්ද ? කොහේද දැන් ඔහු ? අනේ මට පවසන්නකෝ😥

👼එම දේවතාවිය පැමින පැවසූවා Angel Green උතුමාණන් ඇයව වැරදි ලෙස ස්පර්ශ කර කරදර කිරීමට උත්සාහ කල බවට,ඉතින් එය විශ්වාස කල ඔබතුමා මුලු ස්වර්ග රාජ්‍යයම ඉදිරියේ ඔහුට අපහාස කර බැන වැදුනා.ඉතින් කිසිවක් නොදන්නා Angel Green උතුමාණන් දෙස හැමෝම බලා සිටියේ දුකින්,මොකද මුලු ස්වර්ග රාජ්‍යයම දැන සිටියා ඔහු නිවැරදිකරු බව,නමුත් ඔබතුමා ඒ කිසිවක් පිලිගත්තේ නැහැ,ඔබ විශ්වාස කලේ Shadow Purple දේවතාවියගේ වචන පමණයි,ඔබතුමාගේ මේ හැසිරීම ගැන මුලු දේව සභාවම කලකිරිලයි සිටියේ,විශේශයෙන්ම Angel Green උතුමාණන්ගේ සහෝදරයා Angel Purple උතුමාණන්,

අපහාස කර නොනැවතුණු ඔබතුමා එතුමාණන්‍ට දඩුවම් කිරීමටත් නියම කලා, එවිට තමයි මුලු ස්වර්ග රාජ්‍යයම කැලඹුණේ,ඔබතුමා ඔබතුමාගේ බලයෙන් Angel Green උතුමාණන්ගේ ආත්මය මේ සමනලයා තුලට ඇතුලු කලා,ඔබතුමාගේ මෙම ක්‍රියාවත් සමග මුලු දේව ලෝකයටම අධිපති White King උතුමාණන් පැමිණියා.

එතුමන් පැමිණ Shadow Purple දේවතාවියව අහසේ පා වෙන්නට හැර ඔහුගේ බලයෙන් මෝහනයට ලක් කලා,එවිට ඇය සිදුකල සියලු වැරදි පාපෝච්චාරණය කලා,එවිට ඔබතුමන්ට ඔබතුමා ගැනම විශාල කලකිරීමක් දැනුණා,
ඔබතුමා සමනලයා ලගට ගොස් බොහෝ කදුලු සැලුවා,නමුත් ප්‍රයෝජනයක් වුණේ නෑ,සමනලයෙක් තුල ආත්මයක් සිරකල පසුව එය යතා ත්ත්වයට පත් කිරීමට නම් දේව ලෝකයේ අදිපති White King උතුමාණන්ගේ සහාය අවශ්‍ය වනවා,නමුත් එතුමන් ඔබතුමා සමග කෝපයෙනුයි සිටියේ,එබැවින් ඔබතුමා උපකාර ඉල්ලූ පසු එතුමා ඔබට උපකාර කරන්නට ඉදිරිපත් වුණේ ශාපයක් සමගයි.

to be continued

..............................................................

ඔන්න ඔයාලගෙ ප්‍රශ්න ටිකක් විසදුවා😁

🚫මෙය මාගේ උපකල්පනයක් බැවින් මෙහි එන කිසිදු චරිතයකට සම්බන්දයක් නොමැත🚫

🚫අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫

Behind the Butterfly(completed)Where stories live. Discover now