part 9

430 111 11
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

#ffbjyx

Episode 9

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

*අද ටිකක් බෝරිංද මන්දා

...............................................................

යීබෝ වැටෙනවත් එක්කම  හොදටම බය වුණ ශාන් කෑගහගෙනම යීබෝව දෝතට අරගෙන එයාගෙ car එක පැත්තට දිව්වෙ යීබෝව hospital ගෙනියන්න.
එලියෙ හිටපු චෙනුත් මේ සිද්ධිය දැකලා ශාන් හිටපු පැත්තට දුවගෙන ගියේ මොනවා උනත් කාටහරි කරදරයක් කියලා හිතාගෙන.
car එක ළගටම ගියාම තමයි චෙන් දැක්කෙ ඒ හිටියෙ යීබෝ කියලා,එතකොට තමයි එයාට තරු පෙණුනෙ.

👨දෙවියනේ යීබෝ,මොකද්ද උනේ මෙයාට
🐰එකපාරටම වැටුණා,කෝ එහාට වෙන්න ඉක්මනට මෙයාව ගෙනියන්න ඕන අනික ඔයා කවුද?
👨අනේ මං මෙයාගෙ හොදම යාලුවා,ඔයා කවුද?
🐰මං තමා අද මෙයාගෙ shoot එක කලේ,අනික කතා කර කර ඉන්න වෙලාවක් නෑ ඉක්මනට යන්න ඕන
👨හරි හරි මාත් එන්නම් යමු,මං යීබෝව ගන්නම් ,ඔයා වාහනේ ගන්න

චෙන් එහෙම කිව්වත් ශාන්ට යීබෝව චෙන්ගෙ අතට දෙන්න බැරිවුණේ ගලවගන්න බැරි තරම් තදට යීබෝ ශාන්ගෙ අතේ එල්ලිලා හිටපු නිසා අත අතාරවන්න හදද්දි ඒ අත තවත් ශාන්ගෙ අතේ වෙලුනා,
(යීබෝට මේ වෙද්දි යන්තමට සිහිය ඇවිත් තිබුණා හොදේ😌)
ඉතිං ශාන්ගෙ අත ගලවගන්න බැරි නිසාම චෙන්ට සිද්දවුණා වාහනේ ගන්න.ඊටපස්සෙ ශාන් යීබෝවත් අරගෙන පිටිපස්සෙ ශීට් එකට නැග්ගා,චෙන් වාහනේ ගනිද්දි ශාන්  එහායින් තිබ්බ වතුර බෝතලේ අරගෙන යීබෝගෙ මූණෙ ගෑවා ,එතකොට යීබෝගෙ තොල් යන්තමින් සෙලවෙන්න ගත්තා.ශාන් බලන් හිටියෙ ඒ ලස්සන තොල් දිහා ,

ඒ ලස්සන තොල් දිහා වගේම මූණ දිහා බලන් හිටපු ශාන්ට හිතුණෙම ඒ මූණම උමතුවෙන් සිපගන්න.ඒත් ආයෙ එයා හැගීම් පාලනය කරගත්තෙ එයාට හිතෙන දේවල් වලටම දොස් කියාගනිමින්,
එතකොටමයි ශාන්ට මතක් වුණේ උදේ ඇහුණු කටහඩ,

"එතකොට මට නැති කරගන්න එපා කිව්ව කෙනා මෙයාද?නෑ නෑ වෙන්න බෑ.ඒක නිකං මනස්ගාතයක් විතරයි,අනේ මන්දා මගේ නම් ඔලුවත් විකාරයි වගේ"
ඔය විදියට එක එක දේවල් ශාන්ට හිතෙද්දි එයා ගැස්සිලා ගියේ යීබෝ කෙදිරිගාපු නිසා.

Behind the Butterfly(completed)Where stories live. Discover now