සුර දූතයා 🤴

796 132 45
                                    

"පුතේ නැගිටින්න පළවෙනි දවසෙම පරක්කු වෙන්නද හදන්නේ ඔයා ආ... ඉක්මනින් නැගිටින්න " 

ෂියාඕගේ අම්මා කාමරයේ දොරට තඩිබෑවේ ඔහුව ඇදෙන් බිමට පතබාවමිනි .

"අයියෝ.. අම්මා "

"මල්ලිටත් පරක්කු වෙනවා ඉක්මන් කරන්න. "

"හරි අම්මා මේ එනවා "

ෂියාඕ ඉක්මනින් ලෑස්ති වී පහළට ගියේ අද දිනයේ ඔහුගේ පළවෙනි විශ්වවිද්‍යාලය දිනය නිසයි. පියාගේ ව්‍යාපාර වලට එකතු වීමට වැඩි කැමැත්තක් නොපෙන්වපු  ෂියාඕ. තවදුරටත් ඉගෙන ගැනීමේ ආසාව නිසා චීනයේ හොදම විශ්වවිද්‍යාලයට ඇතුළු උනා.

"අම්මේ මන් යනවා එහෙනම් තාත්තටත් කියන්න " අම්මාගේ ආශිර්වාදය ලබා ගත් චෙන් සහ ෂියාඕ වාහනයට ගොඩ වූහ.

අද ෂියාඕ ගේ පියා ගෙදර නොසිටියේ ඔහු ව්‍යාපාරික කටයුත්තකට නිවසින් බැහැරට ගොස් සිටි නිසයි. ඉතා කාර්‍යබහුල  ඔහු නිවසේ සිටියේ මාසෙකට දවසක් හෝ දෙකක් පමණයි.

•••••••••••••••••••••••••••••••••••••••••••

මේ අතර වැන්ග් නිවසේ මහා කලබැගෑනියකි.

බෝගේ මව මියගිහින් අදට වසර දහයක් ගෙවී ගිහින්. අද දසවැනි අනුස්මරණ දිනය. ඒ අතරේම අද බෝගේ පළමු විශ්වවිද්‍යාලයට දිනයත් යෙදී තිබුනා. වැන්ග්  පව්ලම අද  ලහි ලහියේ මවගේ අනුස්මරණය වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් සිටියේ.

"බෝ  ඔයා දැන් යන්න ඔයාට දැනටමත් පරක්කුයි මන් කට්ටියත් එක්ක මේ වැඩ ටික බලා ගන්නම් " ඒ බෝගේ සහෝදරයා හයිකුආන්

"බ්‍රෝ මම අද ඉන්නම් "

"අම්මත් සතුටු වෙයි බෝ එයා ඉන්න තැනක ඉදන් .ඔයා අද යන්න බෝ අද පළවෙනි දවසනේ. ඩ්‍රයිවර් එක්ක යන්න ඉක්මනින් ලෑස්ති වෙලා . "

හයිකුආන් ගේ කීමටම බෝ ඉක්මනින් ලෑස්ති වෙලා ගියත් අද නම් එයා පොඩ්ඩක් පරක්කුයි .

••••••••••••••••••••••••••••••••••••••••••••

සුන්දර සිනහවත් සමඟ කාරයෙන් බැසගත් ෂියාඕ  ගේට්ටුවෙන්  ඇතුළු වෙද්දි ම කෙල්ලොන්ගේ දෑස් වලට හසු වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now