විවාහය. 💍

518 117 85
                                    

සතියට දෙතුන් වතාවක් හෝ ඔවුන් එකිනෙකා අමතමින් දුක සැප බෙදා ගන්නට අමතක කලේ නැත. ඔවුන් මුණගැසුණු කාලයක් නම් ළඟ පහතක නොවුනි.නමුත් කාලය නම් ගෙවී ගොසිනි.

කුඩා දරු පැටියෙකුගේ පියෙක් වුණු හයිකුආන් තම පියාගේ ව්‍යාපාර කටයුතු බෝ හා සමව බෙදා ගත්තේය.

බෝත් දැන් විශ්වවිද්‍යාල කටයුතු නිමා කර බොහෝ කලක් ගෙවී ගොසිනි. තමා හා ඒ කල මිතුරියක් වූ පාර්ක් හා මේ වන විට ඔහුගේ හොදම මිතුරිය වී තිබුණේ එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමිනි.

ෂියාඕ ත් යැන්සිත් මේ වන විට එකිනෙකා බොහෝ දුරට තේරුම් ගෙන තිබුණි. යැන්සි නම් පෙර මෙන් නොව ඇය ෂියාඕ සමඟ නිතරම සමඟියෙන් සිටින්නට උසහ ගත්තාය. ෂියාඕත් පියාගේ ව්‍යාපාර කටයුතු තනිවම කරගෙන ගියේ පියාට රටින් පිට ඇති ව්‍යාපාර වෙත පමණක් අවදානය යොමු කරන ලෙස ඉල්ලමිනි.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මේ සුන්දර හේමන්තයේ බෝ උදෑසනම  අවදිවී පහළ තට්ටුවට යනවිට,

"පුංචි බේබි ලියුමක් ඇවිත් තියෙනවා"
සේවකයෙක් පැමිණ රතු පැහැ ලියුම් කවරයක් ඔහු අත තබා ගියේය.

"පුංචි බේබි ලියුමක් ඇවිත් තියෙනවා"සේවකයෙක් පැමිණ රතු පැහැ ලියුම් කවරයක් ඔහු අත තබා ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ මොකක්ද ?"🙄

එය පරිස්සමෙන් විවෘත කළ ඔහුගේ සියොළඟ ම පණ නැතිව ගියේය.

ඔව්, ඒ වෙඩින් කාඩ් එකක් ඒත් කාගෙන්ද?

බෝව බිම ඉන්දුනා දැයි ඔහුව බිමට වැටුනා දැයි සිතා ගත නොහැක . මෙතුවක් කල් තමන් පෙම් කළ තම ප්‍රථම ප්‍රේමය වූ ඔහු විවාහා වීමටයි යන්නේ.... ඔව් ඒ බනීගේ විවාහා ආරාධනා පත.

තවත් සතියකින් සිදුවන තම පෙම්වතාගේ විවාහා මංගල්‍යයට තමාටම ආරාධනා පත්‍රයක් එවා තිබුණි.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now