ඒ කවුරුන්ද ❓

364 104 36
                                    

තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය දින සති මාස ගෙවී ගියේය. ෂියාඕ ගේ නිවසේ පදිංචියද මේ වන විට වෙනස් කර තිබුණි. ෂියාඕගේ මවගේ ඉල්ලීම මත ඔහුගේ පියා ඔහුව වෙනත් විශ්වවිද්‍යාලයකට ද ඇතුළත් කර තිබුණි.

මේ නව වසරක ආරම්භයයි .

බෝ තවමත් ෂියාඕගෙන් ඇමතුමක් එන තුරු මඟ බලා සිටියේය. යුබින් මේ වන විටත් ෂියාඕට සිදු වූ දේ ඔහුට පවසා සිටියේ තවමත් එතැයි කියා මඟබලා සිටින තම පෙම්වතා ඔහුගෙන් සදහටම  දුරස්  වී ඇති බව පහදා දෙමිනි. යුබින් බෝ හට දැන් සහෝදරයෙක් මෙන් ඔහුගේ ළගින්ම සිටියේය. ෂියාඕ නොමැති වේදනාව නිසා ඔහුගේ මුවඟ රැදී තිබුණු අව්‍යාජ සිනහව දැන් මැකී ගොසිනි.

 ෂියාඕ නොමැති වේදනාව නිසා ඔහුගේ මුවඟ රැදී තිබුණු අව්‍යාජ සිනහව දැන් මැකී ගොසිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝගේ මුළු ජීවිතයම කදුලින් තෙමී ගියේය. නමුත් ඔහු තම සිතේ බලාපොරොත්තුවක් තබාගෙන සිටියේ කවදාක හෝ ෂියාඕ තමා වෙත පැමිණෙයි යන සිතුවිල්ල ද සමඟයි. තම පියාගෙන්ද ෂියාඕ හට ආලය කිරීමට ඔහුට අවසර ලැබී තිබුණි. නමුත් දැන් ආලය කිරීමට ෂියාඕ ඔහු සමඟ නොමැත. නොමැකෙන පිටුවක් වුනු ෂියාඕ ඔහුගේ හදවත නැමැති පුස්තකයේ සදහටම රැදී තියේවි.

ෂියාඕ බෝ හට කිසිදිනෙක ඇමතුමක් ලබා නොගත්තේ තවදුරටත් ඔහුගේ සිත රිදවීමට නොහැකි නිසාත් ඔහුට මුහුණ දීමේ හැකියාවක් තමා සතු නොවුන නිසාවෙනි.නිවසෙන් වූ දැඩි බලපෑම නිසා යැන්සි සමඟ විවාහ වීමට ඔහු කැමැත්ත පළ කලේය. නමුත් යැන්සි මීට පෙර ෂියාඕ  පිරිමියෙතු සමඟ ආලයෙන් බැදී සිටි බව කිසි දිනක දැන සිටියේ නැත.ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය ගැන ඔහුගෙන් නොවිමසීමට ද වඟ බලා ගත්තාය. ඇය දැන සිටියා ඔහුගේ ප්‍රථම ප්‍රේමය ඔහුට සිහි වීම පවා වේදනාවක් ගෙන දුන් බව.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now