චාරිකාව 🎵

450 111 25
                                    

උදෑසන 4 පසුවී විනාඩි කිහිපයකි. බෝ අවදි වූයේ ෂියාඕ ගේ දුරකථන ඇමතුමෙනි.

"ලියෝ මැණික.."

"ගුඩ් මෝනිං බනී මන් දැන් නැගිට්ටේ"

"ගුඩ් මෝනිං රත්තරනේ .. ඉක්මනින් ලෑස්ති වෙලා වේලාසනින් එන්න "

" බනී තව වෙලා තියෙනවා නේ චුට්ටක් මෙහෙම කතා කර කර ඉමුකෝ.."

" ලියෝ ඉක්මනින් ලෑස්ති වෙලා ආවොත් අනිත් අය එන්න කලින් අපිට කතා කර කර ඉන්න පුළුවන් "

"ම්ම් .. හරි බනී ඉක්මනින් එන්නම් එහෙනම් ලෑස්ති වෙමු."

ඔවුන් දෙදෙනා සූදානම් වූයේ අද දින යෙදී තිබුණු වාර්ෂික චාරිකාව සදහායි. පෙර දින රාත්‍රියේ සොදුරු මතක අව්ස්සමින් බෝ සහ ෂියාඕ සූදානම් වී නිවසින් පිට වුණි.

විශාල ප්‍රමාණයේ බස් රථ කිහිපයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට නවතා තිබූ අතර කිසිවෙකුත් තවමත් පැමිණ සිටියේ නැත. ෂියාඕ බෝට කලින් ඩ්‍රයිවර් සමඟ පැමිණියේය. විනාඩි කිහිපයක් යනවිට බෝ ද පැමිණියේ ය.

දෙදෙනාම කාර් වලින් බැස ඩ්‍රයිවර්ලා පිටත් කර යැවූහ. ඔවුන් අද මල් කුමාරයෝ මෙන් සුන්දරව කැපී පෙනුනි. දෙදෙනාම එකම ඇදුම් ඇද සිටි නිසා බෝ කවුද ෂියාඕ කවුද කියලා හදුන ගැනීමට පවා අපහසු විය.

"බනී ඔයා අද හරි ලස්සනයි "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බනී ඔයා අද හරි ලස්සනයි "

"ලියෝ ඔයත්, ඒක නෙවෙයි ඇයි මට බනී කියන්නේ.."

"අහ් බනී ඔයා හාවෙක් වගේ මන් ඔයාව දැකපු පළවෙනි දවසේ ඉදන්ම ඔයා තමා මගේ හා පැටියා.."

එසේ කියමින් බෝ තම බෑගයෙන් කුඩා පෙට්ටියක් ගෙන ෂියාඕ අත තැබුවේය.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now