සතුට සමඟ වේදනාව.😞

457 111 32
                                    

උදෑසනම අවදි වුන බෝ තම තුරුළේ නිදා සිටින පුංචි හා පැටියා දෙස බලා සිටියේ මවක් තම දරුවන් දිහා ආදරයෙන් බලා සිටින්නාක් මෙනි. ෂියාඕ තවමත් සුව නින්දේ පසුවෙන්නේ බෝගේ උණුසුම් පපුතුරුලේය. අනෙක් ළමයින්ගේ කාමර තුළින් ශබ්ද ඇසෙන්නේ ඔවුන් නැවතත් ගමනට සූදානම් වන බව අඟවමිනි. ඔවුන්ද සූදානම් විය යුතු බව මතක් වූ බෝ,

"මැණික නැගිටින්න අපි ලෑස්ති වෙමු"
ෂියාඕ ගේ හිස කෙස් අතර තම අත යවමින් ඔහුගේ හිස සුමුදුව පිරිමදිමින් බෝ ආදරයෙන් කතා කළේය. සුව නින්දක සිටි ෂියාඕ අවදි වූයේ තම පෙම්වතාගේ සුමුදු ස්පර්ශයෙනි.

"බෝ.."

"ම්ම්ම්ම් රත්තරනේ .."

"ඔයා ගිහින් ලෑස්ති වෙන්න ලියෝ මගේ බඩ රිදෙනවා ටිකකින් මන් ලෑස්ති වෙන්නම් "

"අනේ මැණික ගොඩක් රිදෙනවද " බෝට බනීගේ සියුම් වේදනාවක් හෝ ඉවසීමට නොහැකිය. ඔහුගේ දෑස් අගින් කඩා වැටෙන කදුළු කැට කොපුල් මතින් රූරා වැටුනේ ෂියාඕ ටද නොපෙනෙමිනි. විනාඩි කිහිපයක් තම පෙම්වතාගේ උදරය සියුම්ව අත ගෑ බෝ,

"තවමත් රිදෙනවා ද මැණික "

" නෑ බෝ කමක් නෑ ඕක අඩු වෙලා යයි ඔයා ලෑස්ති වෙන්නකෝ" ඇදෙන් බැසීමට සූදානම් වෙමින් ෂියාඕ පැවසුවත් ඔහුගේ වේදනාව නිසා එය කිරීම අපහසු විය.

ඇගේ නූල්පොටක් හෝ නොමැති තම ආදණීය පෙම්වතාව දෑතින් ඔසවා ගත් බෝ ඔහුවද රැගෙන නාන කාමරය වෙත ගියේ දෙදෙනාම පිරිසිදු වීමටයි. ෂියාඕ ට නම් තරමක ලැජ්ජාවක් නොතිබුනා නොවෙයි. එහෙත් බෝගේ ආලය හමුවේ ඔහුට කිසිදු ලැජ්ජාවක් නොදැනුනේය.

සියළු ම සිසුන් ලෑස්ති වී උදෑසන ආහාරයද රැගෙන නැවතත් ගමන් ආරම්භ කලහ. මේ අතර ෂියාඕ සහ බෝ මුළු කයම වැසෙන ලෙසින් ඇදුම් ඇද සිටීම යුබින්ට සැක පහල කළේය. නමුත් ඔහු ඒ පිළිබදව කිසිවක් නොවිමසා සිටීමට වග බලා ගත්තේය.

"ඊයේ රෑ හොදට නිදා ගත්තද " යුබින් කට කොනින් සිනා සෙමින් ෂියාඕ ගෙන් ඇසුවේය.

"නෑනී අපි සිංදු කිව්වා"

"ආ ඒක මිසක් 😹✋"

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now