රතු රෝස මල 🌹

516 123 25
                                    

මේ ලෙස මසක් පමණ ගෙවී යන්නේ එකිනෙකා තුළ මෝදු වෙමින් පවතින හැගීම් තව තවත් වැඩි වෙමිනි. ගෙවී ගිය මාසය පුරාවට බෝ ෂියාඕ අතර මිදුදම වර්ධනය වූයේ ඔවුන්ගේ හදවත්ද ඔවුන්ට නොදැනීම බැදෙමිනි.

තරුණියක් හා ප්‍රේමයෙන් වෙලී යුබින් කාලය ගත කලේ තම හදවතම ඇයට ලබා දෙමිනි. පියාගේ ව්‍යාපාර කටයුතු බාර ගත් හයිකුආන්ද තම සිත් ගත් තරුණියක් හා ආලයෙන් වෙලී සිටියේය.

මේ අතර යැන්සි තම සිතේ හටගත් ආලය පිළිබඳ තවමත් සිතෙහි සඟවා තබා ගෙන සිටියේ ෂියාඕ ගේ සිතේ තමා හට ඉඩක් තිබේදැයි දැනගැනීම සදහාය. තම සිතේ අසීමාන්තික ප්‍රේමය කෙදිනක හෝ ඔහුට කියන බලාපොරොත්තුව ඇතිව ඇය කල් ගත කළාය.

මසක් ඇතුළත බොහෝ දේ වෙනස් වී හමාරය.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මේ සැප්තැම්බරයේ ආරම්භයයි

උදෑසනම කොලේජය වෙත ආ ෂියාඕ සහ බෝ තම පංති කාමරයට එකටම පියමැන්නේ ආ ගිය තොරතුරු කතා කරමිනි.

"ෂියාඕ ඔයා කාලද මට බඩගිනියි "

"එහෙමද  ලියෝ මටත් බඩගිනියි අපි යමුද කැන්ටිමට" මේ වන විටත් තම සිංහ පැටියාට ලියෝ කියා ඇමතීමට ෂියාඕ පටන් ගෙන තිබුණි.

කැන්ටිමට ගිය ඔවුන් උදෑසන ආහාරයට පැස්ටා සහ හොට් මිල්ක් දෙකක් රැගෙන මේසයකට ගියහ.

"ලියෝ...."

"ම්ම්ම්... කියන්න ෂියාඕ"

"අද හවස ගමනක් යන්න එනවද ?"

"ඒ කොහෙද ?"

"මට කොලේජ් එකට ඕන කරන පොත් වගේකුයි අම්මගේ birthday  එකට ගිෆ්ට් එකකුයි ගන්න තියෙනවා ලියෝ.."

"අහ් එහෙමද හරි ෂියාඕ මන් එන්නම්"

"හරි අපි කොලේජ් ඇරිලම යමු එහෙනම්"

දුරකථන ඇමතුමක් ලබා දී නිවෙස් වෙත දැනුම්දුන්  ඔවුන් දෙදෙනා කොලේජ් අවසන් වී ප්‍රධාන පෙලේ අලෙවිසැලකට යන්නේ ෂියාඕ ගේ මව වෙනුවෙන් තෑග්ගක් තේරීමටයි.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now