හමුවීම ⏳

364 103 42
                                    

"ෂියාඕ......."

බෝ ෂියාඕ ළඟට දුවගෙන ගියේ ඔහුව තම දෑතින්ම තුරුළු කර ගනිමිනි.

"අනේ ... අනේ... ඇයි මගෙ මැණික මට මෙහෙම කලේ අනේ රත්තරනේ "

"බෝ..."

"පණ මන්.. මන්.. ඔයා නැතුව ගොඩක් දුකින් අනේ රත්තරනේ දැනුන්නැද්ද මන් දුකින් කියලා ... මාව දාලා කොහෙද මගේ පණ ඔයා ගියේ" බෝගේ දෙතොල් වෙව්ලන්නට විය.

"බබා... මේ අහන්න රත්තරනේ මට සමාවෙන්න " ෂියාඕ ද ඔහුව තම තුරුළේ දවට ගනිමින් කීවේ තම කදුළු ගලා යන දෙනෙත් පියා ගනිමිනි.

"අනේ රත්තරන් මන් කොහොමද මේවා දරාගන්නේ මට බෑ මන් මැරිලා යයි . මන් ඔයාට ආදරෙයි මගෙ මැණික . මට මෙහෙම කරන්න එපා රත්තරනේ "

"ලියෝ මට සමාවෙන්න. මන් ඔයාට ආදරෙයි. ඔව් මන් ආදරෙයි ගොඩක්. මගෙ ජීවිතේම ඔයා විතරයි" බෝගේ කදුලින් ෂියාඕ ගේ කමිස උරහිස තෙමී ගියේය.

"මගේ බනී ඔයා මට පොරොන්දු උනා මාව දාලා යන්නෑ කියලා ඇයි ඔයා ගියේ ඇයි මට නොකියම ගියේ. මගෙ පණ ඔයා කියලා දැන දැනම ඔයා කොහොමද බනී ගියේ..."

"මට ඔයා ගාවට වෙලා ඉන්න ඕන පණ හැමදාම ඒත්... ඒ..ත්.. අපි අපිට අයිති නැතුව ඇති ලියෝ.."

ඔවුන් විනාඩි දහයක් පමණ එකිනෙකාට තුරුල් වී කදුළු ගලා යාමට ඉඩ දුන්නේ හිතේ තිබුණු දුක ද මුදා හරිමිනි. ඔවුන්ගේ ප්‍රේමය දකින සාප්පු සංකීර්ණය තුළ වූ සියල්ලන්ගේම නෙත් කදුලින් පිරුණේ මීට පෙර එවැනි ආදරයක් ඔවුන් දැක නොසිටි නියාවෙනි.

මේ වන සියල්ලම බලා සිටි යැන්සිට  කිසිවක් හරියට පැහැදිලි නොවුනද ඇය තේරුම් ගත්තා මේ ෂියාඕගේ ආලය බව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වන සියල්ලම බලා සිටි යැන්සිට කිසිවක් හරියට පැහැදිලි නොවුනද ඇය තේරුම් ගත්තා මේ ෂියාඕගේ ආලය බව. ඔවුන් දෙදෙනා එකිනෙකාට ආලය කරන බව. ඇයගේ ගතම පණ නැතිව ගියේ තම පෙම්වතා තමා විවාහා වීමට සිටින කෙනා වෙන අයෙක් සමඟ ජීවිතයම හුවමාරු කරගෙන සිටි නියාවෙනි. තමා ඔහුට කෙතරම් ආදරය කලත් ඔහුගේ ආදරය කිසි දිනෙක ඇය හට නොලැබෙන බව ඇය දැනගත්තාය. තම දෑසින් වැටෙන කදුළු බිදු පිහිදමින් ඇය සාප්පුවෙන් පිටතට ගියේ කිසිවක් මිළදී නොගනිමින් ය.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now