ඇමතුම 📞

370 111 40
                                    

ෂියාඕ ද බෝද නැවත කිසිදු හමුවීමක් නොමැතිවම කල් ගත කලේය. හයිකුආන්ගේ විවාහයද ගිය මස අවසානයේදී සිදු වූයේ ඉතා ඉහළින්මය. විවාහයට පසු ඔවුන්ගේ සුන්දරම දිනයන් ගත කිරීමට ඔවුන් දෙපල පැරීසිය වෙත ගියහ. එම නිසාවෙන් ව්‍යාපාරික කටයුතු බෝට සහ පියාට බලා ගැනීමට සිදුවිය. ඒ දින වල ඉතාම කාර්‍යබහුල ව සිටි නිසාවෙන්දෝ බෝ හට ෂියාඕ ව ටික ටික මඟ හැරී තිබුණි. නමුත් ,

දෙදෙනාගෙන් කෙනෙක් හෝ දුරකථන ඇමතුමක් ගන්නා තුරු ඔවුන් මඟ බලා නොසිටියා නොවෙයි. එකිනෙකාට මුහුණ දීමේ හැකියාවක් නොවුණු නිසා කිසිදු ඇමතුමක් ලබා නොගත් ඔවුන් නිතරම පසු තැවෙමින් කල් ගෙවූහ.

ගත වන සෑම තප්පරයක්ම ෂියාඕ ට කල්පයක් මෙන් විය. බෝ කාර්‍යබහුල නියාවෙන් ඔහුට නම් කාලය ගෙවී යනවා නොදැනුනි. නමුත් ඔහුගේ සුන්දර සිනහව නම් සදහටම අතුරුදන් වී තිබුනේ කෙදිනක හෝ ඒ මුවඟින් සිනහවක් පිට නොවුනු ලෙසිනි. ඔවුන් ගමන් කල මාර්ග වල ඔවුන් දැන් තනිවම ගමන් කරන්නේ පෙර දිනයන්හි දෑත් බැද විහිළු තහළු කරමින් ගිය ඒවා සිහි කරමිනි.

නින්ද නොමැති රාත්‍රීන් , කිසිදු පිරියක් නොමැති ආහාර , ආහාර නොගත්තත් කුසගිනි නොදැනෙන කුස , නිතර ඇවිලෙමින් තිබුණු හදවත සමඟ ඔවුන් ජීවත් විය. දිනෙන් දින ෂියාඕගේ කසාදය ගැන දෙපාර්ශවයම කතා වූයේ එය ඉක්මනින් අවසන් කළ යුතු බවයි.

කිසිදු හැගීමක් නැති ෂියාඕ යැන්සි සමඟ කල් ගත කලේ ඇයටද රිදෙන බව නොදනිමින් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිසිදු හැගීමක් නැති ෂියාඕ යැන්සි සමඟ කල් ගත කලේ ඇයටද රිදෙන බව නොදනිමින් ය. යැන්සිහට ඔහුගේ මුවින් ගිලිහුනු කිසිදු ආල වදනක් නොවීය. යැන්සි  සියල්ලම ඉවසා සිටියේ තමා කෙසේ හෝ තමන්ට අයිති දේ ලබා ගත් නිසාවෙනි.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now