chapter 07

173 61 23
                                    

Dream girl
7කොටස

දැන් නම් කතාව ලියන එක එපා වෙලා තියෙන්නෙ මට. Readersල හිටියට votes භාගයක්වත් නෑ ඒකෙන්. ඒ කියන්නෙ කතාවට ඔයාලගෙ එච්චර කැමැත්තක් නෑ වගේනේ. By the way මං ඊලග එපියත් දුන්නා ඔන්න.

In korea at night :

"ජින් හියුන්ග්..ජින් හියුන්ග්.. ඔයා කොහෙද ඉන්නෙ?... ජිනෝ... ඒයි සොජිනි... සොකජිනෝ.... ඔයා කොහෙදෝ.... 🐇 🧐"

"මොකද ජන්කුකා කෑගහන්නෙ? ජින් හියුන්ග්ට ඔලුව ටිකක් රිදෙනවා කිව්වා." නම්ජුන් කුස්සියේ ඉදගෙන කුකීට කිව්වා. (අද කුස්සියක් විනාස වෙන්න යන්නෙ😅)

"කොහොමත් ලගකදි ඉදන් ජින් හියුන්ගෙ ඔලුවෙ අමාරුව වැඩියි😅. වෙලාවකට මනෝ ගහගෙන ඉන්නො. ඔන්න ආයෙ ටිකකින් පෝන් එක දිහා බල බල හිනා වෙනො."

"එහෙම තමා ටේ. කොල්ලා දැන් නාකි වී ගෙන යන්නෙ ඉතින් හැමදාම තනිකඩව ඉන්න බෑනෙ😏😅." සාලෙ මැද සෝෆා එකේ නිදාගෙන හිටිය පූස් තඩියටත් ඕන්නැති ඕපයක් නෑ.

"යොන්ගියාත් ඉක්මනට පවුල් වෙන්න වගේ හිතන් ඉන්නෙ නේ ජන්කුකාහ්..😅" කියාගෙන ටේ කුකීගෙ කරට අත දාගත්තා.

මේ කතාබහ අස්සෙ එකපාරටම දොරත් ඇරගෙන ජිමින් ගේ ඇතුලට ආවා. වෙනදා කොයි වෙලෙත් විහිලුවක් කරන් ඉන්න ජිමින්ගෙ මූන අදනම් නිකන් වට්ටක්කා ගෙඩිය වගෙ. කිසි කතාබහක් නැතුව ඇදන් හිටපු හූඩි එක ගලවලා සාලේ පුටුවකට වීසී කරලා ජිමින් කාමරයට ගිහින් හයියෙන් දොර වහ ගත්තා.

" එපාර මූට වැහිච්ච යකා මොකාද? කකා හිටපු බිස්කට් එක කටේ තියාගෙනම කුකි කිව්වා.

"😅 ශුවර් එකට මූ බූට් එක තියන්න කලින් කෙල්ලෙක් මූට බූට් එක තියලා. එතකොට තමා ඔහොම මූඩ් එකක් එන්නෙ. මං දන්නැද්ද ඕකා ගැන."

"ඔව් ඔව් ටේ ඒක තමා වෙලා තියෙන්නෙ මටත් ලාවට කියල තිබුනෙ අර ලී මේහා වෙන කොල්ලෙක් එක්ක එහෙමෙහෙ යනවා වැඩියි කියලා. හැබැයි මේ පාරනම් හොද වැඩේ ඕකාට." හොබී හිනා වෙවි කියනකොට අනිත් අයත් ඒකට හිනා උනා.
.
.
.
.
.
.
"යා...හ් නම්ජුනා මොකද මේ
කරලා තියෙන්නෙ මගෙ kitchen එකට. මොකක්ද ඔය කකුලෙන් හැංගුවෙ🤨"

ජින් කෑගහගෙන එන කොට නම්ජුන් බිම වැටිලා තිබ්බා වීදූරු කටු ටික කකුලෙන් ඩස්බින් එක පැත්තට තල්ලු කලා. (අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මිස්ට කැඩුම් බිදුම් ගැන😅)

" මො ..මො.. මොකක්..ද හියුන්ග්🥴"
"මො මෝ නෙමෙයි අලුත්ම පිගන් සෙට් එක බින්ද නේද 😑😑 දැන්ම යනවා මගෙ kitchen එකෙන් එලියට."

ඊට පස්සෙ කට්ටියත් එක්ක කෑම ගන්න වාඩි වුනා. කුකියානම් වාඩි වුනු ගමන්ම කිසිම කතාවක් නැතුව කන්න පටන් ගත්තා. කලින් තරහ ගිහින් හිටියට මොකද ජිමින් දැන්නම් යතා තත්වයට ඇවිල්ල. කිසි දෙයක් උනෙ නෑ වගේ හිනා වෙවි කෑම කනවා.

" නම්ජූන්, අර අලුත් song එකේ වැඩේ මොකද කරන්නෙ?"🤔

"හොබී ඒක තමයි මාත් ඔයාලත් එක්ක කතා කරන්න හිටියෙ ඒ ගැන. 🙂Song එකෙ melody ඔක්කොම හදලා ඉවරයි. දැන් තියෙන්නෙ. Sing කරලා visual එක හදන්න විතරයි. Dansing steps ටික ඔයා හදනවද?"

" ආහ් එහෙම කරමු.😏 මං අලුත් steps ටිකක් හොයා ගත්තා කොහොමත් ඒ ටික නම් සුපිරියි."

" අලුත් උනාට කමක් නෑ හොබියෝ ඉල ඇට කඩන් දගලන්නනම් මට බෑ😑."

"ඔව් ඔව් හොබී අපේ සොකජින් දැන් වයසයි නේ😅😅"

"අනේ මේහ් කටවහගන්නවා පොඩි එකෝ. "

"කට වහගෙන කොහොමද හියුන්ග් මං කෑම කන්නෙ?" (තියෙන බඩජාරි කමටනම් ඒකත් බැරි නෑ😅)
.
.
.
"ඒක නෙමෙ හියුන්ග් අර ශ්‍රී ලංකන් girl හශී එයා මොකද කිව්වෙ අපේ ආරාධනාව ගැන." කෑම කන ගමන්ම ජිනි ඒක ඇහුවෙ ඇගටවත් නොදැනි.

" බය වෙන්නෙපා ජින් එයා අනිවාර්යයෙන් ම එනවා කිව්වා😅."
නම්ජූන් එහෙම කියද්දි ජින් කිසි ගානක් නෑ වගේ "ආහ් එහෙමද" කියලා කිව්වා. අනිත් අයත් මුකුත්ම නොකියා බලාගෙන හිටියා. හැබැයි ටේයි කුකියි මූනට මූන බලාගෙන ලාවට හිනා උනා.🤭

ඔන්න ලමයි ඉතින් හශී bts ලත් එක්ක සිංදුවක් කරන්න තමයි යන්නෙ. 😳 කොල්ලො ටිකත් බලාගෙන ඉන්නෙ මේ පුංචි රටකින් ආපු ලෝකෙම නම දිනා ගත්තු මේ පුංචි කෙල්ලව ඇස් දෙකට දැකගන්න.අපි බලමු ඉස්සරහට මොකක් වේවිද කියලා






𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]حيث تعيش القصص. اكتشف الآن