part 3

3.8K 696 229
                                    

දවල් කෙලවරේ කාමරේ වෙච්ච සිද්දිය ගැන ජන්කුක් හිටියේ හිතා ගන්න බැරුව...

ජන්කුක් කියන්නෙ කාටත් ලේසියෙන් බය වෙන කෙනෙක් නෙමෙයි...එත් දවල් වෙච්ච දේ එයාගෙ හිත ටිකක් කලබල කරන්න සමත් උනා...

ඇද උඩට වෙලා ඉදිය ජන්කුක්ට නින්ද අහලකවත් තිබ්බෙ නැහැ....තමන්ගේ පවුලේ එකට ගත්ත පින්තූරයක් පපුවට ලං කරගෙන එයා කල්පනා කර කර හිටියේ එයාගෙ අප්පායි ඔම්මායි එක්ක ගත කරපු ලස්සන මතක කිහිපයක්....

පුංචි කාලෙ උන accident එක නිසා තමන්ගෙ මතක සේරම ගිලිහි ගියාත් ජන්කුක්ට ඒවා ටික ටික මතක් වෙන්න පටන් ගත්තා.....

ඒ මතක අතර රූපයක් හරියට පෙන්නෙ නැති පොඩි පිරිමි ලමයෙකුත් හිටියා...රෑ හීනෙන් වගේ පේන ඒ පිරිමි ලමයා ජන්කුක් ගේ නම කිය කිය තණ කොල පිට්ටනියක් වටේ දුවන්න ගත්තා...ඒ හීනෙ පේන හැමදවසේම ජන්කුක් ගැස්සිලා ඇහැරුනත් ඊලග මොහොතේ ඔලුව අල්ලන් කෙදිරි ගාන්නෙ ඔලුව පුරා පැතිර යන වේදනාව නිසා....

තමන්ගෙ කල්පනා ලොකේන් හරි සිහියට ආපු ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ පවුලේ පින්තූරේ තොල් ගාවට ගෙනාවේ ඒක සිප ගන්න...හැම රෑකම නින්දට යන්න කලින් ඒක එයාගෙ පුරුද්දක්....

පින්තූරේ තොල් ලගට ලං වෙනවා එක්කම ජන්කුක් ගැස්සිලා ගියේ පහල තට්ටුවේ තිබ්බ ඔරලොසුවේ බට්ටා මධ්‍යම රාත්‍රී දොලහයි කියලා නාද උන නිසායි...

හිමීට තමන්ගේ අතේ තිබ්බ පින්තූරේ සිප ගත්ත ජන්කුක් ඒක එයාගෙ ඇදේ එහා පැත්තේ මේසෙන් තියලා හැරුනේ නිදා ගන්න..එත් එක පාරම ජන්කුක්ට දැනුනේ එයාගෙ ඇග ලගින් වේගෙන් හුලං පොදක් යනවා වගෙයි....

ජන්කුක් ඒක වැඩිය ගානකට නොගෙනම තමන්ගෙ bedsheet එක ඔලුවේ ඉදන් පෙරවගෙන ඇස් දෙක වහ ගත්තා විතරයි..එයාට ඇහුනේ එයාගෙ කාමරෙන් එලියේ කවුරුන් හෝ දුවගෙන යන හඩක්....

ඒ පීටර් වෙන්න ඇති කියලා හිතපු ජන්කුක් ආයෙ ඇස් පියා ගත්තාත් ඒ ක්ෂණිකව ඇස් ඇරියේ අවුරුදු 60ක මනුස්සෙක් මේ රෑ ඔච්චර වේගෙන් දුවන්නෙ නැහැ නේ කියලා හිතලා...

තමන්ගෙ ඇද ලග තිබ්බ ටෝච් එකත් එක්ක කාමරේ කෙලවරක තිබ්බ පොල්ලක් අතට ගත්ත ජන්කුක් කාමරෙන් එලියට ගියා...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now