part 11

4.3K 552 32
                                    

පහු වෙනිදා ඔලුවත් අල්ලන් නැගිට්ට ටේ ගැස්සිලා ගියේ කාමරේ දොර ඇරෙන සද්දෙට...

ඉදන් ඉන්න තැනම ඔලුවටත් අත තියන් ටේ බැලුවේ දොර පැත්ත...

🐰: good morning ටේ...කොහොමද ඊයෙ බීපු එවා දැන් නේ හොදට වැඩ කරන්නේ හ්ම්ම්

🐯: යන්න කුකී මගේ ඔලුව රිදෙනවා පැලෙන්න...

🐰: රිදෙන්න ඕනි තමා..එහෙම් පිටින් බොතලයක්ම බීලා ඔලුව කැක්කුම විතරක් හැදිලා බේරුනා ඇති....

අතේ තිබ්බ tray එක පැත්තකින් තියපු ජන්කුක් ටේගෙ එහා පැත්තෙම ඉද ගත්තෙ කට කොනකට ආපු හිනාවක් එක්කමයි..

🐰: ඔයා ඊයේ මාර වැඩනේ කරේ....

🐯: මොනාද මං කරේ...

🐰: අම්බෝ අම්බෝ මතක් වෙද්දිත් මාව රතු වෙනවා..

🐯: අනේ කුකී කියන්නකො මං මොනාද කලේ...

🐰: එවා මේ විදිහට කියන්න ලැජ්ජායි ටේ....

🐯: මං ඒ තරම් නරක දේවල් කරාද?

🐰: ඔව් , මං ඔයාව නවත්තන්න කොච්චර try කරාද ..එත් ඔයා-

🐯: එපාආආආආආආ!! ඇති...තව මුකුත් කියන්න එපා....

ඇස් දෙකත් ලොකු කරන් ජන්කුක් කියන එව්වා අහන් හිටිය ටේ ජන්කුක් ව නැවැත්තුවේ එයා කලින් දවසේ රෑ කරපු එව්වා එච්චර හොද නැතුව ඇති කියලා හිතලා....

ටිකකින් ටේගෙ කන ලගට ලං උන ජන්කුක් රහසින්

🐰: ඔයා ඊයෙ මාත් එක්ක නටමුද ඇහුවා...

🐯: යාආආආආඅ කුකී මං හිතුවේ වෙන ලොකු දෙයක් කියලා..

ටේ ජන්කුක් ගේ ඔලුවට ගැහුවේ වැදුන පාරට ඒ ඔලුවෙන් සද්දයක් එන්නමයි...

🐰: ආව් මෝඩයො ඒක රිදුනා...

🐯: රිදෙන්න තමා ගැහුවේ...ගොන් හාවෝ....

🐰: හරි හරි දැන් රන්ඩු නවත්තමූ මේක කාලා පල්ලෙහාට එන්න...මට දැන් පීටර්ට උත්තර බදින්නත් වෙලා ඊයෙ නටපු නැටිල්ල හින්දා...

🐯: ඔයා මං ගැන පීටර්ට කියන්න...

🐰: ඔව් ඒක තමා මාත් බැලුවේ...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now