part 14

3.3K 513 61
                                    

තවත් සතියක් ගෙවිලා ගියා...

ටේගෙ හිනා හඩින් පිරිලා තිබ්බ ඒ ගෙදර අද ආයෙම අත්භූත පාට වෙලා...

ටේගෙ අතුරුදහන් වීමෙන් පස්සෙ ජන්කුක් ඒ සතියේ එක පාරක් හරි හිනා උනා කිව්වොත් ඒක බොරුවක්....

ටේව බලන්න ජන්කුක්ට යන්න ඕන උනත් පීටර් කිව්වේ ටේ කොහොම උනත් නවතින්න මේ බංගලාවට එන නිසා ටිකක් ඉවසන්න කියලා...

ටේගෙ බ්‍රෙස්ලට් එක අතේ පොඩි කරගෙන ජනේලෙන් එලිය බලන් හිටිය ජන්කුක් ගැස්සිලා හරි සිහියට ආවේ උරහිසට දැනුන ස්පර්ශයකින්...

පිටි පස්සට බෙල්ල හරවපු ජන්කුක් දැක්කෙ ඒ පීටර් බව..

🤵: පොඩි මහත්තයා කෑම කන්න එන්න...

🐰: පීටර් කන්න..මට බඩගිනි නැහැ...

🤵: ඒ උනාට මහත්ත-

එක පාරම පීටර්ව බදා ගත්ත ජන්කුක්

🐰: පීටර්ට පුලුවන් ද මට එක පාරක් හා පැටියා කියලා කතා කරන්න...

🤵:මහත්තයා-

🐰: plzzz පීටර් මං වෙනුවෙන්...

🤵: හා පැටියෝ...

එහෙමම ඇස් දෙක වහ ගත්ත ජන්කුක් තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දිලා... එයා එයාගෙ අප්පාට කතා කරා..

🐰: අප්පා...හා පැටියාට පාලුයි අප්පා...ඔම්මා ඔයා නැතුව හා පැටියා තනි වෙලා...අප්පයි ඔම්මායි ගාවට මේ හා පැටියාව ගන්න බැරිද අප්පා...මං හැමදාම ඔයාලා ගාවට එන්න හදද්දි ඉගෙන ගෙන ලොකු කොල්ලෙක් වෙලා එන්න කිව්වා නේද අප්පා..මං දැන් ලොකු කොල්ලෙක් අප්පා...මාව දැන් ඔයාලා ලගට ගන්න බැරිද?

ඒ වචන එක්ක පීටර් ගේත් ඇස් තෙත් වෙද්දි මෙච්චර වෙලා පහලට කරන් හිටිය පීටර් ගේ අතුත් ජන්කුක් වටේ එතුනේ හුගාක් ආදරේන් ....

🤵: පොඩි මහත්තයා...ඔයා තනි වෙලා නැහැ නේ පුතේ...ඔහොම අඩන්න එපා.....මං පොඩි කාලෙ ඉදන් ඔයාව බලා ගත්තෙ මෙහෙම අඩනවා බලන්න නෙමෙයි...මං දන්නවා ඔයාට අප්පා ඔම්මාව මතක් වෙනවා කියලා...එත් අපි ආදරේ කරන අය හැමදාම අපි ලග රැදෙන්නෙ නැහැ නේ පුතෙ..එයාලාගෙ වේලාව ආවම එයාලාට යන්න වෙනවා....ඒ වගේම ඔයා තනි වෙලා නැහැ පුතේ දැන් අඩන එක නවත්තන්න...ඔයාගෙ ටේත් ඉක්මනින් ඔයාව බලන්න එයි නේ...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now