part 13

3.6K 535 21
                                    

හොසොක් ,යුන්ගි සහ ජිමින් ආයෙම තමන්ගේ නිවස බලා පිටත් උනයින් පස්සෙ ඒ තුන් දෙනාට සමු දිලා ටේ වගේම ජන්කුකුත් ආයෙම එයාලාගෙ කාමරෙට ආවේ ටේට ටිකක් ඇගට අමාරුයි කිව්ව නිසා....

ටිකකින් කාමරේට ආව ඒ දෙන්නා ඇදේ ඉද ගන්න ගමන්

🐰: ටේ ඔයාට එක පාර ඇයි ඇගට අමාරු....ඊයෙ හේතුවට ද ?

🐯: නැහැ කුකී මගේ ඔලුව නිකන් මොනාද වෙනවා වගේ...මං මූන පොඩ්ඩක් හොදගෙන එන්නම්

කියලා ඇදෙන් නැගිට්ට ටේ එහෙමම washroom එකට යන්න හැදුවේ...

එත් ටේට ඇදෙන් නැගිටලා යන්න පුලුවන් උනේ අඩි දෙක තුනක් විතරයි...එයා එහෙමම එතන ඇදගෙන වැටුනේ ජන්කුක්වත් බය කරවලා...

ඉක්මනින් ටේ ඉන්න ගාවට දුවන් ඇවිත් ටේව අල්ලන්න ගියත් ජන්කුක් ගේ අත ටේගෙ ඇග මැද්දෙන් ගියේ එයාට ටේව අල්ලන්න බැරි බව මතක් කරලා....

එහෙමම කාමරෙන් එලියට දුවන් ආපු ජන්කුක් හයියෙන් කතා කරේ පිටර් ට

🐰: පීටර්...!!!!

සාලෙ සුද්ද කර කර ඉදිය පීටර් දුවගෙන ඇවිත් ජන්කුක් ඉස්සරහ නතර උනේ කරදරයක් කියලා හිතලා..

🤵: ඇයි පොඩි මහත්තයා...

🐰: පීටර් ටේ එක පාරම කලන්තේ දැම්මා නේ...මට බයයි පීටර් එයාව අල්ලන්නත් බැහැ මට

කියලා අඩන්න ඔන්න මෙන්න ඉන්න ජන්කුක් පීටර්ට කිව්වාම ජන්කුක් එක්කම පීටරුත් කාමරෙ ඇතුලට ගියේ ටේව බලන්න....

වතුර ටිකක් මුනට ඉස්සත් ටේගෙ කිසිම විදිහේ ප්‍රතිචාරයක් නැති තැන ඒ දෙන්නාම ටේගෙ දෙපැත්තෙ දන ගහගෙන හිටියෙ කරන්න තව කිසි දෙයක් හිතා ගන්න බැරුව...

පැය භාගෙකට විතර පස්සෙ ටේ ඉබේම ඇස් ඇරියේ ජන්කුක්ට කතා කරන ගමන්

🐯: කු..කුකී.....

🐰: ටේ මගේ අතින් අල්ල ගන්න

කියලා ජන්කුක් ඉක්මනින් කියද්දි ටේ එයාගෙ අතින් තද කරලා අල්ල ගත්තා....

ඒ එක්කම ජන්කුක් ටේව වඩාගෙන ඇද උඩින් තියන ගමන්...

🐰: ඇයි ටේ එක පාර එහෙම උනේ...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now