part 21

3.2K 500 57
                                    

(මාස තුනකට පසු)

🐯: මට සමාවෙන්න...මට එදා ඔයාව බේර ගන්න බැරි උනාට...ඔයා දන්නවාද මට ඔයා නැතුව හුගාක් පාලුයි.....මට හුගාක් ඔයාව මතක් වෙනවා....මං කොච්චර පව්කාර ද කියනවා නම් මට ඔයාගෙ මරනේ ඇස් ඉස්සරහම බලන්න සිද්ද උනා නේ...මගේ අතින් හුගාක් වැරදි සිද්ද උනා...මං ඔයාගෙ හිත රිද්දුවා...මට සමාවෙන්න ඒකට..මං දන්නවා දැන් ඒකට සමාව අරන් වැඩක් නැහැ කියලා එත් මං දැන් හොද කෙනෙක්...මං මගේ නරක පුරුදු ඔක්කොම නැවැත්තුවා....

ටේ සොහොනක් ඉස්සරහ ඉදන් අඩන ගමන් ඒ සොහොනට දිගටම කතා කරා...

🐯: මට හොද කෙනෙක් වෙන්න ටිකක් කාලෙ ගියා....මගේ අතින් හුගාක් අයගෙ හිත් රිදුනා....ඔයා කිව්වා හරි ආදරේට මනුස්සෙක්ව සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුලුවන්....මටත් ඒ දේ එහෙමම උනා....මාව නරක කෙනෙක් කරෙත් ආදරේ ඒ වගෙම ආයෙ මාව හොද කෙනෙක් කරෙත් ඒ ආදරේමයි....එත් අද මං තනි වෙලා කවුරුත්ම නැතුව මං තනි වෙලා...ඔයා මගේ ලොකේ එත් ඒ ලොකේම මගේ ඇස් ඉස්සරහ කඩාගෙන වැටුනා.....මට තාම ඒ දවස නරක හීනයක් වගේ මතකයි....ඔයා ඔහේ සතුටින් නේද ? ඔයා සතුටින් නම් ඉන්නෙ මටත් එච්චරයි ඕන....මං තනි උනත් සතුටින් ඉන්නම් ඔයා ඔහේ ඉන්නේ සතුටින් නිසා...මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා...මං කවදාවත් ඒක කටින් කියලා නැහැ නේ...එත් මං අද කියන්නම්...මාත් ඔයාට හුගාක් ආදරෙයි අප්පා....මගේ ලෝකේම උන ඔයාට මං හුගාක් ආදරෙයි....

:ඒ වගේම කිම් අංකල් මගේ අප්පාටත් කියන්න ටේ මාව එයාගෙ පණ වගේ බලා ගන්නවා කියලාත්...

සොහොන උඩ ඔලුව තියන් තමන්ගේ අප්පා එක්ක කතා කර කර ඉදිය ටේ පිටි පස්සෙන් ඇහුන කටහඩත් එක්ක එතනම ගල් ගැහුනා...

ඒ කට හඩ කාටත් වඩා හොදට අදුර ගත්ත ටේ තමන් ඉන්න විදිහට එතනම හිටියා....

පිටි පස්සෙ ඉදපු කෙනා ටේගෙ එහා පැත්තෙ දන ගහන ගමන් ටේගෙ අත් දෙක එයාගෙ අත් අතර මැදි කරගෙන

: ඉතිං ටේ කොහොමද ?

හිමින් එහා පැත්ත ඉන්න කෙනා දිහා බලපු ටේ ක්ෂණිකව ඒ කෙනාව තදින් බදාගෙන කෑගහලා අඩන්න ගත්තා...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now