part 6

3.8K 630 71
                                    

දින කිහිපයක් කිසිම දෙයක් නොවී ජන්කුක් හොදින් හිටියා....

එයාට එදා කාමරෙ සිහිය නැති උන එකෙන් පස්සෙ ආයෙ කිසිම බය හිතෙන දෙයක් උනේ නැහැ...

එදා දහවල් වේලාවක පීටර් බංගලාවෙන් එලියට ගියේ කෑමට බඩු ගේන්නයි....

ජන්කුක් ආයෙම බංගලාවෙ තනි උනා...

කාමරේට වෙලා හිටිය ජන්කුක් තමන්ගේ ඇද ලග මේසෙ උඩ තිබ්බ එයාලගෙ පවුලේ පින්තූරේ අතට ගත්තා...

🐰: අප්පා මට ඔයා නැතුව පාලුයි....ඔයාගෙ හා පැටියාට ඔයාව ඕනි අප්පා...අප්පා මං මේ දේ කරපු අයගෙන් පලි ගන්න්නවා අප්පා...එයාලා ඔය දෙන්නාව විතරක් නෙමෙයි තවත් අයව එදා මරලා කියලා මට පීටර් කිව්වා...එත් මොකක්ද හරියටම උනේ කියලා පීටර් වත් දන්නෙ නැහැ අප්පා..කවුද අප්පා අපේ බංගලාවටම ඇවිල්ලා මෙහෙම දෙයක් කරන්න ඇත්තේ....මං කොහොමද එයාලාව හොයාගන්නෙ එයාලගෙ කිසිම සාක්කියක් නැහැ....අප්පා මට එකම එක පාරක් තුවක්කුවක් අල්ලන්න දෙන්න...මං පොරොන්දු වෙනවා අයේ කිසිම දවසක මං ඒක අල්ලන්නෙ නැහැ කියලා.....මට අප්පාගෙ පොරොන්දු ව එක පාරක් කඩන්න දෙන්න....

_________________________________________

🤴: හා පැටියෝ?

🐰: අප්පා..

🤴: මෙහෙට එන්නකො ටිකක්...

සෙල්ලන් කර කර හිටිය ජන්කුක් එයාගෙ අප්පා ගාවට දුවගෙන ගිහින් ඒ ඔඩොක්කුව උඩ ඉද ගත්තා...

🤴: මගේ හා පැටියාගෙ වීරයා කවුද?

🐰: මගේ අප්පා තමා මගේ වීරයා...

🤴: ඇයි අප්පා ඔයාගෙ වීරයා උනේ...

🐰: අප්පා නරක මාමාලාට punish කරන නිසා....

🤴: හ්ම්ම් හැබැයි මගේ හා පැටියා මට පොරොන්දු වෙන්න ඔයා ඒ වගේ වැඩ කරන්නෙ නැහැ කියලා...ඒ වගෙම කවදාවත් තුවක්කුවක් අතින් අල්ලන්නෙත් නැහැ කියලා...

🐰: මං අප්පාට පොරොන්දු වෙන්නම් මං ඒවා අල්ලන්නෙ නැහැ කියලා..

අවුරුදු දහයක පුංචි ජන්කුක් එයාගෙ අප්පට පොරොන්දු උනා එයාගෙ වතුර විදින සෙල්ලම් තුවක්කුව ආයේ අල්ලන්නෙ නැහැ කියලා....

Ghost lover (Completed ✅....)Where stories live. Discover now