🖤🖤Hi Mr Min🖤🖤 01

2.4K 354 53
                                    

"හේයි හැන්ඩ්සම් pls මාවත් එක්කන් යන්න pls ඉක්මන් කරන්න "

නමගිය ව්‍යාපාරිකයෙක් එක්ක තිබුන ගනුදෙනුව ඉවර කරලා තරු පන්තියේ හෝටෙල් එකේ පිටි පස්සේ ගාර්ඩ්න් එකේ තිබුන වාහනේ ට නගින්න යද්දී දුවගෙන ඇවිත් යුන්ගි ගේ අතේ එල්ලුන කෙල්ල යුන්ගිගේ අතින් ඇද ඇද එහෙම කියද්දී යුන්ගි කෙල්ල දිහා බලාගෙන හිටියේ වෙන දේ හිතාගන්න බැරුව....

එතකොට මයි හොටෙල් එකේ ඉස්සරහ පැත්තෙන් කලබලයක් ඇහුනේ,  ඇහිපිය ගහන පමාවට යුන්ගිගේ අතින් කා කී එක උදුරලා ගත්ත කෙල්ල කා එක අන්ලොක් කරලා යුන්ගිව ඇතුලට තල්ලු කරලා කා එක ස්ටාර්ට් කරලා පාරට ගත්තේ යුන්ගි තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉද්දි....

මින් යුන්ගි  නම අහපු පමාවට මුලු පාතාලෙම හෙල්ලිලා යන්නේ යුන්ගි ගැන නොදන්න කෙනෙක් අන්ඩර්වර්ල්ඩ් එකේ නැති නිසා, වෘත්තියෙන් නීතිඥයෙක් වුනත් යුන්ගි කවදාවත් නඩුවක් කථා කරන්න උසාවියට ගොඩ වෙලා නෑ, ඒත් නීතියේ සිදුරු වලින් රින්ගලා යන්න යුන්ගිට ඕනවටත් වඩා දැනුම තිබුනා...

සහෝදරයෝ හය දෙනත් එක්ක චන්ඩි කම් කරපු යුන්ගි ගේ   මුලු ජීවිතේම කනපිට හැරෙන්නේ මේ අහබු හමු වීම හේතුවක් වෙයි කියලා යුන්ගි හීනෙකින් වත් හිතුවේ නෑ..

ඔලුවේ කෙස් ගානට යුන්ගි ගැහැණු ආශ්‍රය කරත්, ආශ්‍රය කරනවටත් වඩා පාවිච්චි කරලා තිබුනත් මේ විදියේ ගෑනු ලමයෙක් යුන්ගිට මුන ගැහිලා තිබුනේ නෑ....කවදාවත් කිසිම කෙනෙක් යුන්ගිට  මෙහෙම සලකලත් නෑ,

"යා තමුන් වැරදි පැත්තෙන් යන්නේ ආහ් ෂීට් මං තමුසේ ව මරලා දානවා ආහ්"

"හේයි හැන්ඩ්සම් බය වෙන්න එපා ඉස්සරහින් අපි හයිවේ එකට දාමු"

"හයිවේ යන්නේ මොන කෙහෙල්මලකටද?"

මූන ඉස්සරහට එන වාහන දිහා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන යුන්ගි කෙල්ලට කෑ ගැහුවත් කෙල්ලගේ මූනේ බයක සේයාවක් වත් තිබුනේ නෑ, දිවත් එලියට දාගෙන එහෙට මෙහෙට හැරි හැරී මූන ඉස්සරහට එන වාහන මගෑරලා කෙල්ල වාහනේ හයි වේ එකෙන් ඇතුලට දැම්මට පස්සෙයි යුන්ගි හුස්මක් ගත්තේ, ඕන තරම් පාතාලේ චන්ඩි එක්ක හැප්පිලා තිබුනත් මේ විදියේ අත් දැකීමක් නම් යුන්ගිට කවදාවත් ලැබිලා නෑ...

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now