🖤🖤HI MR MIN 🖤🖤11

1.1K 296 65
                                    

🖤🖤Hi MR MIN 🖤🖤11

අත් දෙක යුන්ගි ගේ ඉනවටේ පටලගෙන හිටපු නිවී එක පාරට ඔලුව උස්සල යුන්ගි දිහා බැලුවේ පහලින් ජින් නිවීගේ නම කියලා කැ ගහනවා ඇහුන නිසා,. උඩ බලාගෙන ඉන්න නිවීගේ කම්මුල් දෙකට අත තියලා යුන්ගි නිවීගේ මූනට පාත් වෙන කොට යුන්ගිව තල්ලු කරපු නිවී වට පිට බැලුවේ මල් පෝච්චිය කොහෙද කියලා බලන්න. 

පහලින් තවත් ජින් කෑ ගහනවා ඇහෙන කොට යුන්ගි දිහා බලලා තොල් තද කරගත්ත නිවී යුන්ගි හිනා වෙද්දිම  බැල්කනි එකේ අත් වැටට හේත්තු වෙලා පහල බැලුවා.  කෑලි කැඩිලා ගිහින් තියන මල් පෝච්චිය කකුල් දෙක ලග තියාගෙන ජින් කෑ ගහනවා.

"යා නිවීයා මොකද කරන්නේ  ඕවා මං කස්ටමයිස් කරලා හදාගත්තුවා, මේ රෝස පැලේ මල් එන්න පටන් ගත්තා විතරයි යා"

නවත්තන් නැතුව ජින් කියවද්දි නිවී කන්දෙක අල්ලගෙන තොල පෙරලුවේ සමාවෙන්න කියන්න,  ඒත් එක්කම එතන්ට ආපු යුන්ගි අත් වැටෙන් එබිලා පහල බලල බෙල්ල වටේ අත දාලා නිවීව ඇදලා ගන්න කොට ජින් ගේ කියවිල්ල නැවතුනා.

තවත් ටික වෙලාවකින් යුන්ගිත් එක්කම නිවී පහලට එද්දි  පහල හිටපු ජින් යුන්ගිට කථා කරද්දි නිවී කිචන් එකට ගියා. අයියා මලෝ දෙන්නටම ඔරේන්ජ් ජූස් දෙකක් හදාගෙන නිවී ලිවින්ග් රූම් එකට ආවත් යුන්ගි පේන්න හිටියේ නෑ.

"ඔප්පා,  කොහෙද මිස්ටර් මින්?"

"ආ අර මල් පෝච්චිය අස් කරන්න යැව්වා මං"
ජින් ගානක් නැතුව කියද්දී නිවී ජින් දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන,  ජින් කිව්වට නිවීට විශ්වාසයක් තිබුනේ නෑ යුන්ගි එතන අස් කරනවා කියපු එක ගැන.  ඒ නිසාම ට්‍රේ එක එතනම තියලා නිවී එලියට ආවා.  නිවී එනකොට ම පැත්තකට වෙලා හිටගෙන ගාඩ් කෙනෙක් ලව්වා අස් කරවන ගමන් හිටපු යුන්ගි ඉක්මනින් බිමින් වාඩි වෙනකොට නිවී හිනා වෙවීම එතන්ට ගියා.

"ජින් ඔප්පා ආවා කියලා බය වුනා නේ චන්ඩි මින් "

යුන්ගිගේ නහයෙන් ඇදලා බිමට නැවුන නිවී ගාඩ්ට මල් පෝච්චිය කෑලි ටික දීලා භාගයක් තැලිලා තිබුන රෝස පැලේ ඇහිදලා අරගෙන එලියේ තිබුන ස්ටෝ රූම් එකට ගියේ යුන්ගි ට ඇතුලට යන්න කියන ගමන්. 

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now