🖤🖤Hi Mr Min 🖤🖤05

1.1K 295 13
                                    

නිවී අත් දෙකෙන්ම කිචන් ටේබල් එක තද කරලා අල්ලගෙන හේසෝක් යන දිහා බලාගෙන හිටියා, යොන්වා!!! මේ ගෙදරට ආවත් හරි නිවීට කීප සැරයක්ම ඒ නම ඇහිලා තිබුනත් ඒ කවුද කියලා නිවී දැනගෙන හිටියේ නෑ. යොන්වා ගැන කියවෙන හැම වෙලාවකම නිවී ඒ කවුද කියලා ඇහුවත් කොල්ලෝ ටික කරන්නේ මොකක් හරි කියලා කථාව මග අරින එක. 

ඒත් අද යොන්වා කවුද කියලා දැනගන්න නිවීට ලොකු වුවමනාවක් ඇති වුනා, යොන්වාට යුන්ගිගේ සම්බන්ධයක් තියනවා කියලා නිවීට මුල ඉදන් ම තේරුනා,  ඒත් ඒක තේරෙන හැම අවස්ථාවකම නිවී කලේ යොන්වා යුන්ගිගේ සහෝදරියක් කියලා  හිතලා ඒක අමතක කරලා දාපු එක...

ඒත් ඒක එහෙමමද කියලා විශ්වාසයක් නිවීට තිබුනේ නෑ,  නිවීට ඕන වුනා අදත් යොන්වා යුන්ගිගේ සහෝදරියක් කියලා හිතන්න, ඒත් අද යුන්ගිගේ හැසිරීම නිවී ට ඒකට ඉඩ දුන්නේ නෑ,  හැමදාමත් ආඩම්බරෙන් පිරිලා තියන ඒ මූන පුරා අද ඉහිරිලා තිබුනේ  පරාජිත පෙනුමක්,  රතු වෙලා තිබුන ඇස් නිසා  ඒ හිත ඇතුලේ තියන වේදනාව තේරුම් ගන්න  නිවීට බැරි උනේ නෑ...

යුන්ගියාහ්!!!!
හයුන්ග්!!!!!!

එක සැරේටම ඇහුන කටහඬවල් වල සද්දෙට නිවී ගැස්සිලා පියවි සිහියට ආවා..කලබල කටහඬවල් යුන්ගි ගේ රූම් එක පැත්තෙන් ඇහෙද්දි අත් දෙකෙන්ම මූන පිහගත්ත නිවී ත් ඒ පැත්තට දුවගෙන ගියේ කලබලේ මොකක්ද කියලා බලන්න...

කාමරේ පුරාම ඉහිරිලා තිබුන වීදුරු කටු ගොඩ මැද ඇදට පිට දීලා බිම වාඩි වෙලා හිටියේ යුන්ගි,  නවාගෙන හිටපු කකුලේ දනිස්ස උඩින් තිබුන අතින්  වැටෙන ලේ බිංදු එකින් එක සුදු පාට ටයිල් පොලවට වැටුනත් යුන්ගිට ඒ ගැන ගානක් තිබුන බවක් පෙනුනේ නෑ,   හිස් වෙච්ච ඒ ඇස් නැවතිලා තිබුනේ සිවිලිමේ.

යුන්ගි ගේ කාමරේ ලගින් එහා මෙහා යද්දී කීප වතාවක්ම නිවී මේ වීදුරු  statue එක දැකලා තියෙනවා,  එකිනෙකා දිහා ආදරෙන් බලාගෙන ඉන්න ලස්සන හංස ජෝඩුව බලාගෙන ඉන්න හිතෙන තරම් ලස්සනයි,  ඒත් දැන්  මුලු statue එකම වීදුරු කටු ගොඩක් වෙලා.

නිවී දොර ලග නැවතිලා බලාගෙන ඉද්දි first aid box එකක් අරගෙන දුවගෙන ආවේ ජින්. ජන්කුක් තේහයුන් එකතු වෙලා කාමරේ තිබුන වීදුරු කටු අයින්  කරනකොට හේසෝක් ගේ රූම් එක පැත්තෙ ඉදලා දුවගෙන ආවේ ජිමින්..

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now