🖤🖤Hi Mr Min🖤🖤03

1.2K 305 27
                                    

පුරුදු විදිහටම යුන්ගි ඇතුලු පිරිස පිටත් වුනේ හැමදාමත් වගේ රාත්‍රී ගනුදෙනුවකට.මීට අවුරුදු තුනකට කලින් මේ ගමන් වලට හේසොකුත් එකතු වුනත් දැන් මේ ගමන් වලට යන්නේ කොල්ලෝ හය දෙනා විතරයි.

ගනුදෙනුව වුනේ රජයේ නම ගිය ඇමති කෙනෙක් ගේ කලු සල්ලි විදේශ ආයතනයක ආයෝජනය කරන එක.  යුන්ගි ගැන තියන විශ්වාසය නිසාම කලින් ගනුදෙනුව ඉවර කරලා පස්සේ agreement  signe කරන්න ඇමති කැමති වුනා,  අද රෑ ගමන ඒ වෙනුවෙන්.

ගනුදෙනුවට අදාල හැමදේම හොදින් සිද්ධ වුනාට පස්සේ ටේයොන් එක්ක යුන්ගි පිටවෙලා ආවත්, මගක් දුර එද්දි වාහනයක් තමන්ව follow කරනවා කියලා යුන්ගිට තේරුනා, අවුරුදු ගානක ඉදන් යුන්ගි ට මේ තරම් ලගට ඇවිත් අභියෝග කරන්න ඉන්නේ එකම හතුරයි.
ඒ ඩේව් මේකත් ඩේව්ගේ වැඩක් කියලා වාහනේ දැකපු ගමන් යුන්ගි ට තේරුනා..

මේ වෙලාවේ ඩේව් එක්ක හැප්පෙන්න තරම් වෙලාවක් යුන්ගිට තිබුනේ නෑ තව පැය තුනකින් විදේශ නියෝජිතයෙක්  එක්ක යෙදිලා   තිබුන ගනුදෙනුව නිසා යුන්ගි ට ඕන වුනේ පුලුවන් තරම් ඉක්මනින් මැන්ෂන් එකට යන්න.  ඒ නිසාම යුන්ගි ජින්ටයි ජන්කුක් ටයි කිව්වේ තමන්ගේ වාහනේ මග ඇරලා ඉස්සරහට යන්න කියලා, 

වාහන තදබදය අතරේ ඩේව් ට යුන්ගි ගේ වාහනේත් මග ඇරෙද්දි වාහන අඩු අතුරු පාරකට වාහනේ හරවපු යුන්ගි වේගේ අඩු කරේ ඩේව් ගේ වාහනේ පේන්න වත් නොතිබුණු නිසා.
_______________________________________
කථාව ඉවර වෙලා කට්ටිය ම වාහන වලට නගින කොට ටේයොන් එක්ක යුන්ගි ඇවිත් තමන් ඉන්න වාහනේ ට නගින කොට තොල් දෙකම කට ඇතුලට ගත්ත නිවී එතනම බිමට පහත් වුනේ මූනට හිනාවක් එද්දි,  එකම වේගෙකින් පරන ගබඩාවක් වගේ තැනකට ගිහින් නවත්තලා යුන්ගි බැහැලා ගියාට පස්සේ නිවී අත පය දිගෑරලා ෂීට් එකේ හරි බරිගැහිලා වාඩි වෙද්දිම යුන්ගි ආපහු ආපු නිසා කෙල්ල ආපහු හිටපු විදියටම බිමට පාත් වුනා.

ටිකක් වෙලා එකම වේගෙකින් ඇවිත් වාහනේ එක පාරටම වේගේ වැඩි කරද්දි නම් ඇදවෙලා තිබුන නිවීගේ මූනට හිනාවක් ආවා, ගමන පුරාවටම එකිනෙකා එක්ක වචනයක් වත්  කථා නොකරපු කොල්ලෝ දෙන්නා එකපාරටම

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now