🖤🖤Hi Mr Min 🖤🖤 02

1.3K 325 28
                                    

තමන්ගේ ගෙදර වගේ සෝෆා එකට වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටපු ජන්කුක් වගේම කෙල්ලත් ගැස්සුනේ කෑ ගහගෙන එතන්ට ආපු ජින් නිසා, ඒප්‍රන් එකත් ඇදගෙන ජන්කුක් ලගට ඇවිත් අතේ තිබුන හැන්දෙන් ජන්කුක් ට එකක් ගහපු ජින්,

"ජන්කුකා යුන්ගියාට හදපු රාමෙන් එකත් කෑවද ආ"

"යා හයුන්ග් රිදෙනවා "

ජන්කුක් අත අල්ලගෙන මූන ඇද කරගෙන ජින් දිහා බලපු විදියට පැත්තකට වෙලා මේක බලාගෙන හිටපු කෙල්ලගේ කටින් හිනාවක් පැන්නා, එතකොටයි ජින් නිවී ව දැක්කේ , ජන්කුක් ට වගේම ජින් ටත් කෙල්ල අත උස්සලා හායි කියද්දී, කෙල්ලට හිනාවක් දාපු ජින් ජන්කුක් දිහා බලලා ඇස් හීනී කරද්දී ජන්කුක් කරේ උරහිස් ගස්සලා අහක බලාගත්ත එක.

ඒත් එක්කම එතන්ට ආවේ නම්ජූන් ඒ පිටිපස්සෙන් ටේයොන් ඊලගට  හේසෝක් ගේ වීල් චෙයා එක තල්ලු කරගෙන ජිමින් හැමෝම පෝලිමට නිවී දිහා බලාගෙන ඉද්දි නිවීත් සෝෆා එකට වෙලා ආපු කට්ටිය දිහා බලාගෙන හිටියා..
.කොල්ලො පස්දෙනා කෙල්ල දිහා බලාගෙන හිටියේ අමුතු සතෙක් දැක්කා වගේ,  මතක ඇති කාලේක මේ යුන්ගි  ගොදරට එක්ක  ඇවිත් තියෙන්නේ එකම එක කෙල්ලෙක් විතරයි,  ඒ යොන්වා.  ඒත්  යොන්වා අතුරුදහන් වුනාට පස්සේ යුන්ගි ඕන තරම් ගැහැණු ආශ්‍රය කරත් ඒ කිසිම කෙනෙක් ගෙදර ගෙනත් නෑ ඒ හැම බැදීමක් ම එක රැයකින් අවසාන වුනා..

ඉතින් නිවීගේ ආගමනය කොල්ලෝ පස් දෙනාටම ප්‍රශ්නයක් වුනා,  ඒ වගේමයි නිවීටත්,  යුන්ගි ගේ  ගෙදර තවත් අය ඉදී කියලා නිවී හිතුවේ නෑ,  ඒ වෙලාවේ කරන්න දෙයක් නැති කමට ආවත් දැන් නිවීට දැනුනේ බයක්,, නන්නාදුනන පිරිමි හත් දෙනෙක් මැද  මොකක්ද කරන්නේ කියලා නිවී ට හිතාගන්න බැරි උනා ඒ නිසාම නිවී කලෙත් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න කොල්ලො හය දෙනා දිහා  කන්න වගේ බලාගෙන හිටපු එක..

අට දෙනාම මූනට මූන බලාගෙන ගෙවුන විනාඩි ගානකට පස්සේ ඇහුනේ දොරක් ඇරෙන සද්දයක් ඒත් එක්කම හැමෝම ඒ පැත්තට හැරෙද්දී දොර අල්ල ගෙන එක අතකින් තෙත කොන්ඩේ හද හද දොර ලග හිටියේ යුන්ගි.  යුන්ගියා ව දැක්කා විතරයි කට්ටියම,

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Unde poveștirile trăiesc. Descoperă acum