🖤🖤HI MR MIN 🖤🖤07

1.1K 310 20
                                    

ජන්කුක් යන දිහා බලාගෙන plate එක අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන නිවී ලොකු හුස්මක් පහලට දැම්මා,  නිවීටත් නොදැනීම නිවීගේ මූනේ නිහඩ හිනාවක් ඇදිලා තිබුනා. නිවීට සතුටුයි යුන්ගි තමන් ගැන හිතනවා කියලා දැනුනම,  ඒත් යුන්ගි ගේ හිතේ තියන්නේ මොනවද කියලා නිවීට තේරුනේ නෑ.  ඒ වගේම යුන්ගි නැතුව ජීවත් වෙන්න බෑ එතනින් එහාට ජීවිතයක් නෑ කියලා නිවී හිතුවේත් නෑ.  නිවී ගේ හිතේ කැමැත්තක් ඇතිවුන පලවෙනි පිරිමියා වුනේ යුන්ගි,  ජීවිත කාලේ ඕන තරම් පිරිමි මුන ගැහිලා තිබුනත් නිවීගේ හිත නැවතුනේ යුන්ගි ලග.   තෙතමනයක් නැති ඒ නපුරු ඇස් යට තියන ආදරේ නිවී දැක්කා,  හේසෝක් ව දැක්කම ඒ ඇස්වල ඉහිරිලා යන තෙත නිවී අනන්තවත් දකිනවා,  ජන්කුක් කලබලේ නිසා දාගන්න කරදර ලගදී ඉවසන විදිය, ජින් ගේ එක වචනෙට පොඩි දරුවෙක් වගේ අවනත  වෙන විදිය නිවී දැකලා තියෙනවා. 

තේහයුන් ඇගේ එල්ලිලා දගලන කොට අතාරින්න කියලා කෑ ගැහුවත් පැත්තකට ගිහින් හිනාවෙන යුන්ගි ව නිවී දැකලා තියනවා,  පිටතින් සීතල කොල්ලෙක් වුන යුන්ගි ඇතුලතින් හරි ආදරනීය චරිතයක් කියලා වැඩි දවසක් යන්න කලින් ම නිවීට තේරුනා,  නිරායාසයෙන්ම මූනට ආව හිනාවත් එක්කම උරහිස් අකුලපු නිවී

"කියුට් හරියට පූසෙක් වගේ අල්ලලා පොඩි කරලා දාන්න හිතෙනවා "  (මටත් නිවියෝ 🙄)

"කෝ කොහෙද?"

නිවී එක සැරේටම පිටි පස්සට හැරුනේ ඒ කටහඩට,

"ත් තේහයුන්!!! මොනවද?"

"පූසෙක් ගැන කිව්වේ "

"ක් කවුද?"

"ඇයි දැන් කිව්වේ පොඩි කරලා දාන්න හිතෙනවා කියලා "

තේහයුන් එහෙම අහද්දි ඇස් ලොකු කරගෙන තේහයුන් දිහා බලාගෙන හිටපු නිවී එක සැරේටම නැගිටලා මැන්ෂන් එක ඇතුලට යන්න ගීයේ තේහයුන් ගැස්සිලා යද්දී.
__________________________________

කාමරේ ජනේලෙන් එලියට ඇස් රදවගෙන හිටපු නිවී බලාගෙන හිටියේ ටිකෙන් ටික අදුරු වෙන පරිසරය දිහා,  නිවී මෙතනින් වාඩි වෙන කොට මුලු පරිසරයම තිබුනේ ඉර එලියෙන් පාට වෙලා ඒත් දැන් තැනින් තැන අදුරු හෙවනැලි මතු වෙලා...

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now