🖤🖤HI MR MIN 🖤🖤14

1K 279 52
                                    

🖤🖤HI MR  MIN 🖤🖤14

ඇහැරෙනකොට නිවී හිටියේ තමන්ගේ රූම් එකේ.  ජන්කුක් යොන්වා ගැන කියපු දේ මතක් වෙලා පපුවට අතක් තියාගත්ත නිවී තවත් ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා හිත සන්සුන් වුනාට පස්සේ හීමින් පහලට ආවා. නිවී එනකොට ම දැක්කා සෝෆා එකේ වැටිලා ඉන්න යුන්ගිගේ මහන්සි පාට මූන..

අඩියට දෙකට යුන්ගි ලගට ගිය නිවී යුන්ගිගේ කොන්ඩේ අතර ඇගිලි රදවන ගමන් යුන්ගිට කතා කලා. ඒත් යුන්ගිගේ ප්‍රතිචාරය නිවී ව අන්ද මන්ද කලා. නිවීගේ  අත ගසලා දාපු යුන්ගි රූම් එකට ගියේ නිවී එහෙමම හිටගෙන බලාගෙන ඉද්දි.

යුන්ගි යන දිහා බලාගෙන ම සෝෆා එකට කඩා වැටුන නිවී ටිකක් වෙලා යුන්ගි ගිය දිහා බලාගෙන හිටියේ නිවී කවදාවත් යුන්ගිගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුන නිසා.  තවත් ටික වෙලාවක් බලාගෙන ඉදලා හුස්මක් පහල දාලා නිවී කිචන් එකට ගියා.

නිවී යද්දී කෑම කන ගමන් හිටපු ජන්කුක් ඉක්මනින් ඇවිත් පුටුවක් ඇදලා දීලා නිවීට කෑම ත් බෙදලා දූන්නේ නිවී ඇස් ලොකු කරගෙන බලාගෙන ඉද්දි.  වෙනදට හැමදේම නිවීට කියලා කර ගන්න ජන්කුක් ගේ වෙනස තේරුනත් නිවී ඒ ගැන මොකුත් නොකියම උඩින් පල්ලෙන් කටක් දෙකක් කාලා ආපහු රූම් එකට ආවේ කන්න තරම් පිරියක් හිතට වගේම ඇගටත් තිබුනේ නැති නිසා.

දවසින් දවස යුන්ගි තමන්ව මග අරින බව තේරුනත් නිවී ඒ ගැන යුන්ගි ගෙන් අහන්න ගියේ නැත්තේ ඉක්මනින් හැමදේම හරියයි කියලා හිතුන නිසා.  ඒත්   දවසින් දවස යුන්ගි තමන්ව ප්‍රතික්ෂේප කරන එකේ ඉවරයක් නෑ කියලා දැනුනම නිවී ඒ ගැන යුන්ගි ගෙන් අහන්න හිතුවා.

දවස් කීපයක් නිවී යුන්ගි ට කථාකරන්න බලාගෙන හිටියත් දවස් දෙකම යුන්ගි නිවීව මග ඇරියා,  මාස කීපයක් යුන්ගි එක්ක ආදරෙන් බෙදා ගත්ත රූම් එකේ දොර නිවීට වැහිලා ගියා.

කෑම කන්න තරම් ඕන කමක් නොතිබුනත් හැමෝම ඉන්න තැන කැම මේසෙට නිවී වාඩි වුනේ තවත් වෙන දේවල් දරා ගන්න පුලුවන් කමක් හිතට තිබුනේ නැති නිසා.

"ජින් ඔප්පා මට ටිකක් කථා කරන්න ඕන "
පාඩුවේ කෑම කන ගමන් හිටපු ජින් අනිත් අය දිහාත් බලලා නිවී දිහා බලලා,

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now