7

470 158 19
                                    

" එයා ලස්සනයි "

එයා හිමින් හිමින් නැගිටිනවා ජන්කුක් බලන් හිටියා. ඊටපස්සේ ජන්කුක් මූඩිය ඇරලා එයාට එලියට එන්න ඉඩ දුන්නා.

" මෝඩ මනුස්සයා , නපුරු මනුස්සයා , ඔයා මහ නරකයි මාව හිරකලා "
පුංචි දේවදූතයා අත් දෙකත් බැදන් කෑගහනවා. ඇගේ ප්‍රමානයට වඩා එයාගේ කටහඩ හයියෙන් ඇහෙනවා.

" හිතලා නෙමේ කලේ , ඔයා බිම වැටිලා හිටියා. ඔයාගේ ආරක්ශාවටයි එහෙම කලේ "
ජන්කුක් එයාගේ බෑග් එක ඇරලා පිටූ ගොඩාක් තියෙන ඉතිහාසය අච්චු පොත අරන් බිමින් තිබ්බා. ඒ එයාට වාඩිවෙන්න පුලුවන් වෙන්න.  වෙන තියන්න පුලුවන් දෙයක් ජන්කුක්ට මතක් වුනේ නෑ.

පුංචි දේවදුතයා හරි බරි ගැහිලා පොත උඩින් වාඩිවුනා.

" ඔයා නිදාගන්නකන් ඉදලා මට හැමදාම එපා වෙනවා.
ඒකට ඊයේ ගෙදර ඉන්න අර ගෑනු කෙනා ජනේලේ වැහුවා.
මං බය වෙලා එලියට යන්න හදනකොට ජනේලේ විදුරුව වැදුනා මගේ නහයේ . හුම්ම්.......... මං නැගිටලා බලනකොට බෝතලයක. ඔයා තමා මට මෙහෙම කරන්න ඇත්තේ. "
අත් දෙක බැදන් ඇසුත් පියන් එකදිගට කියවන මේ පුංචි ඒන්ජල් දිහා ජන්කුක් හරි ආසාවෙන් බලන් හිටියා.

"  ඕ............ සොරි සොරි , ඒත් ඇයි ඔයා මං නිදාගන්නකන් ඉන්නේ "








කොටස් කිහිපයක් එකදිගට දායි. පුංචි කොටස් නිසා. කැමති අය පුලුවන් වෙලාවක කියවන්න ☺️

Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now