11.

494 160 17
                                    

" හ්ම් හ්ම් "
ජිමින් කටපුරෝගෙන කිව්වා.

" එතකොට මං මොනාකරනවද දකින්නේ "
ජන්කුක් ඔලුව පැත්තකට ඇල කරලා අහනවා.

" සමහර දවසට අරක දිහා බලන් ඉන්නවා "
ජිමින් ඇපල් කෑල්ල එක අතකින් බදාගෙන අනෙක් අත දිග ඇරලා පරිගණකය පෙන්නුවා.

" ආ එහෙමද "
ජන්කුක් යට තොලත් හපන් කල්පනාකරන්න ගත්තා.

" හ්ම් හ්ම් , සමහර දවස් වලට කෙදිරිගානවා "
ජිමින් ඒම කියන ගමන් හිනාවුනා. ඊටපස්සේ ලොකූ ඇපල් කෑල්ලක් කටේ ඔබාගත්තා.

" ආශ්...... මෙයානම් "

" අදවත් වෙලාසන නිදාගන්න මට ගෙදර යන්න "
ජිමින් ඇස් පියාගෙන කියනවා.

" හරි "
ජන්කුක් ඔලුව පහත් කරන් කියනවා.

" දැන් ගිහින් රෑට එන්න බැරිද "
ජන්කුක් නිකමට ඇහුවා.

ජිමින් එයාගේ අතින් කටපිහදැම්මා.

" මං ඉන්නේ මිනිස්ලොකෙන් හැංගුන තැනක ඉර පැව්වම එතැන හොයාගන්න බෑ. ඉතින් අද මං තනිවෙලා. ඒ ඔයා නිසා , එනිසා මාව රෑ වෙනකන් බලාගන්න ඕන "
ජිමින් ඉනට අත තියන් එයාගේ පුංචි දබරගිල්ල ජන්කුක්ට දික්කරන් කිව්වා.

" හරි මං බලාගන්නම් "
ජන්කුක් හිනාවුනා.

" හානේ ඔයා හාවෙක් වගේ "
ජිමින් හිනාවෙනවා.

" හුම්ම් "
ජන්කුක් බුම්මගත්තා. මොකද හැමෝම එයාට ඔය කතාව කියනවා.

" ඔයා දන්නවද මං දවසක් හාවෙක්ගේ පිටේ ගියා. එයා යනකොට චුට්ටක් ගැස්සෙනවා. ඒත් ශෝක් , එයා මාව පිට උඩ ගෙනිච්චට මං එයාට මගේ තරන් උස කැරට් අලයක් හොයලා දුන්නා. "
ජිමින් නැගිටලා එයාගේ ඔලුව ලගින් අත තියලා ජන්කුක්ට පෙන්නුවා.









Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now