15

633 191 68
                                    

ටේගේ අත අල්ලගෙන යුන්ගි හිනාවෙවි ඉන්නවා.

" ගුඩ්මොනින් කුකි "
යුන්ගි හිනාවුනා.

" ගුඩ්මොනින් "
ජන්කුක් එහෙම කියලා ටේ දිහා බැලුවා. ටේ ඇගිල්ල දික් කරලා යුන්ගිව පෙන්නලා  අතින් හාට් එකක් පෙන්නුවා. ඊටපස්සේ ඔලුව වැනුවා.

" වාව් "
ජන්කුක්ගේ කටින් පිටවුනා.

ඊයේ තිබහට කෝපි කෝප්පයකින් පටන් ගත්තු ටේගෙයි යුන්ගිගෙයි කතාව හාදුවකින් අවසන් වෙලා තවත් අලුත් කතාවකට මුල පුරලා තිබුනා.

ජන්කුක් යනගමන් ඊයේ දවසේ වුන හැමදේම ටෙගි දෙන්නට කිව්වා.

" කුකූ........... ඔයා ලොකු වුනාම පොත් ලියන්න හරියට හැරිපොටර් , ඇලිස් ඇන්ද වොන්ඩර්ලන්ඩ් වගේ........ ඔයා ලෝකෙම ජනප්‍රිය වෙයි. "
ටේ ජන්කුක්ගේ පිටට තට්ටුවක් දැම්මා.

" මෙයාලට කිව්වට විශ්වාස කරන්නෑ , ආශ් , ඒ අස්සෙන් මේ ලේස් එක "
ජන්කුක් පහලට නැමුනා.

" මේ ඔයාලා ඉස්සරහට යන්න මං එන්නම් "
ජන්කුක් ලේස් එක ගැටගහනවා.

" හැබැයි ,
මං නම් විශ්වාස කරනවා "
ජන්කුක් ඉස්සිලා බැලුවේ කවුද කියලා බලන්න.

ලස්සන කොල්ලෙක් තමන් ඉස්සරහා හිටන් ඉන්නවා. ජන්කුක් නැගිටලා එයා දිහා හොදට බැලුවා. එයා තමන්ගේ වයසේ විතර ඇති.

" ඔයා......... ආනේ ජිමීන් ."
ජන්කුක් කැගැහුවා විතරක් නෙමේ ජිමින්ව බදාගත්තා.

" දවසක්ම ආවෙ නැති නිසායි , මනුස්සයෙක් එක්ක කතාකරපුයි නිසා මාව එයාලා මිනිස්ලොකෙටම පිටුවහල් කලා. "

" අනේ සමාවෙන්න මගේ වරද "
ජන්කුක් ජිමින්ගේ අත් අල්ලගත්තා.

" අයියෝ නෑ මං කැමති ඒකට "
ජිමින් එහෙම කියනකොට ජන්කුක් හිනාවුනා.

" මං හිතන්නේ ඔයා නොදැකපු පුංචි වෙලාවට මට ඔයාව ගොඩ ගොඩාක් මතක් වුනා. "
ජන්කුක් ලැජ්ජාවෙන් කිව්වා.

" හ්ම් හ්ම් මං දන්නවා. ඊයේ ඔයාගේ යටිසිතේ වඩිපුරම තිබුනේ මං ගැන "
ජිමින් කිව්වේ බිම බලාගෙන ඒත් ආඩම්බරෙන් ,

ජන්කුක් ජිමින්ගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නේ ජිමින්ව පුදුම කරමින් ඒට් ජිමින්ව තවත් පුදුම කලේ ඊලග හාදුව එයාගේ තොල් වලට ලබෙනකොට....✨️✨️✨️✨️

.........නිමි..........










Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now