10

465 157 19
                                    

ජන්කුක් ඇග හොදගන්නකන් ජිමින් ජන්කුක්ගේ පොත් මෙසේ උඩ ඇවිද ඇවිද ඉන්නවා. මේසේ උඩ තියෙන කටර් එකක පැටලිලා ජිමින් පෙරලුනා.

" අයියෝ "







ජන්කුක් වොශ් එකක් දාගෙන ඇවිත් වටපිට බැලුවා.

" ජි_මින් "
ජන්කුක් හිමින් කතාකලා.

" අනේ , ජන්කුක්. මේ බලන්නකෝ "
ජන්කුක් එයාගේ පොත් මේසේ ලගට දුවන් ගියා.

ජන්කුක්ට හිනා. මේසේ උඩ තිබ්බ රබර් පටි දෙකක් ජිමින්ගේ ඇගේ පැටලිලා. එයා දගලන්න දගලන්න ඒක තවත් පැටලෙනවා.

" ඔන්න හරි "
ජන්කුක් හරි පරිස්සමෙන් එයාව බේරුවා.

" ස්තූතියි "
ජිමින් හුරුබුහුටියට හිනාවුනා.

" ඔයා ඔහොම ඉන්නකෝ "
ජන්කුක් හිනාවෙලා කාමරෙන් එලියට ගියා.

" හිමින් කන්න ලමයෝ "
ජන්කුක්ගේ මව ජන්කුක් ලගින් වතුර විදුරුවක් තිබ්බා.





ජන්කුක් ආයෙත් ඉක්මනට කාමරෙට දුවලා ඇවිත් දොර වහගත්තා.

" හුම්...... ඔයාට තෙරෙන්නෑ. මට බඩගිනි "
ජිමින් එයාගේ බඩ පෙන්නන ගමන් ජන්කුක්ට කිව්වා.

" ඕ.......... සොරි සොරි. මෙන්න "

ජන්කුක් එයාගෙනාපු ඇපල්ගෙඩිය ගෙනල්ලා කැල්ලක් කපලා ජිමින්ගේ අතට දුන්නා.

" හිමින් කන්න "
ජන්කුක් පුටුව ඇදලා අරන් වාඩිවුනා.

ජිමින් ජන්කුක්ගේ පොත් ගොඩක් උඩින් වාඩිවෙලා ඇපල් කෑල්ලේ එක්කොනක් හපන්න ගත්තා.
ඇපල් කැල්ල හරි ලොකු නිසා ජිමින් ඇපල් කෑල්ල ඔඩොක්කුව උඩින් තියාගෙන අත් දෙකෙන්ම අල්ලගෙන කනවා.

" ජිමින් , ඔයා හැමදාම මං නිදාගන්නකන් බලන් ඉන්නවද "
එකපාර මතක් වුන ජන්කුක් ඇස් ලොකු කරන් ඇහුවා.






Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now