13.

465 169 14
                                    

" අයියෝ ඔහොම ඉන්නකෝ "

" ජිමින් මට කියන්න ඔයා හොදින් නේද "

" හ්ම් හ්ම් , මට ඔයාව බදාගන්න හිතුනා. ඒත් ඒමකරන්න බෑනේ. ඒකනෙමේ ,ඔයාගේ අත හරි සනීපයිනේ. හොද උනුසුම් "
ජිමින් තවත් තද කරලා අත බදාගත්තා.

" ඔයා ඉතින් ගිහින් ආයේ එනවානේද "
ජන්කුක් කිව්වේ හරි දුකෙන්

" ඔව් ඇයි , මං නැතුව පාලුද "
ජිමින් ඔලුව උස්සලා ජන්කුක් දිහා බලලා හිනාවුනා.

" අපෝ නෑ.................... හ්ම්,..... ටිකක් විතර "



















































" අයියෝ ජිමින් මට තෙරෙන්නෑ , තාම දහයයිනේ ඒත් මට නිදිමත නෑ "
ජන්කුක් එයාගේ ටූත් බ්‍රෂ් එක කටේ ගහන් ඉන්නවා.

" අයියො ඔයා ............"
ජිමින් සින්ක් ඒකේ ටැප් එක උඩට වෙලා බුම්මගත්තා.

" කුකී........."
ජන්කුක්ගේ ඔම්මා කතාකරනවා. ජන්කුක් කලබලෙන් දොර ලගට ගියා.

" කියන්න ඔම්මා "
ජන්කුක් කටේ තිබ්බ බ්‍රශ් එක අතට ගත්තා.

" හ්ම් , ගේම්නොගහා නිදාගන්න ඕන හරිද , ගේම් ගහලා අහුවුනොත් ඇත්තමයි. සතියක් බනානාමිල්ක්ශෙක් දෙන්නෑ හොදද "

" හරි ඔම්මා "

" එයා නපුරුද මම එයාට ගහන්නද "
ජිමින් ටැප් එක උඩ හිටන් අහනවා.

" අයියෝ නෑ ඒ මගේ ඔම්මා එයා මට ගොඩාක් ආදරෙයි . මේලොකේ මට වැඩිපුරම ආදරේ එයා. මාත් මේ ලොකේ වැඩිපුරම ආදරේ එයාට "
ජන්කුක් පපුවට අත තියන් ඇස් පියාගෙන කිව්වා.

" ඇත්තද "
ජිමින් එයාගේ කම්මුල් දෙකට අත් තියන් කිව්වා.
අනේ ජන්කුක් මටත් ආදරේනම් ජිමින්ට නිකමට හිතුනා.











Kishu :-)

Dream Angel ||jikook||☑️Where stories live. Discover now