A New City And A New Beginning But My Home Town...

264 43 0
                                    

රාත්‍රි අහස කියද්දී මොනවද මතක් වෙන්නේ? හඳ? අමාවක දවසේ අහස තනිකරනව නම් හදෙන් ඇති වැඩේ මොකද්ද? "කූකී ඇතුලට එන්න" Lily කතා කරනවා Jungkook ට ඇහුණා. ඒත් Jungkook ට යන්න ඕනේ කමක් තිබ්බෙ නෑ මේ දෙසැම්බර් මාසයේ ශීත සෘතුවේ එකත් අමාවක දවසක අහස තනි කරන්න. Jungkook ගෙ ඇස ගැටුණේ පුංචි තරුවකට. එක තරුවක් වත් නැති අද කොහොමද එක තරුවක් ඉන්නේ තනියෙන්. "එයාට පාළු ඇති තනියෙන් ඉන්නකොට" Jungkook ට ඉබේටම වාගේ කියවුණා. "නැහැ බලන්න අතන එයාගෙ පිටි පස්සේ ගොඩක් දිලිසෙන්නේ නැති පුංචි තරුවක් ඉන්නවා. එයා තනිවෙලා නැහැ"  එක සැරේ පිටිපස්සෙන් තමන්ගේ බෙල්ල බදා ගන්න ගමන් ආව කට හඬත් එක්ක ගැස්සුනත‍් මොහොතකින් ඒ Lily බව තෙරුන් ගත්තා." ම්.. ඔව්. " Jungkook කිව්වා. " කූකී යමු ඇතුලට... අපිට හෙට ගොඩක් වැඩ තියේ" තවත් කිසිවක් නොකියා Lily එක්ක නිදන කාමරයට යන්නේ ඔවුන්ට හෙට ගොඩක් මහන්සි වෙන්න වෙන නිසා.

Jungkook කියන්නෙ බිත්ති හතරකින් වට උන වැස්සට තෙමිලා ගලා තිබුණ තීන්ත පතුරු ලෙස ගැලවෙන පුංචි ගෙදර තමන්ගේ ජීවිතය ගෙවපු කෙනෙක්. එයාගෙ එකම ආසාව උනේ Idol කෙනෙක් වෙන එක. එයාට ඒකට ඕනේ හැම දෙයක්ම තිබුණා. ලස්සන කට හඬක්, කඩවසම් වගේම හුරතල් මුහුණක් ඇතැම් විට සරාගී විය හැකියි. නමුත් ඔහුට එක දෙයක් තිබ්බේ නෑ ඒ මුදල්. Jungkook ඔහුගෙ සිහිනය අතහැරියා. නමුත් එක් දිනක ඔහුගෙ මව පැවැසූ දෙයකින් ඔහුගෙ ජීවිතය වෙනස් වෙනවා. "Jungkook ඔයා Lily එක්ක විවාහ උනොත් ඔයාට පුළුවන් Seoul වල ලොකු පාසලක ඉගෙන ගෙන කවදා හරි ඔයාගෙ හීනෙ ට යන්න." Jungkook ගෙ පිළිතුරු නොලැබෙන බව දන්නා නිසා මව නැවත පැවැසුවා. "Jungkook කියන දේ අහන්න පුතේ, මන් දන්නවා ඔයාලා හොඳම යාළුවෝ තමයී. ඒත් තෙරුන් ගන්න ඔයා lily ට ආදරෙයි." තවමත් Jungkook ගෙන් ප්‍රතිචාරයක් නැති කල නැවැතත් මව කතා කරා. "පුතේ මෙහෙ හිටියොත් ඔයාට අනාගතයක් නැති වෙයි, ඔයාටත් ඕනේ අර මනුස්සයා වගේ දේශපාලඥයන්ගේ බලු කුක්කෙක් ගාණට වැටිලා උදේ හවස බීගෙන ගෙවල් වලට එන්නද? උබේ ම හොඳට පුතේ මේ කියන්නේ. Lily ගෙ අප්පා මේ ගැන කතා කරා එයා කිව්වා උබලා දෙන්නව බන්දවලා Seoul වල මොකද්ද college එකකට දාන්නම් කිව්වා දෙන්නව. මෙහෙ හිටියොත් උබට නිකම්ම නාස්ති වෙන්න වෙන්නේ. මේ ගැන ටිකක් හිතන්න." එදා Jungkook හිතලා හෝ නොහිතා ඒකට
කැමති උනා. ටික දවසකින් දෙන්නගෙම විවාහය තිබ්බා. දෙන්නම Seoul වලට ආවා. ඇවිත් මේ වෙද්දි සතියක් වෙනවා. ඒත් Jungkook ගෙ අම්මා කිව්වා වගේ Jungkook ඇත්තටම සතුටින් ද?

මෙක ලොකු වගකීමක්. අවුරුදු 21 ක පුංචි කොල්ලෙක් කොහොමද මෙච්චර ලොකු නගරයක ජීවත් වෙන්නේ ඉස්සර වගේ රාත්‍රිය ට කිසිම සද්දයක් නැති, රෑ 8.00 පස්සේ කිසිම කෙනෙක් පාරක නැති, වැස්සට මඩ වලවල් පාර පුරාම තියෙන, බොහොම කලාතුරෙකින් වාහනයක් දකින තැනක් නෙවෙයි මෙහෙ හැම තැනකම අහස උසට ගොඩනැගිලි, රාත්‍රී උනත් හැමෝම වගේ පාරවල් වල ගැවැසෙනවා, හැම තැන ම වාහන මාර්ග තදබද, වාහන වල ශබ්ද, හැම දේම පහසුවෙන් කරන්න අලුත් යන්ත්‍ර සූත්‍ර අඩුම තරමේ මෙහෙ අව්වට වැස්සට පාවිච්චි කරන කුඩේ පවා වෙනස්. ගමේ සාමාන්‍ය කුඩයක් පාවිච්චි කරත් මෙහෙ අය නැනෝ තාක්ෂණය මගින් හදපු මිල අධික කුඩ පාවිච්චි කරන්නේ.

"Jungkook ඔයා නිදිද?" Lily කතා කරනවා Jungkook ට ඇහුණා. "තව නැ" Jungkook පිළිතුරු දුන්නා. "ඇත්තටම Jungkook... මේ... මේ... මට හෙට college යන්න බයයි" lily කිව්වා. Jungkook ඒ බව නොපෙන්නුවත් ඇත්තටම ඔහුත් බයෙන් හිටියේ. මේක ලොකු නගරයක්. Jungkook කියන්නේ පොඩි කොල්ලෙක්. තව Seoul වල කිසිම කෙනෙක් නොදැන කොහොමද භයක් නැතුව ජීවත් වෙන්නේ? හෙට තමයි Jungkook වගේම Lily ත‍් එයාලගේ අලුත් Collage එකට යන පලවෙනි දවස. Jungkook ට ඕනේ උනේ නෑ එයා දුප්පත් කියලා කවුරුත් දැන ගන්නවට මොකද එයා යන්නෙ පෝසත් අය යන නගරයේ ප්‍රසිද්ධ college එකකට. එයාට ඕනෙ උනේ නෑ කොන් වෙන්න. "Jungkook??" පිළිතුරු නැති නිසා Lily ආයෙත් Jungkook ට කතා කරා. "බය වෙන්න එපා Lily. දැන් නිදා ගන්න. හෙට හොඳ දවසක් වෙයි අපි දෙන්නටම" කියපු Jungkook
දෑස් පියා ගත්තෙ තවත් හොඳ දවසක් බලාපොරොත්තුවෙන්.

__TDM__Pink__

Home Town//Taekook//Where stories live. Discover now