Sweet Night but my Hometown...

96 29 0
                                    

_වසර කිහිපයකට පෙර_

"කුකී!!" දුවගෙන ආපු lily දොර ඇරන් එන Jungkook ගෙ ඇගට පැන බදාගත්තා.

"ඕ...lily ඔයා බර වෙලා. කෝ බහින්න බලන්න Taeත් ඉන්නවා" Tae අනිත් පැත්ත බලාගත්ත නිසා එයා අවුල් සහගත වෙලා කියලා තේරුම් ගත්ත Jungkook Lily ට බහින්න කිව්වා.

"අනේ යන්න කුකී... මන් බර නැහැ" Jungkook ගෙ ඇගෙන් බැස්ස lily රව රව කිව්වා.

"ඒක නෙවේ කුකී මොකද්ද උනේ අද? " අද Jungkook YN එකට බැදෙන්න ගියා. පොඩි තරගයක් තියලා එතනින් හොඳටම සින්දු කියන කට්ටියව ගන්න නිසා Jungkook අද ඒකට ගියේ tae ත් එක්ක.

"මන් හිතන්නේ My lo... නෑ මන් කිව්වේ කුකී තමයි හොඳටම කිව්වේ" Tae කිව්වා.

"ඕ... මන් දැනන් හිටියා මගෙ කොල්ලා දක්ෂයා කියලා."lily ආඩම්බරෙන් කිව්වා.

"හරි හරි. Lily මට බඩගිනි අනේ" Tae ව අවුස්සන්න එක්ක Jungkook Lily ගෙ උරහිසේ ඔලුව තියන් කිව්වා.

" හරි අපි යමු. ආ Tae ඔයත් එන්න Dali හදිස්සියේ රට ගියා කියලා දැන ගන්න ලැබුණා. අද මෙහෙන් කමු." lily ට අද උදේ Dali call කරලා කිව්වා එයා හදිස්සියේම රට යනවා කියලා. Tae කෑම හදන්න දන්නේ නෑ කියලා Jungkook කියල තියෙන නිසා Lily එයාටත් කන්න ආරාධනා කරා. කට්ටියම කන්න පටන් ගත්තා.

"කුකී... මට ඔයා නැතුව පාළු හිතෙයි" lily බොන ගමන් හිටපු වතුර කෝප්පය මේසෙන් තියන ගමන් කිව්වා.

"මන් දන්නවා li... ඔහ්" කියන්න ගියපු එක නැවැත්තුවේ Light ගිය නිසා.

"ඇයි මේ light ගියේ. ඉන්න මන් ඉටි පන්දමක් හොයා ගන්නම්" lily කියලා නැගිටින්න හැදුවත් Tae කතා කරපු නිසා නැවතුනා.

"මන් හිතන්නේ නැහැ ඕනේ වෙයි කියලා අපි හැමෝම කාලා ඉවර වෙලානේ කතා කර කර හිටියේ" Tae කියපු එක ඇත්ත කියන්න Jungkook ඔලුව වැනුවා.

"හරි එහෙනම්" Lily ආයෙත් පුටුවෙන් ඉඳ ගත්තා.

" මන් හිතන්නේ light නැති එකේ අද tae මෙහෙ හිටියොත් හොඳයි කියලා. දන්නේ නැති ගෙදරක් නෙවේ නේ." lily කිව්වේ මේ වෙද්දි රෑ 12 ත‍් පහු වෙන්න ඔන්න මෙන්න තිබුණ නිසා. මොකද Dali කියලා තියෙනව Tae කලුවරට බයයි කියල.

"මාත‍් හිතනවා. කොහොමත් එක්කෙනෙක් බයයි නේ කළුවරට" Jungkook හිනා වෙන ගමන් කිව්වේ Tae ව අසරණ කරලා.

මේ දෙන්නගෙ ඉල්ලීම මත Tae ගෙදර හිටියා. ඒත් Taekook ලට නම් හොඳ නින්දක් ලැබුණේ නැහැ.

උදෑසන හිරු කිරණ මුහුන සිප ගන්නවා සමග අවදි උන Tae දැක්කෙ තමන්ට තුරුලු වි නිදන් සිටින Jungkook ව. පසුව දෙදෙනාම අවදි වී පිරිසිදු වී Jungkook ගෙ ඇඳේ අපිරිසිදු වූ ඇද රෙදි ද ඒ අතරතුර සෝදා කුස්සියට ගියේ lily ව බලන්න.

"ආ ලමයි දෙන්නා Good morning!" Lily උදෑසන ආහාරය මේසයේ තබන අතරතුර කීවා.

ඇය Jungkook අසලට ගොස් ඔහුගෙ කම්මුලට හාදුවක් දි නැවත කුස්සියට ගියේ දෙන්නගෙ Coffee දෙක ගේන්න.

"මන් ඒකට කැමති නැහැ" Tae කෑම මෙසේ පුටුවකින් ඉඳ ගන්න අතර ඔහුගෙ ගැඹුරු කට හඬින් කිව්වා.

"ඔහ් ඔයා පෑන් කේක් කන්නේ නැද්ද? ඉන්න මන් lily ට කියන්නම්" Jungkook පහළ බලාගෙන කිව්වේ තමන් කැමති කෙනා කැමති ආහාරය Jungkook නොදැන සිටීම ගැන දුකකින්.

"කොහෙද යන්නේ? මන් කිව්වේ ඒක නෙවේ" Lily ට කියන්න ගියපු Jungkook ව නවත්තලා හිනා වෙමින් Tae කිව්වා.

"ආ නෙවේ ද? එහෙනම් කමක් නෑ. මොකද්ද එහෙනම්"Jungkook කුඩා දරුවෙකු මෙන් සිනහ වෙමින් කිව්වේ  ඊයේ රෑ ඔහු lily ට අනුමාන කර කිව්වේ Tae පෑන් කේක් වලට කැමති බව සහ ඒවා උදෑසන සකසන ලෙසය. ඔහුගෙ අනුමානය නිවැරැදි වීම පිළිබඳ ඔහුට විශාල සතුටක් දැනුනා.

"ඉඳ ගන්නකො මුලින්ම. ඊයේ රෑ නිසා හිටන් ඉන්න අමාරු ඇතිනේ" Tae සමච්චල් සහගතව Jungkook ට කී අතර Jungkook පුටුවේ ඉඳ ගත්තා.

"ඔන්න ලමයි මන් ඔයාලට coffee ගෙනාවා." Tae කියන්න හදපු එක නො කිව්වේ lily ආපු නිසා.

"Thankyou lily. ඒක රසයි. ඇත්තටම රසයි" Tae සිනා වෙමින් කිව්වේ ඔහු කිසි දිනෙක රස නොවිඳි මී පැණි රැසක් එහි ගැබ්ව තිබීම නිසා.

"ආ මගෙ කුකී බබා කැමතිම coffee වර්ගයක් තියේ. ඒ කිව්වට mixer එකක්. මන් ඒක හැදුවේ" Lily හිනා වෙන ගමන් Jungkook ගෙ කෙස් අවුල් කර නැවත කුස්සියට ගියා.

"ඔයාලට බඩගිනි නම් කන්න පුළුවන්" lily කුස්සියේ ඉඳන් කෑ ගැහුවේ coffee දෙන්න කලින් දෙන්නට breakfast එක දෙන්න අ මතක උන නිසා.

"හරි lily... තව ටිකකින් කන්නම්"Jungkook කිව්වා.

__TDM__Pink__

Home Town//Taekook//Where stories live. Discover now