New Friends But My Home Town...

143 36 0
                                    

"excuse me sir" Jungkook කතා කරේ පංතියේ හිටපු ගරුවරයාට. "yes, Come here" Jungkook ගුරුවරයාගෙ අවසරයෙන් පංතියට ආවා. Jungkook ට දැන් කරන්න ඕනේ දේ ගැන කිසිම අදහසක් නැහැ. එයාට ඇහුණා අනිත් ලමයි කියන දේවල් කවුද ඒ?, අළුත් ලමයෙක් වගේ, බලන්නකෝ එයා ගොඩක් sexy, මට එයා එක්ක night එකකට යන්න ඕනේ, තවත් අය බලන්නකෝ හැටි හිතන් ඉන්නේ ලස්සනයි කියලා ද දන්නේ නෑ, බලනව අර මගේ කෙල්ල අලුත් එකාව කන්න වගේ බලන හැටි, වගේ විවිධ දේවල් කිව්වා. Jungkook ට බය නැ කිව්වොත් ඒක බොරුවක්. එයා හොඳටම බය උනා. අලුත් මුහුණු 50 විතර තමන්ගෙ මුහුන දිහා බලන් ඉද්දි භයා නොහිතෙන්නේ කාටද? "ඔයා වෙන්න ඇති අලුතින් එනවා කිව්වේ?" sir කතා කරනවාත් එක්ක භයා ටික ටික අඩු වෙනවා කියලා Jungkook ට තේරුණා. "ඔව් sir ඒ මන් තමයි. මන් Jungkook"  Jungkook පිළිතුරු දුන්නා. "oh, හරි එහෙනම් ඔයාව පංතියේ ලමයින්ට හදුන්වා දීලා ගිහින් ඉඳ ගන්න." Jungkook මඳක් ඉදිරියට ගොස් පංතියට තමන්ව හදුන්වා දුන්නා.

"Good Morning!! everyone... I... I'm Jeon Jungkook. Nice to meet you all." මුල් ටික සාමාන්‍ය පරිදි මැද සෙමින් සහ අවසානය වේගෙන් පැවැසීම මගින් සියල්ලන් තේරුම් ගත්තා Jungkook බිය වි සිටින බව. Jungkook පිටි පස්සෙන්ම ඇති පෝලිමේ ගොස් ඉඳගෙන පාඩමට අවධානය යොමු කරන්න හැදුවත් එයාට බැරි වුණා. මොකද එයාගෙ හිත තවම නොසන්සුන්.

"Hey, ඉතින් ඔයාට කොහොම ද?"
"ආ.. අ මන් හොඳින්... ඔයාට කොහොමද?"
"මමත් හොඳින්, ඔයා මෙහෙ කෙනෙක් ද? මන් කිව්වේ Seoul වල?"
"නැ... ඔව් මන් මෙහෙ තමයි."
"ආ ඒක‍ හොඳයි"
"ඒක‍ නෙවේ ඔයාගෙ නම මොකක්ද?"
"මන් J-Hope, ඔයාට පුළුවන් මට Hobi කියන්න.. එතකොට මේ ඉන්නේ Yoongi. මගෙ... best friend "
"හරි hobi... Hi yoongi"
"hobi මට කන්න ඕනේ. Canteen එකට යමු."
"ආ? ඒත් ටිකකට කලිනුත්... හරි යමු. Jungkook ඔයත් එන්න අපිත් එක්ක. ඔයාට Collage එක බලන්නත‍් පුළුවන් නේ"
"හරි හියුන්ග්"

අද දවසට නියමිත Lecture ඉවර උන නිසා Jungkook හිටියේ කරන්න දෙයක් නැතුව ඒත් එයාට hobi යි yoongi කියලා යාළුවෝ දෙන්නෙක් හම්බුනා. ඒත් Jungkook එයාලට බොරු කිව්වේ. එයා මෙහෙ කෙනෙක් වගේම පෝසත් කෙනෙක් කියලා Jungkook හැමෝටම පෙන්නුවා. Hobi, Jungkook දෙන්න පලවෙනි දවසෙම හොඳ යාළුවෝ උනා ඒත් yoongi නම් ඒ තරම් කැමැත‍්ත‍ක් පෙන්නුවේ නෑ Jungkook ට. Canteen එකේදි Lily ව හම්බුනත‍් Jungkook එච්චර ගනන් ගත්තෙ නෑ. මොකද දෙන්නම කතා වෙලා ගියේ පෞද්ගලික සම්බන්ධතා Collage එකේදි නැ කියලා. Jungkook දැක්කා Lily ත‍් තවත් ලස්සන ගැහැණු ලමයෙක් එක්ක ඉන්නවා. එයාට ලස්සන ලා දුඹුරු සහ අළු මිශ්‍ර උන දිග කොන්ඩයක් තිබුණා.

__TDM__Pink__

Home Town//Taekook//Where stories live. Discover now