Don't Go But My Home Town (Pt. 2)...

96 30 4
                                    

"කූකී, ඔයා හොඳින් ද?"

"ඔව් lily දැන් අඩන එක නවත්තන්න"

"කූකී මට ඔයාව ගොඩක් මතක් උනා"

"මන් දන්නවා... මන් දැන් යන්න ඕනේ"

"please කූකී ටිකක් ඉන්න"

"lily! මන් busy මන් පස්සේ කතා කරන්නම්"

(කාන්තාවක් recod කරපු හඩපටයක් අසමින් හඩනවා.)

මේ වෙද්දි වසර එක හමාරක් පමණ වෙනවා Jungkook Seoul වලට ගිහින් YN entertainment එකට join වෙලා. නමුත් අඩු තරමින් මසකට වරක් හෝ lily සමග කතා නොකරන Jungkook ඇය කතා කරන විටද ඇය මග හැරීමට පුරුදු වෙලා හිටියා. Jungkook තම Collage වැඩ අතපසු කරීමට ද මුළු කාලයම Tae සමඟ ගත කිරීමටද පුරුදු උනා. Jungkook පිටත් වන දින Lily ගෙ ඉල්ලීම මත Taehyung Jungkook සමඟ Taehyung ගෙ පවුලට අයත් Villa එකක ඉන්න තීරණය කරා. නමුත් ගත වූ කාළයේ බොහෝ දේ සිදු වුණා. සියලු දෙනාගේ ජීවිත වෙනස් උනා. නමුත් ඒ සියල්ල පැටලුන නූල් බෝලයක් බදු උනා.

"lily... ගෙදර ඉන්නවද?" Dali lily ගෙ ගෙදර ඉස්සරහට ඇවිත් කතා කරා.

"කවුද? ඉන්න මන් එනවා" මඳක් ඉදිරියට නෙරා ආ බඩක් දරා ගත් කාන්තාවක් පැමිණ දොර ඇරියා.

"ආ lily මන් ඔයාට... Lily! ඔයා මේ... ඔයා හොඳින් ද?" ඔව් ඒ කාන්තාව Lily. දොර ඇරීම සමග ඇතුලට පැමිණි Dali ට දකින්න ලැබුනේ මීට වසරකට පමණ පෙර දැකපු ඒ සුන්දර තරුණිය නෙවේ. ඉදිරියට නෙරා ආ උදරයක් ඇය මෙන්ම එක ඇයගේ පිරුණු තොල් අද පැලී රුධිරය ඝන විඳ ඇයගේ අලංකාර දිගු කෙස් කළඹ අවුල් වි තිබීමත් ශරීරයේ ඇතැම් ස්ථාන වල ඇති රතු, දම් පැහැති තැලීම් පාරවල්ය.

"ඔ.. ඔයා.. Dali?" lily ඇහුවේ මීට වසර දෙකකට පෙර තමන් දුටු ඒ මිතුරියද යන්නයි.

"li... Lily" Dali තම කදුළු නැවැත්වීමට උත්සහ කරමින් කතා කිරීමට උත්සහ කරා. Dali ට ඇය කල වරද තෙරුන් ගැනීමට ප්‍රමාද උනා තම සොහොයුරා ගැන සිතා එසේ කලද මෙවැනි දෙයක් ඇය බලාපොරොත්තු උනේ නෑ. එයත් තම හොඳම මිතුරියට

_____♡︎

"The day you met me was beautiful
But all this is changing like this
It makes me uncomfortable

But when you remember that your hands are in the middle..." දුඹුරු පැහැති කෙස් කලඹක් ඇති කඩවසම් තරුණයෙක් coffee එකක් බොන ගමන් මිමිනුවා.

"My Love..." ඔහු කියමින් සිටි සින්දුව නතර කොට තම ඉණ වටේ බැඳෙන ශක්තිමත් අත් දෙකක්  දෙස බලමින් මද සිනාවක් පෑවේය.

තවත් කෙටි මොහොතකට පසු ඒ ශක්තිමත් අත් සහිත පුද්ගලයා අනෙක් තරුණයාව තමන්ගේ දෙසට හරවා ගත්තෙ සිප ගැනිමේ අරමුනින්.

මේ අතර,

"lily මට කියන්න මොකද්ද මේ උනේ? " Dali අසුනේ ඉඳ සිටි lily ගෙ දෑත් අල්ලා ගනිමින් කදුළු ඔහේ ගලා යාමට දි ඇසුවේ ඇය මීට වසර දෙකකට පෙර රටින් පිට වීම සහ ඇය පැමිනෙන විට සියල්ල තේරුම් ගත නොහැකි සේ පැටලී තිබීමත් නිසාය.

"හැමෝම මාව දාලා ගියා" ඇය අඩන අතරතුර ම කිව්වා.

" lily please... මට කියන්න" Dali බැගෑපත් ලෙස ඉල්ලුවා.

__TDM__Pink__

Home Town//Taekook//Where stories live. Discover now