Fate

102 23 3
                                    

~Jungkook~

තමන්ගේ හැගිම් තමාටම ගැටලුවක් උනත් ඔහු Taehyung ට ආදරය කරා. නීතිය අනුව lily උනත් නීතියක් අදාළ නොවන ඔහුගෙ සිත වෙන කෙනෙක් හා බැඳුනා. සමහර විට ඔහු lily සමඟ විවාහ නොවුනා නම් ඔවුන් සියල්ල සතුටින් ඉන්න තිබුණා. නමුත් සියල්ල බලාපොරොත්තු වූ විඳිහට ම සිදු වෙන්නේ නැහැ. එයයි දෛවය කියන්නේ. Jungkook කාටවත් නොකියා සැහැල්ලුවෙන් සිටියාට ඔහුගෙ හදවතෙහි ද බොහෝ ගැටළු තිබුණා. තම බිරිඳ? නොසිතූ අවස්ථාවක දරුවෙක්? ඔහු සියල්ල දරා ගත්තා. නමුත් Taehyung නැති අඩුව ඔහුට දරා ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඔහු කුඩා දරුවෙක් මෙන් Taehyung ව තම සිතට බැඳ තබා ගත්තා. ඔහුගෙ ජීවිතය තීරනය කරේ ඔහු ද? වරද කාගෙද? ඒ කෙසේ වෙතත් ඔහු සතුටින් මිය ගියා. ඒ Taehyung...

~Taehyung~

මුලදී Jungkook ගෙ ශරීරය ට ආකර්ෂණය උනත් කෙමෙන් කෙමෙන් ඔහු Jungkook ට ආදරය කරා. ඇත්තෙන්ම ආදරයට වඩා එහා ගිය හැගීමක්. එදින Taehyung Jungkook ව අත හැරියේ කැමැත්තෙන් නොවේ. Jungkook වෙනුවෙන් ඔහුට කල හැකි උනේ එයයි. Taehyung ට අවශ්‍ය උනේ නෑ Jungkook සහ ඔහුගෙ පවුල ඈත‍් කිරීමට තරම් ආත්මාර්ථකාමී වෙන්න. නමුත් Taehyung දැන සිටියා නම් මෙවැන්නක් ගැන ඔහු කිසි දිනෙක Jungkook අත නොහරින්න තිබුණා.

~Lily~

ඇය තම පවුල, සිහින සියල්ල අත හැර Jungkook සමඟ පැමිනියේ ඔහුගෙ සතුට වෙනුවෙන් උනත් ඇය සිතුවේ නෑ ඇය නිසා ඔහුගෙ ජීවිතය විනාශ වෙයි කියා. Lily එදින රාත්‍රියේ ඔවුන්ගේ සම්බන්ධය දැන සිටියා. Jungkook නොදැන උනත් දිනක් lily ඔවුන් සිටි villa එකට පැමිනියේ Jungkook ගෙ උපන්දින සුබ පැතුම ලෙස. නමුත් කිසිදු බිරිඳ ක් දැකීමට බිය වන දෙයක් ඇය එදින දුටුවා. එනම් Jungkook මත Taehyung සිටිනවා එසේම Jungkook බීමතින් පැමිණ සියල්ල lily ට කිව්වා. Jungkook ගෙ සතුට වෙනුවෙන් එදින lily Jungkook ට divorce එක දෙන්න ගියත් නොසිතූ ලෙස තම පියා පැමිණීමත් සමග ඔවුන්ගේ දෛවය වෙනස් උනා. Jungkook සිය දිවි නසා ගැනිමෙන් පසු lily ට Hobi හමු වූ අතර ඔවුන් විවාහ වී සතුටින් ජීවත් උනා. නමුත් lily සැමදා හදවතින් දුක් වින්දා ඇය Jungkook ගෙ ජීවිතය විනාශ කල බව සිතා.

~Hobi~

තම ආදරය වූ Suga වෙනුවෙන් ඔහු ඔහුගෙ හැඟුම් අත් හැරියා. ඔහු නොදන්නවා උනත් ඔහු විශ්වාස කරනවා Suga සහ Jimin සතුටින් ජීවත් වෙන බව. එසේම Hobi තම බිරිඳ lily ද දුව ද තම ජීවිතය මෙන් රැක ගත්තා.

Home Town//Taekook//Where stories live. Discover now