Jungkook ට college යන්න පරක්කු උනත් කොහොම හරි Lecture එකට කලින් college එකට ඇවිත් හෝල් එකට ගියා. කවදාවත් නැතුව හෝල් එකේ අද ලමයි ගෙන් පිරිලා තිබ්බ. Jungkook ට ඉන්න තැනක් Hobi, Yoongi දෙන්නා තියාගෙන හිටියේ නැත්තම් Jungkook ට ඉන්න තැනක් නැති වෙනවා. Jungkook යනවාත් එක්කම වගේ Lecturer හෝල් එකට ආවා.
"Jungkook මොකෝ බන් මෙච්චර පරක්කු උනේ?" hobi Jungkook ගෙන් අහුවෙ කවදාවත් පරක්කු වෙන්නේ නැති කෙනා අද පරක්කු නිසා.
"අහන්න එපා hobi, මූ උදේම lily එක්ක මොනා හරි කරන්න ඇති." Suga hobi ගෙ කරට අත දාන ගමන් කිව්වේ Jungkook දිහා අමුතු හිනාවක් දාගෙන.
Hobi එක සැරේ suga කරපු දේ එක්ක ගැස්සුන නිසා Jungkook ගෙ අත තදින් අල්ල ගත්තා. Jungkook ට hobi ගෙ හැසිරීම ගැන ටිකක් සැක නොහිතුනා මත් නෙවෙයි. ඒත් Jungkook ඒක අමතක කරන්න තීරණය කරා.
"ඒයි එහෙම දෙයක් නෙවේ, ඊයේ Job එකට ගිහින් ගෙදර එද්දි ගොඩක් රෑ උනා." Jungkook Suga, hobi ට රව රව කිව්වා.
"ඒක නෙවේ Job එක කොහොමද?" Suga ඇහුවේ Jungkook ගෙන්.
"හොඳයි ඉතින් කියන්න තරම් වරදක් නෑ." Jungkook කිව්වා.
"ඔතන ඉන්න කෙනා කියන්න බලන්න." ඒ වචනත‍් එක්ක මුළු හෝල් එකේම අය Jungkook දිහා බැලුවා. Lecturer මොකක් හරි ඇහුවා කියලා තේරුන නිසා Jungkook නැගිට්ටා.
ඒත් Jungkook ට අහපු ප්‍රශ්නේ වත් අහන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. Jungkook අත්තටම ඒ Lecturer ව දැකපු පලවෙනි වතාව මේක. Jungkook දැකලා තියෙන කඩවසම්ම තරුණයා එයා වෙන්න පුළුවන්. Jungkook ගෙ හදවත වෙලාවක වේගයෙන් සහ තවත් මොහොතක නොගැහී තිබුණා. Jungkook හරි සිහියට ආවේ මුළු හෝල් එකේම අය Jungkook ට හිනා උන නිසා. Jungkook ට කරගන්න දෙයක් වත් හිතා ගන්න බැරි වෙනවාත් එක්ක hobi Jungkook ගෙ අතින් ඇදලා පුටුවේ ඉන්දවෙව්වා.
Lecture එක ඉවර වෙනකන් හෝ hobi, suga, Jungkook ගෙන් එක වචනයක් වත් පිට උනේ නැත්තේ ආයේ කතා කරනවා දැක්කොත් කියලා. ඊටත‍් වඩා කාටවත් ඕනේ උනේ නෑ විහිලුවක් වෙන්න ලමයි ඉස්සරහා.
තුන් දෙනාම lecture ටික ඉවර වෙලා Canteen එකට ආවේ වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද මේ වෙද්දි තිබුණ රස්නෙ එක්ක කාටවත් ඕනේ කමක් තිබ්බෙ නෑ ඇග වෙහෙසවලා මොකුත් කරන්න.
YOU ARE READING
Home Town//Taekook//
FanfictionLove? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves each other according to the wishes of his teacher. But can they be happy? Then Jungkook's wife? How will their story end? Attention:- This i...