I Miss You, But My Home Town...

98 27 0
                                    

කෙමින් කෙමින් දින ගෙවී ගිය අතර සිතුවාට වඩා ඉක්මනින් Jungkook Seoul වලට යන දිනය උදා උනා.

"මට ඔයාව ගොඩක් මතක් වෙයි" lily තම දෑස් වල කදුලු පුරවා ගෙන තම ස්වාමියා බදා ගත්තෙ ඔහු නැතුව ඇයට සිටීමට අපහසු නොව බැරි බැවින් නමුත් ඔහුගෙ අනාගතය වෙනුවෙන් ඇයට එය කිරීමට සිදු උනා.

"මන් දන්නවා lily" Jungkook තම බිරිඳගෙ දෙතොල් මත කෙටි හාදුවක් තබා Tae ගෙ car එක ලඟට ගියේ Seoul යන්න වගේම Tae එක්ක ඉන්න එක ගැන සතුටින්.

"මන් මේකට කැමතියි" Tae Jungkook දෙස බලමින් කිව්වා.

"මමත්" Jungkook ද කිව්වා.

"මන් හිතන්නේ දැන් අපිට හැන්ගෙන්න ඕනේ නෑ" Tae සිනා වෙමින් කිව්වා. ඔහු එසේ පැවසුවත් ඔහු මේ පිලිබදව බියෙන් හිටියේ. ඇත්තෙන්ම මේ කල වන විට කොරියාවේ සමලිංගිකත්වය පිළිගෙන තිබුණේ නැහැ. කුඩා නගරයක ආදරය කරා මෙන් විශාල නගරයක් තුළ සිටීමට පහසු නෑ. වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න වෙනවා එසේ නැතහොත් දෙදෙනාගේම ජීවිත අනතුරේ වැටෙනව පමණි.

"Tae ඔයා හොඳින් ද?" Jungkook ඇහුවේ Tae දුකින් වගේ හිටපු නිසා.

"න්..ඔව් කුකී. ටිකක් මහන්සියි වගේ." Tae මද සිනාවක් පාමින් කිව්වා.

"එහෙනම් මම වාහනේ ගෙනියන්න ද?" Jungkook ඇහුවා.

"නැහැ කුකී තව ටික දුරක් නේ. විනාඩි පහක් වගේ. ගිහින් rest කරන්නම්" Tae කිව්වා.

දෙන්නම villa එකට ගිය අතර villa එක entertainment එක ළඟම තිබුණ නිසා Jungkook ට වෙන තැනක ඉන්න අවශ්‍ය උනේ නැහැ. විශාල නිවසක් නොවුණත් අවශ්‍ය සියලු පහසුකම් එහි තිබුණා. නගරයේ නිසා මිදුලක් නොතිබුණු අතර නවීන තාක්ෂණය මෙන්ම නවීන භාණ්ඩ බොහෝ එහි තිබුණා. ඇතැම් දෑ Jungkook දකිනා පළමු වතාව වන අතර ඇතැම් දේවල් Jungkook ට නොතිබුණත් Tae ගෙ නිවසේ තිබෙනවා ඔහු දැක තිබුණා. කාමර 2 කින් සමන්විත වූ නිවස කුඩා නමුත් අලංකාර සාලයක් සහ කුස්සියකින් සමන්විත උනා.

"කුකී ඇහැරෙන්න" ඇදේ නිදා ගෙන සිටි Jungkook ඇහැරවන්න Tae උත්සාහ කරා.

"කුකී... Jimin එනවා කිව්වා."Tae කිව්ව නමුත් Jungkook ඇහැරුනේ නැහැ.

" කුකී අනේ. කෝ ඇහැරෙන්න" නැවත වරක් Tae කතා කරා.

Home Town//Taekook//Wo Geschichten leben. Entdecke jetzt