Intro 💚

103 13 38
                                    

හලෝ ළමයි.. කොහොමද ඉතින් ඔයාලට?

ඔන්න මන් පොරොන්දු වුණ විදිහට ට්‍රිපල් එස් ඇනිවසරි එකට ඔයාලගේ තෑග්ග අරගෙන ආවා. මන් අද කතාව පටන් අරගෙන නත්තල් දවස ඇතුළත ඉවර කරනවා. කතාව short chapters තියෙන චූටි ම චූටි කතාවක් කියලා දන්නවනේ.

කතාව කියවන්න ආවට මෙතන ඉන්න ගොඩක් අය SS501ලා ගැන දන්නේ නෑ නේද?
ඒ නිසා මන් SS501 ගැනයි අපේ මේන් කැරැක්ටර් එක, ක්‍යු ඔප්පා ගැනයි පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒ දේවල් නැතුව කතාවේ හරිම අදහස තේරුම් ගන්න බැරි වෙයි නැත්නම්.

.
.
.

SS501 කියන්නේ 2nd generation බෝයි ගෘප්ස් අතරින් හිටපු ප්‍රසිද්ධ ම ගෘප් එකක්. 2005 debut වුණ එයාලා 2010දී වෙන් වෙනවා එයාලගේ කන්ට්‍රෑක්ට් ඉවර වුණ නිසා. ඊටපස්සේ මෙම්බර්ස්ලා පස් දෙනා ම සෝලෝ ආටිස්ට්ලා විදිහට debut වෙනවා. ආපහු 2016දී මෙම්බර්ස්ලා තුන් දෙනෙක්, යොන්ග් සෙන්ග් ඔප්පා, ක්‍යු ඔප්පා, හ්‍යුන්ග් ජුන් ඔප්පා එකතු වෙලා Double S 301 කියලා සබ් යුනිට් එකක් විදිහට කම්බැක් එකක් කළා. ඒත් 2017දී ආපහු එයාලා inactive වුණා ජුන් ඔප්පා මිලිටරි ගියපු නිසා. ඉතින් හැමදාමත් ට්‍රිපල් එස්ලා, ඒ කියන්නේ SS501ලගේ ෆෑන්ස්ලා, බලන් ඉන්නේ ආපහු එයාලා එකතු වෙනකන්.

කිම් ක්‍යු ජොන්ග් එහෙමත් නැත්නම් ට්‍රිපල් එස්ලා හැමෝම අතර ප්‍රසිද්ධ විදිහට ක්‍යු ඔප්පා තමයි SS501ලගේ center

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

කිම් ක්‍යු ජොන්ග් එහෙමත් නැත්නම් ට්‍රිපල් එස්ලා හැමෝම අතර ප්‍රසිද්ධ විදිහට ක්‍යු ඔප්පා තමයි SS501ලගේ center. වයසින් වගේ ම තවත් ගොඩක් දේවල්වලින් මෙම්බර්ස්ලා අතරින් එයා හරි මැද ඉන්න නිසා තමයි ඒ නම එයාට ලැබිලා තියෙන්නේ.

මගේ අදහසට අනුව නම් SS501ලගෙන් කරුණාවන්ත ම හදවතක් තියෙන්නේ එයාට. එයා ගැන විස්තර කරන්න ඇත්තටම මන් ළඟ වචන නෑ. එයා හැම තිස්සෙම අනිත් මෙම්බර්ස්ලා ගැන, ෆෑන්ස්ලා ගැන හරියට හොයලා බලනවා, එයාලා ගැන හිතනවා. පුංචි උදාහරණයක් ගත්තොත් මේ අවුරුද්ද මුල වින්ටර් එක ඉවර වෙනකන් ම එයා හැමදාම වගේ උදේට ට්විටර් පෝස්ට් එකක් දානවා "Be careful not to catch a cold" කියලා. ඒ වගේ චූටි චූටි දේවල් ගොඩකින් ක්‍යු ඔප්පා ට්‍රිපල් එස්ලා හැමෝගෙම හිත් දිනාගෙන ඉන්නේ. ඒ වගේ ම අනිත් මෙම්බර්ස්ලගේ වැඩවලටත් ගොඩක් සපෝට් කරනවා.

Just One Word || KKJ [Completed] Onde as histórias ganham vida. Descobre agora