03 💚

31 10 24
                                    

ඔව්.. මේ වහින්නේ මේ අවුරුද්දේ පළවෙනි හිම වැස්ස. අත දික් කරලා තවත් හිම පියල්ලක් අතට අරගෙන මන් ආපහු ෆෝන් එක පැත්තට හැරුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක් මගේ මුළු හිත ම වහගනිද්දි. ඒ සතුට නිසා ම මාස්ක් එක නිසා කාටවත් පෙනුනේ නැතත් මගේ මූණේ තිබ්බේ ලොකු ම ලොකු හිනාවක්.

"ඔයාලා දන්නවද? මේ කොරියාවේ පළවෙනි හිම වැස්ස. කොරියාවේ අයට පළවෙනි හිම වැස්ස ගොඩක් විශේෂයි. අපි විශ්වාස කරනවා පළවෙනි හිම පතනය වෙලාවට අපි ඉන්නේ කාත් එක්ක හරි නම් ඒ කෙනත් එක්ක අපිට ජීවිතේ ගොඩක් කල් එකට ඉන්න ලැබෙනවලු. නේ ට්‍රිපල් එස් යොරොබුන්.. ඒකේ තේරුම මන් දැන් ඉන්නේ ඔයාලත් එක්ක නිසා අපිට තව ගොඩක් කාලයක් මේ විදිහට එකට සතුටින් ඉන්න පුළුවන් වෙයි. "

හිතේ තිබ්බ සතුට මන් ඒ විදිහට වචනවලට පෙරළද්දි ට්‍රිපල් එස්ලගෙන් එන කමෙන්ට්ස් මාව තවත් සතුටු කළා. ඇස්වල පිරිලා නලියන කඳුළු කැට නිසා හැමදේම පෙනුනේ බොඳ වෙලා වුණත් මන් පුළුවන් තරම් කමෙන්ට්ස් ඔක්කොම කියවන්න උත්සාහ කළා. මේ තරම් වෙලාවක් මට අමතක වෙලා තිබ්බ වැදගත් දෙයක් මට මතක් වුණේ ඒ කමෙන්ට්ස් අතරේ තිබ්බ එක කමෙන්ට් එකක් නිසා.

"අාහ් යොරොබුන්.. තව දෙයක් තියෙනවා කියන්න. කොරියාවේ අපි විශ්වාස කරන විදිහට පළවෙනි හිම වැස්ස දවසට අපි කරන ප්‍රාර්ථනා ඒ විදිහට ම ඉෂ්ට වෙනවලු. ඉතින් ඔයාලත් ඔයාලා කැමති ප්‍රාර්ථනාවක් කරන්න. මාත් කරන්නම්. "

කලින් කියපුවා කිව්වේ කොරියන්වලින් විතරක් වුණත් මන් මේ පාර පුළුවන් විදිහට වචන අහුල අහුලා හරි ඒක ම ඉන්ග්ලිෂ්වලිනුත් කිව්වේ ලයිව් එක බලන කොරියන් තේරෙන්නේ නැති ෆෑන්ස්ලා වෙනුවෙන්. ඊටපස්සේ ඇස් දෙකත් පියාගෙන මන් ප්‍රාර්ථනා කළේ එදා ඉඳන් අද වෙනකන් ම මන් හැමදාම ප්‍රාර්ථනා කරපු දේ.. මට ආදරේ කරන හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. මන් දන්නවා මගේ එක වචනයක්, මගේ එක හිනාවක් හොඳටම ඇති එයාලට සතුටු වෙන්න. ඒ නිසා ම එයාලගේ සතුට වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා කියලත් මන් ඒ එක්කම හිතාගත්තා.

තවත් සෑහෙන වෙලාවක් සින්දු කිය කිය, එක එක දේවල් ගැන කතා කර කර ඉඳලා අන්තිමට මන් ලයිව් එක නවත්තන්න ඕනේ කියලා හිතුවේ වටෙන් පිටින් ලාවට අඳුරු වීගෙන අහස තවත් හිම වැස්සකට අර අඳිද්දි. ඇත්තටම ඒ වෙනකොටත් මන් පැය දෙකකට ළං වෙන්න ලයිව් එක කරලා තිබ්බා. තවත් විනාඩි පහක් විතර කතා කරලා ලයිව් එක ඉවර කරපු මන් පාක් එකේ ඉඳන් ම සෙල්ෆි එකක් ගහලා ඉන්ස්ටා පෝස්ට් කළේ ලයිව් එක මිස් වුණ ෆෑන්ස්ලා වෙනුවෙන්. හිතට ආපු ක්ෂණික අදහසක් නිසා මන් පෝස්ට් එකේ කැප්ෂන් එකට ' See you on next Saturday✌️ ' කියලා දැම්මේ පොඩි හින්ට් එකක් විදිහට.

ආපහු එන ගමන් ළඟ තියෙන සුපර් මාකට් එකටත් ගිහින් ගෙදරට ඕනේ කරන බඩුත් අරගෙන මන් ගෙදර ආවා. හිත සතුටින් පිරිලා ඉතිරිලා තිබ්බත් ඇඟට දැනුනු තෙහෙට්ටු ගතිය නිසා මන් ෆෝන් එකත් අරන් ඇඳට වැටුණේ කලින් පෝස්ට් කරපු ෆොටෝ එකට තියෙන කමෙන්ට්ස් බලන්න හිතාගෙන. ඒත් ඊට කලින් මන් දැක්කේ යොන්ග් සෙන්ග් හ්යොන්ග්ගෙන් තිබ්බ මැසේජ් නොටිෆිකේෂන් එක.

' ක්‍යු ජොන්ග්-ආහ්, ලයිව් එක නියමයි. '

' හ්යොන්ග් බැලුවද? '
' ඇයි එහෙනම් කමෙන්ට් කළේ නැත්තේ?'

හ්යොන්ග්ට රිප්ලයි මැසේජස් දෙකක් දාලා මන් ඉන්ස්ටා පැත්තේ ගියාමයි දැක්කේ ඒකටත් හ්යොන්ග් කමෙන්ට් කරලා කියලා.

' ඉක්මනට හම්බෙමු 🙃 '

අනේ මන්දා මේ හ්යොන්ග් නම්.. හ්යොන්ග්ගේ කමෙන්ට් එකට තිබ්බ රිප්ලයි ෆෑන් කමෙන්ට්ස් බලාගෙන යද්දි මට ඉබේටම හිනා ගියේ ඒවගේ කියලා තිබ්බ දේවල්වලට. ගොඩක් අය වෙන්න පුළුවන් කියලා එක එක දේවල් ගොඩක් ගෙස් කරලා තිබ්බත් ඒ කාටවත් ම ඇත්තටම වෙන්න යන දේ ගෙස් කරන්න පුළුවන් වෙලා නෑ. කොහොම වුණත් හෙට නේවර් නව් එකෙන් ඊළඟ සතියේ ගෙස්ට්ස්ලා ගැන ස්පොයිල් කරපු ගමන් එයාලා ඒ ගැන දැනගන්න නිසා මන් මුකුත් නො කියා තව ටිකක් ඉන්ස්ටා පෝස්ට්ස් බලලා ෆෝන් එක පැත්තකින් තිබ්බේ රෑට කෑම හදන්න යන්න.



To be continued...

Just One Word || KKJ [Completed] Where stories live. Discover now