08 💚

41 10 28
                                    

ට්‍රිපල් එස් ප්‍රසිඩන්ට්..

ට්‍රිපල් එස්ලා මට දාපු නික්නේම් එක. ග්‍රීන් පීස් කියලා මන් එයාලට දෙන ආදරේ එයාලා මටත් ආපහු දුන්නේ ඒ විදිහට. ඒත් ඒ ආදරේ වෙනස් කරන්න තරම් මට වැරදුන එක වචනෙකට පුළුවන් ද?

අනිත් අතට ජුනී කියන්නේ මට මගේ නො වන මගේ ම සහෝදරයෝ හතර දෙනාගෙන් එක්කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක කිසිම දේකට රණ්ඩු වෙන්න මට වුවමනාවක් නෑ. ඒත් ඇයි අපිට ආදරේ කරන ට්‍රිපල් එස්ල ම ඒ වගේ දේකට මග පාදන්නේ? මන් දන්නවා, ඒ පෝස්ට්ස් හැම එකක් ම ට්‍රිපල් එස්ලා විහිළුවට ශෙයා කරපු ඒවා. ඒවායින් බහුතරයක ම ඒක අත්වැරදීමක් කියලා එයාලම කියලා තිබ්බා.

ඒ කොහොම වුණත් මට දැනුනේ ලොකු දුකක්.. නෑ ඒක සමහර විට කලකිරීමක් වෙන්නැති. අනේ මන්දා මට ඒක කියාගන්න තේරෙන්නේ නෑ. ට්‍රිපල් එස් ඇනිවසරි එකට විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා හිතුන නිසයි හැමෝටම බැරි වුණත් යොන්ග් සෙන්ග් හ්යොන්ග්නුයි මායි හරි ඒ ප්‍රෝග්‍රෑම් එකට යන්න තීරණය කළේ. අපි එතන කතා කරපු දේවල් කොයි තරම් කාලයක් ගෙවිලා ගියත් අපිට කඳුළු නැතුව මතක් කරන්න බැරි දේවල්. ඒ තරම් කැපකිරීමක් කරලත් අපිට ඒකට ලැබෙන්නේ මේ වගේ ප්‍රතිචාරයක් ද?

"හ්යොන්ග්, මියුසික් වීඩියෝ ෂූටින් එක කල් දාගන්න පුළුවන් වෙයි ද සතියකින් විතර? "

මන් මැනේජර් හ්යොන්ග්ට කෝල් කළේ හිතට ආපු අර මොකක්දෝ අමුතු හැඟීම තව තවත් මගේ හිත වෙළාගනිද්දි.

"එතකොට රිලීසින් ඩේට් එක පරක්කු වෙනවනේ ක්‍යු ජොන්ග්-ආහ්. "

"ඒකට කමක් නෑ හ්යොන්ග්. "

"කරේ, මන් ඩිරෙක්ටර්ට කතා කරලා බලන්නම් එහෙනම්. "

"කුමාවොයෝ හ්යොන්ග්. "

හ්යොන්ග්ගේ කෝල් එක ඉවර වෙනවත් එක්කම වගේ ඕඩර් කරපු කෑම ටික ආවත් දැන් නම් මට කන්න කිසිම වුවමනාවක් නෑ වගේ. ඇත්තම කිව්වොත් මගේ බඩගින්නත් නැති කරලා දාන්න හිතේ තියෙන අර අමුතු හැඟීමට පුළුවන් වෙලා. කෑම ටික කිචන් එකෙන් තියලා මන් බලන් හිටියේ මැනේජර් හ්යොන්ග්ගෙන් උත්තරයක් ලැබෙනකන්. ටික වෙලාවකින් හ්යොන්ග්ගෙන් ආපහු කෝල් එකක් එද්දි මන් ඒක ආන්සර් කළේ දැන් හ්යොන්ග්ගේ ප්‍රශ්න පත්තරේටත් උත්තර බඳින්න වෙන බව දැන දැනමයි.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now