11 (Final) 💚

50 9 26
                                    

මන් ගෙදර ඇවිත් දවස් නවයක් ගෙවිලා ගියේ විනාඩි නවයකටත් වඩා වේගෙන්. ඒත් කොච්චර වේගෙන් කාලය ගෙවිලා ගියත් මේ දවස් ටිකේ මන් ගත කරපු හැම තත්පරයක් ම මගේ ජීවිතේට ලස්සන මතක විදිහට එකතු වුණේ මගේ පවුලේ අය නිසා.

කාලෙකින් මට ලැබුණු නිවාඩුවෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. ගොඩක් තැන්වල ඇවිද්දා. මන් මගේ සීමා මායිම් පැත්තකට දාලා හිතේ හැටියට මගේ නිදහස වින්දා. වෙනදා වගේ ම ඒ හැම චූටි මොහොතක් ම මගේ කැමරාවේ සටහන් කරගන්න මන් අමතක නො කළත් ඒ කිසිම දෙයක් මන් ශෙයා කළේ නෑ. ඇත්තටම එදා සිද්ධියෙන් පස්සේ මේ වෙනකන් මන් අඩු තරමේ සෝශල් මීඩියා පාවිච්චි කළේවත් නෑ. මොකද මන් වෙනදට ඒවයින් හොයන සතුට මගේ පවුලේ අයගෙන් මට ඕනෑවටත් වඩා ලැබුණා.

අපි ගෘප් එකක් විදිහට හිටපු කාලේ අපිට කවදාවත් නත්තලට නිවාඩුවක් ලැබුණේ නෑ අවුරුද්ද අන්තිමට තියෙන අවෝඩ් ෂෝස් නිසා. සෝලෝ ආටිස්ට්ලා වුණාට පස්සේ කලින් තරම් අවෝඩ් ෂෝස් නිසා බිසී වුණේ නැතත් අවුරුද්ද අන්තිමට කරන්න ඕනේ තරම් වැඩ අපිට තිබ්බා. ඒ නිසා ගොඩක් වෙලාවට ඉඩක් ලැබුණේ නත්තල් දවස විතරක් පවුලේ අය එක්ක ගත කරන්න විතරයි. ඒ වුණත් පහුවදාට තියෙන ෂෙඩියුල්ස් නිසා ගොඩක් අවුරුදුවල නත්තල මන් ගත කළේ සෝල්වල තනියම. පුළුවන් අවුරුදුවලදී ඔම්මලා මාත් එක්ක නත්තල් සමරන්න සෝල්වලට ආවා. මේ පාර අපේ ගෙදර ම ඉඳගෙන නත්තල් සමරන්න පුළුවන් වුණ එක ගැන මන් ඉන්නේ හරිම සතුටින්. අපි හැමෝම එකතු වෙලා අපේ ගාඩ්න් එකේ ලොකුම ලොකු හිම බබෙකුත් හැදුවා, හරියට ඉයුන්හායි මායි පොඩි කාලේ කළා වගේ. මේ හැමදෙයක් ම එක්ක සෝල්වල කාර්යබහුල ජීවිතෙන් මිදිලා කාලෙකට පස්සේ මන් ආපහු ජීවත් වෙනවා වගේ දැනෙනවා මට.

හැමදාම මෙහෙම ඉන්න තියෙනවා නම්..

මන් කල්පනා කළේ නත්තලට දවස් දෙකකට පස්සේ රෑ ගාඩ්න් එකේ ඉඳගෙන. තවත් කල් මෙහේ ඉන්න ඕනේ වුණත් අනිවාර්යයෙන් මන් හෙට උදේ සෝල් යන්න ම ඕනේ අලුත් සින්දුවේ වැඩවලට.

"සම්තොන්.. "

කල්පනා ලෝකයක අතරමන් වෙලා හිටපු මන් ඒකෙන් මිදුණේ එකපාරට ඇහුන මගේ කොලු පැටියගේ කටහඬ නිසා. ඔම්මගේ අතින් අල්ලගෙන දොර ගාව හිටගෙන හිටපු එයා ඔම්මගේ අත අතෑරලා මට හිතන්නවත් වෙලාවක් නො දී දුවගෙන ඇවිත් මගේ ඔඩොක්කුවට පැනලා හොඳට හරිබරි ගැහිලා වාඩි වුණා.

"සම්තොන්, අල බලන්නකෝ අපේ හිම බබා කැදිලනේ. "

බබා එයාගේ චූටි අත දික් කරපු පැත්තට ඇස් හරවපු මන් දැක්කේ බාගෙට කැඩුණ හිම බබා හඳ එළියට දිලිසෙන හැටි. පහුගිය දවස් දෙක පුරා එක දිගට තිබ්බ හිම වැස්ස නිසා හිම බබාගේ උඩ කොටස කැඩිලා විනාස වෙලා තිබ්බත් තාමත් යට කොටස තදින් පොළොව වැළඳගෙන හිටියේ කවමදාවත් හිම බබාව සම්පූර්ණයෙන් ම කැඩිලා විනාස වෙන්න ඉඩ නො දෙන බව කියන්න වගේ.

"ඒත් බලන්නකෝ පැටියෝ, හිම බබා සම්පූර්ණයෙන් ම කැඩිලා නෑනේ. අපිට පුළුවන්නේ ආපහු හිම බබාව අලුතෙන් හදන්න. "

"සම්තොන්, අපි ඒනම් කැදුන හිම බබාව ආපහු හදමු ද? "

"සම්චොන්ට හෙට යන්න වෙනවනේ. බබා ඔම්මලා එක්ක ආපහු දවසක හිම බබාව හදන්නකෝ. හදලා සම්චොන්ටත් ෆොටෝ එකක් එවන්න ඕනේ, හොඳ ද? "

මන් උත්තර දුන්නේ ජිල් බෝල ඇස් දෙක දල්වගෙන අහපු ඒ චූටි හිතේ තියෙන බලාපොරොත්තු එකපාරට නැති කරලා දාන්න බැරිකමට.

මේ වෙනකොටත් සින්දුවේ වැඩ ඕනෑවටත් වඩා පරක්කු වෙලා තියෙන්නේ කියලා මගේ යටි හිත දන්නවා වුණත් තාමත් මගේ උඩු හිතට ඕනේ හැමදෙයක් ම අමතක කරලා තව ටික කාලයක් මේ විදිහට ඉන්න.

ඒත්.., පොඩ්ඩක් ඉන්න.

මේ හිම බබාත් හරියට මගෙයි ට්‍රිපල් එස්ලගෙයි අතර තියෙන බැඳීම වගේ නේද? හිම බබා හඳ එළිය යට දිලිසෙනවා වගේ අපේ බැඳීමත් ලෝකෙට ම ආදරේ බෙදන්නේ හරිම ලස්සන විදිහට. ඒත් ඒ බැඳීම දැන් කැඩිලා ගිහින්, හරියට මේ හිම බබා වගේමයි. ඒත්, හිම බබා සම්පූර්ණයෙන් ම විනාස නො වී පදනම ශක්තිමත් ව තියෙනවා වගේ අපේ බැඳීමෙත් පදනම ගොඩක් ශක්තිමත්. ඉතින්, ඇයි මට බැරි ආපහු හිම බබා හදනවා වගේ අපේ පළුදු වුණ බැඳීමත් ආපහු ගොඩනගන්න?

"කුමාවෝ පැටියෝ. "

හිතට ආපු අලුත් බලාපොරොත්තුවත් එක්ක මන් ජැකට් එකේ සාක්කු අස්සෙන් මගේ ෆෝන් එක හෙව්වේ මගේ චූටි කොලු පැටියවත් තුරුළු කරගෙනමයි. ගැලරි එකේ අපි හිම බබා හදපු දවසේ ගත්තු ෆොටෝස් අතරේ එහා මෙහා ගිහින් මගේ ඇඟිලි තෝරගත්තු ෆොටෝස් පහ මන් ඉන්ස්ටා අප්ඩේට් කළේ මන් මගේ චූටි බබා නිසා තේරුම්ගත්තු පාඩමත් කැප්ෂන් එක විදිහට එකතු කරලා.

'Let's be strong like a snowman ⛄ '




The End...

A/N එකත් කියවන්න.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now