07 💚

32 8 13
                                    

පැයක් දෙකක් නිදාගන්න කියලා ඇඳට වැටුණට මට ආපහු ඇහැරෙද්දි හවස 6ත් පහු වෙලා. එහෙම්මම ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් මන් රෑට කෑමත් ඕඩර් කරලා ට්විටර් පැත්තේ ගියේ ඕඩර් එක එනකන් මට ලයිව් යන්න විදිහක් නැති නිසා.

ට්විටර්වල තනිකර ම වගේ තිබ්බේ අද උදේ ප්‍රෝග්‍රෑම් එකේදී අරගත්ත ෆෝටෝස් වගේ ම වීඩියෝස්. මන් හෙමිහිට ඒ ටික බලන්න ගත්තේ ප්‍රෝග්‍රෑම් එක ගැන ෆෑන්ස්ලගේ අදහස් දැනගන්නත් එක්ක. අපි කතා කරපු SS501 කාලේ මතක හැම එකක් ම වගේ එයාලා හරි පරිස්සමට වීඩියෝ කරගෙන ශෙයා කරලා තිබ්බේ සමහර ඒවගේ ට්‍රාන්ස්ලේෂන් එකත් එක්කමයි. තව යොන්ග් සෙන්ග් හ්යොන්ග්නුයි මමයි හිනා වෙන, ඇස්වල කඳුළු පුරවන් කතා කරන ෆොටෝස් විතරක් නෙමේ අපි දෙන්නගෙම විකාර මූණු තියෙන ෆොටෝසුත් ෆෑන්ස්ලා ශෙයා කරලා තිබ්බා. අනිවාර්යයෙන් ම මේ එයාලා ගත්තු ස්ක්‍රීන්ෂොට්ස් සිය ගානකින් කීපයක් විතරක් වෙන්නැති. එක එක දේවල් කල්පනා කර කර ම ට්විටර්වල උඩ පහළ ගියපු මගේ ඇස් නැවතුනේ තවත් මගේ විකාරරූපී ෆොටෝ එකක් ගාව.

' ක්‍යු ඔප්පා SS501 බැලූන් කලර් එක වරද්දපු වෙලාවේ මන් '

ඒ පෝස්ට් එකේ කැප්ෂන් එක තිබුණේ එහෙම. ඇත්තටම ඒකේ තිබ්බේ මන් බය වෙලා වගේ බලන් ඉන්න ෆොටෝ එකක්. ඒකත් එක්ක තවදුරටත් මන් කියපු දේ කාටවත් තේරිලා නෑ කියලා හිතන එක බොරු වැඩක් කියලා මට තේරුණා. යොන්ග් සෙන්ග් හ්යොන්ග්ගෙන් අහන්න පුළුවන්කම තිබ්බත් හ්යොන්ග් කියන්නේ නෑ කියලා දන්න නිසා ම මන් තව ටිකක් ට්විටර්වල උඩ පහළ ගියේ ඇත්තටම මන් කිව්වේ මොකක්ද කියලා පොඩි හරි ඉඟියක් හොයාගන්න. අන්තිමට මට තවත් විනාඩි පහකට විතර පස්සේ මන් හොයපු දේ හම්බුනා. පෝස්ට් එකේ තිබ්බ වීඩියෝ එක ප්ලේ වෙන්න දාලා මන් ඒක අහන් හිටියේ මන් කියලා තියෙන දේ ඒ තරම් බරපතල දෙයක් වෙන්න එපා කියලා හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන්.

'... ට්‍රිපල් එස්ලා ඉස්සරහ පෆෝම් කරන්න, එයාලා අපේ එමරල්ඩ් ග්‍රීන් බැලූන්ස් වන වනා අපිට චියර් කරන විදිහ අහන්න බැරි වෙයි කියලා හිතද්දි ඒක ගොඩක් ලොකු දුකක්. '

එකම වීඩියෝ එක ආපහු ආපහු ප්ලේ කර කර දහ වතාවකට වඩා අහපු මන් හිටපු විදිහට බිම වාඩිවෙලා ම ළඟ තියෙන සෝෆා එකට හේත්තු වුණේ වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නැති අමුතු හැඟීමක් මගේ මුළු හිත ම වෙළා ගනිද්දි.

ඇත්ත.. එක වචනයක් විතරක් වුණත් ඒක මගෙන් වුණ ලොකු වැ‍රැද්දක්. ඒත් ඒ වෙලාවේ මන් හිටපු තත්ත්වය දන්නෙත් මන් විතරයි. ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් නිසා කොහොමහරි මූණේ හිනාවක් රඳවගෙන හිටියත් කලින් රෙකෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එකක් වුණා නම් මන් එතනම අඬන්න වුණත් තිබ්බා. මන් ඒ හිටපු තත්ත්වය උඩ මේ වගේ පොඩි වැරදීමක් වෙන එක සාමාන්‍යයි. යොන්ග් සෙන්ග් හ්යොන්ග් ඒක තේරුම් ගත්ත නිසා වෙන්නැති මට ඒ ගැන නො කියා කතාව මග ඇරියේ.

තවත් කිසිම දෙයක් බලන්න මගේ උඩු හිතට ඕනේ නැතත් ඇත්තම තත්ත්වය දැනගන්න යටි හිත පොරකන නිසා ම මන් ආපහු ෆෝන් එක අතට අරන් #KimKyuJong හෑෂ්ටැග් එක සර්ච් කළේ ඒකෙන් මට අදාළ පෝස්ට්ස් හොයාගන්න ලේසි වෙයි කියලා හිතුන නිසා. ඒත් එක්කම ස්ක්‍රීන් එකේ මතු වුණ පෝස්ට්ස් අතරින් මන් හෙව්වේ තවත් ඒ ගැන තියෙන පෝස්ට්ස් මොනවද කියලා. බහුතරයක් තිබ්බේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන ෆොටෝස්, වීඩියෝස් වුණත් අතරින් පතර අර වීඩියෝ එකත් එක එක විදිහේ කැප්ෂන්ස් එක්ක ශෙයා වෙලා තිබ්බා. ඒ අතරේ අපි Double S 301 කාලේ කරපු ලයිව් එකකුත් දෙතුන් වතාවක් ම ශෙයා වෙලා තියෙනවා දැක්ක මන් ඒ වීඩියෝ එකත් ප්ලේ කළේ එකපාරටම ගොඩ දෙනෙක් ඒක ශෙයා කරන්න හේතුව හිතාගන්න බැරි වුණ නිසා.

මුලින් හිතාගන්න බැරි වුණත් ඉක්මනට ම මට ඒ වීඩියෝ එකත් ශෙයා වෙන්න හේතුව තේරුම් ගන්න පුළුවන් වුණා. මට මතකයි ඒ ලයිව් එකේදි ජුනී අපේ බැලූන් කලර් එක ගැන කියලා තව පොඩ්ඩෙන් බොරුවට රණ්ඩුවකුත් පටන් ගන්නවා එතන. යොන්ග් සෙන්ග් හ්යොන්ග්නුයි මායි නො හිටින්න එයා එදා නවතින්නේ තමන්ගේ ඔෆීෂියල් කලර් එක විදිහට කොළ පාට පාවිච්චි කරන හැමෝටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා. ඒ වීඩියෝ එකේ අන්තිමට එයා කියනවා කාටහරි ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිත් එයාව හම්බෙන්න කියලා. එදා ජුනී ඒ කියපු හැමදෙයක් ම කිව්වේ එයාගේ තියෙන කටකාරකමට වුණත් දැන් ඒ දේවල් ඔක්කොම වයිරල් ගිහින් තියෙන්නේ මගේ අතින් වුණ එකම එක වචනෙක වැරැද්දට.

කලින් වෙන පෝස්ට්ස් බැලුවේ නැතත් මන් ආපහු ගිහින් ඒ වීඩියෝ එක තිබ්බ පෝස්ට්වලත් කැප්ෂන්ස් බැලුවේ ඒවගේ තියෙන්නෙත් මොනවද කියලා දැනගන්න.

' ක්‍යු ඔප්පා වෙනුවට හ්‍යුන්ග් ජුන් ඔප්පා ට්‍රිපල් එස් ප්‍රසිඩන්ට් තනතුරට 😂 '




To be continued...

~ A/N ~

- කතාවේ කියලා තියෙන Double S 301 ලයිව් එක තමයි 11 වෙනි SS501 ඇනිවසරි එක සමරන්න 301ලා කරපු වීලයිව් එක. කැමති නම් බලන්න සම්පූර්ණ ලයිව් එක eng subtitles එක්ක YT තියෙනවා.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now