02 💚

39 10 28
                                    

~ A/N ~

මේ chapter එක පුරා තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම් ලයිව් එකක්.
ඒකෙදි ක්‍යු ඔප්පා හිතින් විතරක් කියවන කමෙන්ට්ස් තියෙන්නේ තනි උඩු කොමා ඇතුළේ. එයා කටින් කියන හැම දෙයක් ම යුගල උඩු කොමා ඇතුළේ තියෙන්නේ. යුගල උඩු කොමා ඇතුළේ italic කරලා තියෙන්නේ එයා හයියෙන් කියවන කමෙන්ට්ස්.
මන් කියපු දේ තේරුණා කියලා හිතනවා.

~ Back to the story ~

නිදාගන්න ආපු අදහස එහෙම්මම අතෑරලා දාලා මන් මාස්ක් එකකුයි කැප් එකයි ජැකට් එකයි අරගෙන ගෙදරින් එළියට බැස්සේ ළඟ තියෙන පාක් එකට යන්න. පාක් එකේ වැඩිය සෙනඟ නැති හරියක් බලලා වාඩි වෙලා මන් ඉක්මනට ඉන්ස්ටා ලයිව් එකක් පටන් ගත්තා.

' අන්යොන් ඔප්පා '

' හායි ඔප්පා '

' ඔරෙන්මන්එයෝ (long time no see) ඔප්පා '

' අන්යොන්හසෙයියෝ '

' හෙලෝ ' 

' අන්යොන් ක්‍යු ඔප්පා '

ටිකෙන් ටික කට්ටිය ලයිව් එකට එකතු වෙද්දි එක දිගට ගලාගෙන එන කමෙන්ට්ස් මට ගෙනාවේ ලොකු සතුටක්. ඒ සතුට මගේ හිතේ තිබ්බ අර අමුතු හිස්තැන පිරෙව්වා. දිගින් දිගට ම ට්‍රිපල් එස්ලගේ ආදරෙත් එක්ක ස්ක්‍රීන් එක පුරා දුවන කමෙන්ට්ස් කියවන ගමන් ම මන් අත වන වනා බලන් හිටියේ සෑහෙන තරමක් ෆෑන්ස්ලා ලයිව් එකට එකතු වෙනකන්.

"අන්යොන් අන්යොන්. හෙලෝ. කොනිචිවා. අන්යොන්. හෝලා.. "

"ඔරෙන්මන්එයෝ යොරොබුන්. පොගෝෂිප්තා (miss you) මියාන්හෙයෝ ඔයාලව බලන්න එන්න පරක්කු වුණාට. මේ දවස්වල මන් අලුත් සින්දුවක වැඩ නිසා ටිකක් බිසී.. "

මන් සින්දුව ගැන කිව්වා විතරයි මුළු කමෙන්ට්ස් සෙක්ෂන් එක ම ඒ ගැන අහපු කමෙන්ට්ස්වලින් පිරෙන්න ගත්තේ තත්පර දහයක්වත් යන්න කලින්. හැමදාම ෆෑන්ස්ලා මට, මගේ වැඩවලට දෙන මේ ආදරේ තමයි මාව ජීවත් කරවන්නේ. ඒ නිසා ම සින්දුවේ චූටි කොටසක් කියලා මන් ආපහු ෆෑන් කමෙන්ට්ස් හයියෙන් කියවන ගමන් කතා කරන්න ගත්තේ නැත්නම් මට මෙතන මුළු සින්දුව ම කියවෙයි කියලා හිතුන නිසා.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now